IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අ’පුර රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක්

(බී.ජී.චතුරංග )

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව, එම කිඹුලා විසින්  ඇද ගෙන යන අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී ඇති අතර  දැඩි ලෙස තුවාල ලැබූ  එම රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ. 

මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ, එලි මහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි දමිල ජාතික රැදවියෙකි.. 

මෙම රඳවියා ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව   ඊයේ (22) රාත්‍රී වගා කටයුතු වල නිරත වෙමින් සිටියදී, උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලෙකු මෙම සිරකරුගේ කකුලෙන් අල්ලා මල්වතු ඔයට ඇද ගෙන ගොස් ඇති බව  බන්ධනාගාර නිලධාරියකු පැවසීය.

කිඹුල් ප්‍රහාරයට ලක්වූ එම රැඳවියාගේ එක් අතකට, කකුලකට සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර එම තුවාලකරු  අනුරාධපුර ශික්ෂණ  රෝහලේ 11 වන වාට්ටුවට ඇතුලත්  කිරීමෙන්  අනතුරුව  අද (23දා) උදෑසන  ශෛල්‍ය කර්මයකට භාජනය  කෙරිණි.

එම රැඳවියා මල් අතු ඔයේ දියේ නාමින් සිටියදී මෙම කිඹුල් ප්‍රහාරයට ලක්වූ බවට ලැබුණු තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී උසස් බන්ධනාගාර නිලධාරියකු එය ප්‍රතික්ෂේප කල අතර එම සිර කඳවුරේ  වගා කටයුතු කරමින් සිටියදී ඊයේ රාත්‍රී එම  කිඹුල් ප්‍රහාරය එල්ල වූ බවද සඳහන් කලේය.

 



අදහස් (0)

අ’පුර රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site