IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිමිනම ඝාතනයට පැමිණි මෝටර් රිය ගිනිගනී ?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගායාන් සූරියආරච්චි)

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද 23 සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.

හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අපවත් වූ මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනේගම විහාරස්ථානය කරා වැඩම කරවීම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ටී පනස්හයේ ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.

මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවසීය.

ඝාතකයන් පැමිණි මෝටර් රථය සවිකර තිබූ ලියාපදිංචි අංකය හිමි මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත. එම වාහනය  කිසිවකුටත් ලබා නොදෙන බවත්  මැටරියක්  මාරුකර  අලුත්වැඩියක් සඳහා පානදුරේ ගරාජයක යොමු කළ බව වාහනයේ හිමිකරු පොලිසිය කියා ඇත.

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

 

----------------------------------------

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක ඝාතනය කිරීම සදහා පැමිණි බවට සැක කෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයක් කඩුවෙල ප්‍ර දේශයේ සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවෙන බව පොලිසිය පවසයි.

එම හිමිනම ඝාතනය සදහා සැකකරුවන් පැමිණි මෝටර් රථය දැයි තවමත් සැකයක් පවතින බව පොලිසිය පවසයි.

 



අදහස් (3)

හිමිනම ඝාතනයට පැමිණි මෝටර් රිය ගිනිගනී ?

Rata Perata Tuesday, 23 January 2024 06:59 PM

පේනවනේ... මේවා හොඳට සැලසුම් කරපු, අනුග්‍රහය ලැබෙන අපරාධ...!

:       0       0

Ratne Tuesday, 23 January 2024 07:52 PM

යුක්තිය....?

:       0       0

Siri Wednesday, 24 January 2024 12:40 AM

රටපුරා පොලිසිය දාලා දැන් දවස්ගණනක්ම එක දවසට දාහ ගණනේ වගේ අපරාධකාරයින් අල්ලනවා. ඒ වුණාට අපරාධ කාරයෝ ඔවුන්ගේ විරුද්ධවාදීන් තැන් තැන් වල දෙන්න තුන්දෙනා ගානේ වෙඩි තියතියා මරා දානවා. අතු කොච්චර කැපුවත් මුඳුන් මුල කපන තෙක් රූස්ස ගස් මැරෙන්නේ නැහැ ගොයියෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site