යාඩෙන් වෙතින් එන්නත් 10ක් හදලා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ’’ යාඩෙන් ’’ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය එන්නත් වර්ග දහයක් නිපදවන බව එම සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ ශෂීමාල් දිසානායක මහතා පවසයි. 14 September 2023
හැටන් - කොළඹ පාරට ගසක් වැටේ:හතරක් රෝහලට හැටන්- කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල කිරිමණ්ඩල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල පොලීසිය පවසයි. 13 September 2023
දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අවසන් දුම්රිය රියදුරු සංගමය පෙරේදා (11) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව එම සංගමය අද (13) රාත්‍රී නිවේදනය කළේය. 13 September 2023
ගණේමුල්ලේ සංජීව කටුනායකදී අල්ලයි ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 13 September 2023
මෙක්සිකෝවෙන් එළියට ආ පිටසක්වල ජීවීන් පිටසක්වළ ජීවින් සහ පියාඹන පීරිස් පිළිබඳ අධ්‍යනය කරනු ලබන විශේෂඥයකු පේරු රාජ්‍යයෙන් සොයා ගත් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු දෙකක් මෙක්සිකෝවේ අගනගරය වූ මෙක්සිකෝ සිටි හිදී පිටසක්වළ ජීවින් පිළිබඳව පැවති කොංග්රස් සභා විභාගයක් අතරතුරදී නිරාවරණ කළේය. 13 September 2023
හරක්කටාට උදව් කළ පී.සීගෙන් ඥාතීන්ට දුරකතන ඇමැතුමක් හරක් කටාටා උදව් උපකාර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයාන පොලිස් කොස්තාපල්වරයා විදේශ රටක සිට ඔහුගේ ඥාතීන්ට දුරකතනයෙන් කතාකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 13 September 2023
හරක් කටාගෙන් ප්‍රශ්න කළ හතකට මාරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටාගේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කළ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් හත් දෙනකු විමර්ශන අවසන් වනතෙක් අද (13) සිට එම ඒකකයෙන් ඉවත් කර වෙනත් අංශ වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 13 September 2023
හෝටලයේ කුණු ගඟට දමන අයුරු පෙන්නූ තිදරු පියා හදිසියේ මරුට බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට බැහැර කරන අපද්‍රව්‍ය පෙන්වීමට ගිය තිදරුපියකු හදිසියේ රෝගාතුර වී අද මිය ගියේය. 13 September 2023
ත්‍රස්ත විරෝධී ගැසට්ටුව දින කීපයකින් එළියට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය ඇතුලත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 13 September 2023
අද දුම්රිය ගමන් වාර 139 ක් අවලංගු කරයි දුම්රිය රියදුරු වැඩවර්ජනය හේතුවෙන් අද (13) දිනය තුළ දුම්රිය ගමන් මහර 139 අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය. 13 September 2023
වර්ජිත දුම්රිය රියදුරන් ගෙදර? දුම්රිය සේවය ගැසට් නිවේදනයක් හරහා අත්‍යවශ්‍ය සේවා කර තිබියදී වර්ජනයේ නිරතව සිටින රියදුරන් 84 ට සේවය අතහැර ගියා සේ සළකන බවට ලිපි යොමු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (13) පස්වරුවේ පැවසීය. 13 September 2023
වටගොඩ දී දුම්රියක් පීළි පනී උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, වටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද සවස දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 13 September 2023
මෙවර රාජ්‍ය සම්මාන නිර්දේශකයන්ටත් මුදල් තෑගි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවවලදී මෙපමණ කලක් මූල්‍යමය තිළිණ සම්මාන ලැබූ කෘතියට පමණක් හිමි වුවද මෙවර හෙට (14) පැවැත්වෙන සම්මාන උළෙලේදී නිර්දේශයන් සඳහා මුදල් තිළිණ පිරිනැමීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. 13 September 2023
පස්වරුවේ දුම්රිය ගමන් වාර 37ක් දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය පැවතුණ ද අද (13) පස්වරුවේ දුම්රිය ගමන් වාර 37 ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 13 September 2023
දුම්රිය වර්ජනය තව දුරටත් දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කරන වර්ජනය තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වර්ජනය පිළිබඳව හෝ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිඳු පාර්ශවයක් ආරාධනා කර නොමැති බවත් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා මීට සුඵ මොහොතකට පෙර පැවසීය. 13 September 2023
හරින්ට එරෙහි විමර්ශන අවසන් කරන්න පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් පුනාන්දු මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අවසන් කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දි ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 13 September 2023
මියගිය- ආබාධිත රණවිරුවන්ගේ බිරියන්ට ජීවිතාන්තය දක්වා දීමනා යුද සමයේ දී ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා හිමි දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 13 September 2023
සමෘද්ධි නිලධාරීහූ පාරට එති සමෘද්ධි සේවක ඊ.පී.එෆ්. රැකගැනීමේ මෙහෙයුම් කමිටුව එහි සේවකයන්ගේ ඊ.පී.එෆ්. රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (13) විරෝධතාවක් පැවැත්වීය. 13 September 2023
සයිබර් ප්‍රහාරය ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක් මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින් කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අද (13) ආරම්භ කළේය. 13 September 2023
කිඹුලා බනිස 34600 කට වෙන්දේසි වෙයි දඹුල්ල ‘ජවය තරුණ සංවිධානය’ දින තුනක් පුරා පවත්වන්නට වූ නාට්‍ය සංදර්ශන මාලාව සහ භාණ්ඩ සල්පිල් වෙන්දේසියේදී කිඹුලා බනිස් ගෙඩියක් රු 34600 ක මුදලකට ලබාගැනීමට ජ ර් මන් ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේදී සමත් වී තිබේ . 13 September 2023
චැනල් ෆෝ ගැන මෛත්‍රීත් කට අරී පාස්කු ඉරුදින ප්‍රහාරයේදී ඇත්තටම සිදුවී ඇත්තේ කුමක් දැයි චැනල් ෆෝ වීඩියෝවෙන් ඕනෑම කෙනකුට හොඳටම තේරුම් යන බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 13 September 2023
ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිපියක් රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 13 September 2023
හොරපේදී මියගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිත් ඉඳුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලට රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 13 September 2023
අඹතලේ ඉන්ධන හල අත්හිටුවයි මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය. 13 September 2023
රටට ඩොලර් ගේන ගමක් හම්බන්තොට හදයි ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් සඳහා රටවල් ගණනාවකින් ඇනවුම් ඉදිරිපත්ව ඇති බැවින් තුන්වන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාව හම්බන්තොට මුරවැසිහේනේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදාගනිමින් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. 13 September 2023
සිංහල අවුරුද්දෙන් පසු ප්‍රධාන පක්ෂයක් අතුරුදන් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට පවතින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 13 September 2023
උක් වගාවට ඩ්‍රෝන තාක්ෂණය හිගුරාණ සීනි කර්මාන්ත ආයතනය පවත්වාගෙන යන ගල්ඔය වැවිලි සමාගම විසින් ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් උක් වගාවේ කටයතු නීරික්ෂණය සහ පලිබෝධක නාශක ඉසීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. 13 September 2023
ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි ඉන්ධන මිල ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා අද (13) පැවසීය. 13 September 2023
විශ්‍රාම වැටුප් ගොළු වෙලා බොහෝ රාජ්‍ය ආයතනවල දුරකතන අංකවලට ඒවායේ නිලධාරීන් ප්‍රතිචාර නොදැක්වීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව ජනතාව චෝදනා කරති. 13 September 2023
සෞඛ්‍ය ඇමතිට - ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට එම තනතුරුවලින් ඉවත්වන ලෙස බල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරවරුවේ සත්‍යග්‍රහයක් අද (13) ආරම්භ කළේය. 13 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026