IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කනිෂ්ඨ නීතිඥයාට වට කර පහර දීලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු නීතිඥවරියන්   ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දහක් බලා සිටියදී  පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් අද (25 ) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව  පොලිසිය කියයි .

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නිට්ටඹුව  ප්‍රදේශයේ පදිංචි තරුණ නීතිඥවරයෙක් බව පොලිසිය සඳහන් කරයි .

 පැමිණිලිකාර නීතිඥවරයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් යටතේ සේවය කර ඇතැයි ද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරී කරමින් සිටිය දී  දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික අරාවුලක් මත බහින්බස් වීමක් සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .

එදින ම දහවල් නීතිඥවරියන් දෙදෙනෙකු හා එක් නීතිඥ වරියකගේ සැමියා කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාටද තර්ජනය කර ඇතැයි ද හෙළි වී ඇත .

එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරී කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයෙකු පැමිණ  ඔහුගේ කාර් රථයෙන් කැඳවාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි .



අදහස් (10)

ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කනිෂ්ඨ නීතිඥයාට වට කර පහර දීලා

රංබොඩ Thursday, 25 January 2024 04:12 PM

මුදල්ම පමණක් තම ජීවන අරමුණ කරගෙන එම වෘත්තිය අන්තිම පහත් තත්ත්වයකට ඇද දමා ඇති වගට දහසකුත් එකක් කාරණා අතර තවත් එක් සිදුවීමක් පමණි...!

:       2       88

අනුරුද්ධ ලියනගේ Thursday, 25 January 2024 05:25 PM

නීතිඥයොත් මේ තරම් පිරිහෙන කොට රටේ පිරිහීම ගැන කවර කතාද?

:       1       61

චන්දන Thursday, 25 January 2024 05:40 PM

රටේ පිරිහීම මෙතැනින්ම පේනවා. ජ්‍යෙෂ්ට යැයි හිතන් ඉන්න රැකියා කරන අයගේ හැසිරීමේ එක් අවස්ථාවක් විතරයි. මෙයාගේ සාධාරණ නඩුවලට පෙනී හිටින්නේ කෙහොමද?

:       0       50

ravin Thursday, 25 January 2024 06:17 PM

නීතිය දැන දැන පාතාලයේ ක්‍රියාකාරකම් කරනවා නම් නීතියේ ආධිපත්‍යය සුරකින්නේ කොහොමද?

:       1       59

N w sisira kumara Friday, 26 January 2024 05:32 AM

නීතිය බල්ලාට ගිහින්...!

:       0       2

පැරකුම්Saturday, 03 February 2024 10:03 PM

ඒක තමයි තවමත් අනවසර ගිනි අවි තහනම් නොකරන්නේ... අවශ්‍ය නම් නීති සංශෝධනය කරලා ඔවුන්ට ඉතා දැඩි දඬුවම් දීමට කටයුතු කළ යුතුයි. එදාට අපරාධ බිංදුවටම වැටෙනු ඇත. ඒත් දේශපාලුවෝ ඊට කැමැති නැත. හේතුව දන්නේ ඔවුන්ම පමණි.

:       0       0

අබිලින් Friday, 26 January 2024 07:02 AM

ඔය සේවය කරන අයගේ කටයුතු ගැන ජනතාව එළිපිට කිසිවක් කියන්නේ නැහැ. අධිකරණ අමාත්‍යාංශය හෝ නීති විද්‍යාලය හෝ වෙනත් විශ්ව විද්‍යාලයක් මගින් සමීක්ෂණයක් කළොත් ජනතා අදහස් පැහැදිලි වේවි...!

:       0       3

Nimal Friday, 26 January 2024 07:28 AM

නීතියේ මුරපල්ලන් මෙලෙස හැසිරේ නම් අපේ රටේ නීතිය කොයිබටද?

:       0       3

රනා Friday, 26 January 2024 12:28 PM

අරගලය...!

:       0       1

AKS aththanagoda Friday, 26 January 2024 01:48 PM

නඩුවලට සල්ලි ගන්නවා, කල්දා ගන්නවා, නඩුව ඇදගෙන යනවා, මොවුන් නීතිඥයින් නොවෙයි. හොරු රැලක්...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site