IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගමේ වැව් අමුණු හදන්න මේ අවුරුද්දෙත් කෝටි 100ක්

(අංජුල මහික වීරරත්න)

කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලි පිළිසකර කිරීමට මේ වසරේ රුපියල් කෝටි  100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ.

 කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති 17,000ක  ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පසුගිය වසරේ ද රුපියල් කෝටි 100 ක් වෙන් කළ අතර වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  වාරියපොල මූණමලේ වැව, නිකවැව, බළල්ල බොරවැව, කටුපිටිවැව, නියදගලවැව, අමුණකොළේ එල්ලංගා පද්ධතිය, ගල්කන්දේගම වැව, මතඹලෑව, බක්මීවැව හා කුඩාවැව ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංචරයකද නිරත විය.

වැව් අබලන්වීම නිසා අත්හැර දමා තිබූ කුඹුරු අක්කර ගණනාවක් මේ වන විට වගා කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2024 යල් කන්නය ජලය සිදී ගිය පසු තවත් වැව් රාශියක් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට කටයුතු යොදා ඇතැයි ද වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ගොවිජන සංවිධානවල  අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය කියයි.

 



අදහස් (4)

ගමේ වැව් අමුණු හදන්න මේ අවුරුද්දෙත් කෝටි 100ක්

Kazi Shajahan Thursday, 25 January 2024 04:47 PM

දැන්ම වියදම් කරන්න එපා... සැප්තැම්බර් වලින් පස්සේ දූෂණය නැති, කොමිස් නැති නියම පිරිසිදු ලෙස වියදම් පන්නලා ඕන දේවල් හදලා දෙනවා.

:       2       2

කායිස්Friday, 26 January 2024 11:43 AM

නින්දෙන් නැගිටින්න කායිස්....!

:       0       1

චතුරි Friday, 26 January 2024 06:31 AM

අනුර කුමාර ළඟ එනකොට. පාලු වැව් උතුරනවා. දුටුගැමුණු රජ්ජුරුවන්ගෙන් පස්සේ මම හිතන්නේ... දැන් ඔයා වැව් හදන්න මතක් වුනේ. ඒකත් අනුර කුමාර කිව්ව නිසා එයාගේ ර්ස්ට ස්වයංපෝෂිත කරන වැඩ පිළිවෙල... දැන් ඒ විදියට කරන්න යනවා. මේ සේරම ඡන්දයට විතරයි... ඊටපස්සේ.... දිනුවොත්. මේවා වෙන්කර මුදල් හොයන්න. පිටරටින් කට්ටිය ගේන්න වෙයි. මේ සේරම බයිලා...! 

:       1       0

කෘෂිFriday, 26 January 2024 03:16 PM

අනුර කුමාර එයිද? එහෙනම් අනුර කුමාරයා ඇවිල්ලා කෘෂි කර්මාන්තේ දියුණු කරලා ගනී ගැනිල්ලක් අප්පට සිරි වෙන්නම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site