(මනෝප්‍රිය ගුණසේකර)
සිය සහෝදරියගේ දුක සැප බැලීමට ඉන්දියාවට ගොස් සිටියදී මියගිය සිය පියාගේ මරණය සැක සහිත බව කියමින් කළ ඉල්ලීමක් පිළිගත් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර ඔහුගේ දේහය යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.
ස්වභාවික හේතූන් මත තම සේවාදායිකාවගේ පියා මියගොස් ඇති බව ඉන්දියාණු බලධාරීන් දැනුම් දී ඇතත් පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල මෙන්ම පියා මියගිය බවට පවසන ස්ථානය පරස්පර බව පවසමින් නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
මෙලෙස යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියම කරන ලද්දේ මයිකල් ඩැනියල් ජයරාජ් මහතාගේය.
නීතීඥ අස්විද රවීන් බෙනඩික් මහතා මඟින් පෙත්සම ඉදිරිපත් කළ වත්තල කල්‍යාණී මාවතේ පදිංචි ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය තමන් සමඟ ජීවත් වු තම පියා 2023 සැප්තැම්බර් 20 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි මයිකල් වික්ටෝරියා නමැති තම සහෝදරිය බැලීමට ගියේ යැයි සඳහන් කළාය.
පියා එහි සිටියදී 2023 ඔක්තෝම්බර් 30 වැනිදා නංගිගේ සැමියා ‘වට්ස්ඇප්” පණීවුඩයක් එවමින් බඩේ අමාරූවක් සෑදී රෝහල් ගත කළ පසු මියගිය බව දැනුම් දුන් අතර පසුව යළිත් පණීවුඩයක් එවමින් ඇවිදීම සඳහා උයනට ගොස් සිටියදී රෝගීව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව දැනුම් දුන්නේ යැයිද ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය ඉන්දියානු රුපියල් ලක්ෂ 1 1/2ක මුදලක් ගෙවු පසු මෙරට ගෙන්නු පියාගේ දේහයේ නළලේ” උරහිසේ සහ අතේ තුවාල දකිත්නට තිබු බවද සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඉදිරියේ පැවැති මහෙස්ත්‍රාත් පරික්‍ෂණයේදී නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බළධාරීන් විසින් නිකුත් කළ වාර්තාවක ‘කාඩියක් ඇරස්ට්’ වශයෙන්ද එම ‘ස්වභාවික හේතූවක් මත වී ඇති වශයෙන්ද සඳහන් කර ඇතැයිද කීවාය.
පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බළධාරීන් විසින් ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් නොපැවැත්වීම සහ පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල සම්බන්ධයෙන් සැක උපදවන්නේ යැයි කී රූත් ක්‍රිස්ටිනා මහත්මිය කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර පියාුගේ දේහය යළි ගොඩගෙන ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතාගේ පැමිණිල්ලට පියාගේ සිරුර ගොඩගනී