ඉංග්‍රීසි ගුරාගේ වැඩ තහනම් කුරුණෑගල නගරයේ ප්‍ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඒ පිළිබඳව අවධානය යොමු කළ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. 14 September 2023
සමනළවැවේ කාන්දු වහන්න කෝටි 10ක වියදමක් සමනළවැව ජලාශයේ ජල කාන්දු වැසීමට රුපියල් කෝටි 10 ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 September 2023
විදුලිබලය ප්‍රතිව්‍යුහගතකරණයට කැනඩාවෙන් තාක්ෂණික සහය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතියට කැනඩා තාක්ෂණික සහය දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 14 September 2023
ඉංග්‍රීසි ගුරාට ඇප කුරුණෑගල නගරයේ ප්‍ර සිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (14) නියෝග කළේය. 14 September 2023
මැතිසබයෙන් මුදල් කොමිසමට නියෝගයක් පළාත් සභා ක්‍රියාත්මක නොවන මෙම කාල සීමාවේදී එම සභාවලට දෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය. 14 September 2023
බැංකු පනත් දෙක මාස දෙකකට පසු බලාත්මක වේ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත එම පනත් සම්මතවී මාස දෙකකට පසු අද (14) සිට බලාත්මක විය. 14 September 2023
‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකාවේ සංචාරයක ඉන්දියාවේදී ලබන ඔක්තෝමබර් මස 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරයි. 14 September 2023
බොන්න වතුර ඉල්ලා ගැමියෝ මහ පාරට බසිති ලුණුගම්වෙහෙර, පඩිකැපූ හෙල සහ සීනුක්කුව පිළිමහෙල, තම්මැන්නාව ගම්මානයන්හි ගම්වැසියන්ට බීමට ජලය ලබාදෙනලෙස ඉල්ලමින් ලුණුගම්වෙහෙර ජල සම්පාදන මණ්ඩලය අභියසට පැමිණ උද්ගෝෂණයක නිරතවූහ. 14 September 2023
උසස් පෙළ කාලසටහන මෙන්න අපොස උසස් පෙළ විභාගය 2023 ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 14 September 2023
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රට ගුවන් නියමුවන් රටේ ඇතිවූ අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් හැටකට ආසන්න පිරිසක් එම සමාගමෙන් ඉවත්ව ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග වලින් පැවසේ. 14 September 2023
ඌව වෙල්ලස්ස සරසවි අදියුරෝ විරෝධයක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරතවූහ. 14 September 2023
මිත්තනිය මිණිපිරිය මරලා 12 හැවිරිදි දැරියක කෝපායි ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන ගොස් නිදිපෙති හා ඉන්සියුලින් එන්නතක් ලබා දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 63 කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසයි. 14 September 2023
නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය. 14 September 2023
ඉන්ධන පිරවුම්හල්වලට ස්වයංක්‍රීය පොම්ප මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 14 September 2023
රැඳවියකු බය කළ සිද්ධියට හිටපු අමාත්‍ය ලොහාන්ට ඇප බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත්‍රි කාලයේ අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රදවා සිටි දමිළ ජාතික රැදවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙ 14 September 2023
හොඳම දූපත් අතරින් 13 වැනි තැන අපිට මෙම වසරේ සංචාරය කිරීමට සුදුසු ලෝකයේ හොඳම දූපත් 50 අතරින් 13 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.මෙම ශ්‍රේණිගත කිරීම සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 14 September 2023
නිර්වින්දන බෙහෙතින් මුවෝ තිදෙනෙක්ට දිවි අහිමි වේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ නිවෙසක ඇති කළ මුවන් තිදෙනකු අඩවිවන නිලධාරීන් බාරයට ගැනීමෙන් පසු නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් එන්නතකින් පසු එම මුවන් තිදෙනා මියගොස් ඇති බවට වනජීවි කාර්යාල ආරංචි මාර්ග කියයි. 14 September 2023
මිනුවන්ගොඩට නින්ද නැති රැයක් එයි මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 14 September 2023
හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක් රජයෙන් හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාර ( Poly Tunnel Growing)වල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ පහක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 14 September 2023
ගෝඨාභය නැවත දේශපාලනයට ඒම විහිළුවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසීම විහිළුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. 14 September 2023
පිටසක්වළ ජීවීන්ගේ කතාව බොරුවක්ද? මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි සෘජුව ප්‍රකාශ කිරීම වැරදි යැයි ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බ්‍රිම් මාද්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. ජෝඩන් බ්‍රිම් යනු පිටසක්වළ ජීවීන් සිටිනවාදැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි. 14 September 2023
නිවාඩුවට ගෙදර ආ හමුදා මාණ්ඩලික සැරයන් ගිනි අවිත් එක්ක මාට්ටු නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටි යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු ගිනි අවි සහ පුුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග හතරලියැද්ද අඹකොටදෙණිය ප්‍ර දේශයේදි අත්අඩංගුවට ගත් බව හතරලියැද්ද පොලිසිය පවසයි. 14 September 2023
පහේ දැරියන්ට අමුතු ඉංගිරිසියක් උගන්වලා පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 September 2023
වෙරළාරක්ෂකයේ යාත්‍රා හතක් කොට උඩ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි විසි අටකට වැඩි වටිනා නෞකා ඇතුළු යාත්‍රා හතක් කාලයක සිට අක්‍රීයව පැවතුණත් ඒවා අලුත්වැඩියා කර සේවයේ යෙදවීමට කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 14 September 2023
හරක් කටාට විශේෂ ආරක්ෂාවක් යොදවයි රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් අනතුරු හරක් කටාගේ ආරක්ෂාව තරකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 14 September 2023
බස්නාහිරට අද තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 September 2023
යාඩෙන් වෙතින් එන්නත් 10ක් හදලා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි ’’ යාඩෙන් ’’ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය එන්නත් වර්ග දහයක් නිපදවන බව එම සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්යක්ෂ ශෂීමාල් දිසානායක මහතා පවසයි. 14 September 2023
හැටන් - කොළඹ පාරට ගසක් වැටේ:හතරක් රෝහලට හැටන්- කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල කිරිමණ්ඩල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල පොලීසිය පවසයි. 13 September 2023
දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අවසන් දුම්රිය රියදුරු සංගමය පෙරේදා (11) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව එම සංගමය අද (13) රාත්‍රී නිවේදනය කළේය. 13 September 2023
ගණේමුල්ලේ සංජීව කටුනායකදී අල්ලයි ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 13 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026