IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල් කයිඩා සංවිධානයට අනුබල දුන් හතරක් අල්ලන්න රතු වරෙන්තුවක්

(රෝෂන් තුෂාර)

අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළේය.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් අනුව මෙම රතු වරෙන්තු නිකුත් කළේය.
මෙසේ රතු වරෙන්තු නිකුත් කරන ලද්දේ කල්එළිය,කලගෙඩි හේන වල ප්‍රදේශවල පදිංචිව සිට දැනට ඕස්ට්‍රේලියාව හා සිරියාවේ පදිංචි යැයි කියන පිය පුතු දෙපළට සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුටය.
ත්‍රස්ත  මර්දන විමර්ශන කොට්ඨාසය මගින් 2021 වසරේදී සැකකරුවන් දාසය දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම සැකකරුවන් අතරින් සිව් දෙනෙකුට මෙසේ රතු වරෙන්තු නිකුත් කළේය.
මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති අතර එම නඩුව මේ වන විට විභාග වෙමින් පවතී.
නඩුවේ පළමු, දෙවන ,නම වන සැකකරු හා දාසය වෙන සැකකරු මෙසේ විදේශගතව ඇති බවට දිවුරුම් පෙස්සමක් අධිකරණයට ඉදිරිපත් කරමින්  සාක්ෂි දුන් විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේය.
මෙසේ රතු වරෙන්තු නිකුත් වූයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි යැයි කියන අහමඩ් කලිල් ලුක්මාන් තලීබ්,අහමන් ලුක්මාන්ඩ් හලීන්,අබ්දුල් බාහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ්පාහීර් රිපන් නමැති පුද්ගලයින් සිව්දෙනාටය.



අදහස් (2)

අල් කයිඩා සංවිධානයට අනුබල දුන් හතරක් අල්ලන්න රතු වරෙන්තුවක්

Prabha Friday, 26 January 2024 04:29 PM

ජාතිවාදයේ පියාව අත්අඩංගුවට ගන්නෙ කවදද?

:       0       0

Bamunuarachchi Saturday, 27 January 2024 10:22 PM

හම්බයින් සමග ජාතික සමගිය සොයන මැට්ටෙකුගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site