IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෝටලයක් හදලා කෝටි දාහතරක් වතුරේ යවලා

(සුජිත් හේවාජුලිගේ )

වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හදාරන සිසුන්ගේ වැඩිදුර පුහුණු කටයුතු සඳහා අහංගම හෝටල් පාසල රුපියල් කෝටි දාහතරකට වැඩි මුදලක් වැය කර සංවර්ධනය කර තිබුණද පසුගිය වසරේ ජුනි මස 30 වැනිදා දක්වා එම හෝටලයෙන් කිසිදු ආධුනිකයකුට ප්‍රායෝගික පුහුණුව ලබාදී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙම හෝටලය නවීකරණය කර තිබුණේ 2019 වර්ෂයේදී බවද වාර්තාවේ   දැක්වේ.

මේ අතර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියෙන් විශ්‍රාම ලැබූ සේවකයන් තිස් පස් දෙනකුගෙන් එම අධිකාරියට අයවිය යුතු  රුපියල් කෝටියකට වැඩි මුදලක් පසුගිය වසරේ ජුලි මාසය වන විටත් අයකර ගැනීමට අපොහොසත්ව තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මෙම මුදල අයකරගෙන නැත්තේ පසුගිය 2013 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වූ කාලසීමාවේදී සේවයෙන් ඉවත් වී  ඇති  සේවකයන් තිස්පස් දෙනෙකුගෙන්   බවද   වාර්තාවේ  දැක්වේ.

මේ අතර එම අධිකාරියට රාජ්‍ය ආයතන තුනකින් ලැබිය යුතු ලක්ෂ පනස් පහකට වැඩි මුදලක්ද  පසුගිය වසරේ මැයි මස 31 වැනිදා වන විටත් අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරිය මුල් ළමාවිය  සංවර්ධන ව්‍යාපෘතියෙහි අරමුණට පටහැනිව පරිගණක පාඨමාලාවක් සඳහා රුපියල් කෝටියක් වැය කර පරිගණක තිහක් හා පරිගණක උපාංග මිලදී ගෙන තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (0)

හෝටලයක් හදලා කෝටි දාහතරක් වතුරේ යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site