IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාසාවෙන් මෙරටට කුඩු පැන්නූ ධීවරයින් 12ක් රිමානඩ්

(රෝෂන් තුෂාර)

ගසා දූපත් ආසන්නයේ සිට හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 75කට අධික ප්‍රමාණයක් මෙරටට ප්‍රවාහනය කළේ යැයි අත්අඩංගුවට ගත් ධීවරයාත්‍රා දෙකක ධීවරින් දොළොස් දෙනෙකු  පෙබරවාරි 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26)නියෝග කළේය.

මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සැකකාර ධීවර යාත්‍රාවේ ප්‍රධානියා විසින් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය කර ගත් බව මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

අනිකුත් ධීවරයින්ට  රුපියල් ලක්ෂ පනහ සහ රුපියල් ලක්ෂ දෙක බැගින්  ලබාදිය යුතු බවට පණිවිඩ හුවමාරු මගින් අනාවරණය කරගෙන ඇති බවද සඳහන් කළේය.

ජයසේකර පටබැඳිගේ රුක්ෂාන්,නිමේෂ් තුෂාර ඇතුළු සැකකරුවන් විදේශීය නැවකින් ධීවරයාත්‍රාවකට පටවා ඇති බවත්,එමභාණ්ඩ හුවමාරුවේදී සැටලයිට් දුරකථන භාවිතා කර පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත් එම පණිවිඩ ඔස්සේ නාවික හමුදාව විසින් පසුගිය 21 වැනි දින අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට රැගෙන ආ බවත් කරුණු ඉදිරිපත් කළේය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අත්අඩංගුවට ගත් ලක් රූ සහ ශ්‍රියාන් ධීවරයාත්‍රාවන්හි ජී පි එස් යන්ත්‍ර රජයේ රසපරික්ෂකයාට යොමු කරන ලෙස යොමුකර වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කෙරිණි.

(ඡායාරූප: හිරු හර්ෂණ)

 

 



අදහස් (0)

ගාසාවෙන් මෙරටට කුඩු පැන්නූ ධීවරයින් 12ක් රිමානඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site