
බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවර පිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා schusccr woifgamg නැමැත්තෙකි.
ඔහුගේ මව බරපතල තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.
හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා යමින් සිටියදී ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අධිවේගී අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගයේ අනතුරින් විදේශිකයා මරුට
Che Friday, 26 January 2024 10:53 AM
අධිවේග මගේ නීතිය හරියට කීයාත්මක නොවේ. රියදුරෝ වේග සීමා නොතකයි. වාහන අතර නිසි පරතරයක් තබා නොගනියි. පොලිසිය උඩ බලාගෙන හිඳියි. හරියට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අධික දඩ පැනවිය යුතුයි. එමගින් රාජ්‍ය ආදායමද වැඩිකර ගත හැකියි...
පියනන්ද Friday, 26 January 2024 11:10 AM
ලංකාවේ රියදුරන්ට අනික් ඔක්කොම තියෙනවා "විනය" සහ "මගියාගේ ආරක්ෂාව පිළිබඳ කැපවීම" ඇරෙන්න. ඔන්න තවත් ප්‍රතිඵලයක්... ත්‍රිවීල් එළවමින් ඉඳලා හයිවේ එකේ කාර් පදින්න ආපුවාමත් ඔහොම වෙනවා හැබැයි...!
චන්දන Friday, 26 January 2024 12:09 PM
අධිවේගී මාර්ගයේ යන රියදුරන් යන්නේ සාමාන්‍ය පාරක යන්න වගේ කිසිම හැඟීමක් නැහැ. සාමාන්‍ය පාරක ඉස්සර කරනවා වගේ එක පාරට දකුණට දානවා සිග්නල් ඇත්තේම නැහැ... ඉස්සර කළාට පස්සේ නැවත වමට දානවා ක්ෂණිකවම... පහු කරපු වාහනේ බ්රේක් කළේ නැත්නම් වදිනවා. පොලිසිය හැංගිලා ඉඳන් මීටරේ අල්ලන්න විතරයි ඉන්නේ... නොදකින් මෙහෙමත් පොලිසියක්. 100 ට වැඩියෙන් යාම නෙවෙයි අල්ලන්න ඕනෑ... මෙන්න මේ වගේ ඒවා. මේ විදියට දැන් ජීවිත කීයක් නැති වුණාද? සීසීටීවී තියෙන්නේ මොකටද? සල්ලිත් ගෙවලා යන පාරේ ආරක්ෂාව අන්තිමයි....!
Nuwan Lakmal Friday, 26 January 2024 12:24 PM
ඔය පහුගිය මාස 5 ක කාලය තුළ මම දැකපු ඔය ආකාරයේම 5 වෙනි රිය අනතුර ඒ සේරම වගේ විදේශිකයින් ගුවන්තොටුපොළ වෙත අරගෙන ගිය වාහන... මේ සඳහා ප්‍රධාන හේතු විදිහට මම දකින්නේ අධික වේගය රියැදුරන්ට නිසි විවේකයක් නැතිවීම මේ සඳහා සංචාරක අංශයේ වගකිව යුත්තන්ගේ අවධානය වහා යොමුකළ යුතුයි...
Lakmal Friday, 26 January 2024 12:24 PM
වේගය මැනීමට උපකරණ ඇත... කැමරාවෙන් අංකය හඳුනාගෙන දඩ කොළය ගෙදරටම එවිය හැකිය. නොකරන්නේ තව තවත් මිනිස් ජීවිත නැති කිරීම සඳහාද?
wimal Friday, 26 January 2024 02:03 PM
ලංකාවේ රියදුරන් විදේශිකයන්ට කිසිම විනයක්, ඇතුව ගරුකිරීමක් නැහැ. ඒක අපේ රටේ අවාසනාව... රට හදන අය දැනගන්න ඕනෑ හැමෝගේම යුදහමුදා පුහුණුවීමකට දාලා හරි විනය හදන්න.
සනත් ගමගේ Friday, 26 January 2024 03:06 PM
අධිවේගී මාර්ගවල හරියට විදුලි ආලෝකය නැහැ. පිටවීම් ස්ථාන ආසන්නයේ පමණයි. ලයිට් තියෙන්නේ අනික් ස්ථාන කළුවරේ. බර වාහන ගමන් කිරීම වහාම නතර කරන්න. ඒ අයට වේග සීමා නැහැ. අඩු වේගයෙන් යන්නේ අනික් වාහන වේගයෙන් යනවා. රෑට කළුවරේ අධිවේගී නීති රීති සංශෝධනය කර නියාමනයක් කරන්න...
Rohana Friday, 26 January 2024 05:59 PM
අධිවේගී මාර්ගයේ සමහර තැන්වල සුදුඉර මැකීගොස් තියෙනවා. ඒ මදිවට එතැන ලයිට් එළිය නැතිව රාත්‍රියට වාහන ධාවනය කරනවිට අනතුරු ඇතිවීමට ඉඩ තියෙනවා. මේවා ඉක්මණින් සපුරාලීම බලධාරීන්ගේ වගකීමකි.
පුරවැසියෙක්. Friday, 26 January 2024 06:30 PM
අධිවේගයේ බර වාහන නතර කිරීමට පියවර ගත යුතුයි.
Lelwala Friday, 26 January 2024 07:37 PM
ලංකාවේ ඩ්‍රයිවර්ලාට අධිවේගි මාර්ගයේ වාහන ධාවනය කරන ආකාරය ගැන නිසි අධ්‍යාපනයක් නොමැති වීම මෙයට හේතුවයි. රියදුරු බලපත්‍රය දෙනවිට දැනට යල් පැනගිය ට්‍රයල් යාවත් කාලීන කර... අධිවේගි මාර්ග ධාවනය සඳහා රියදුරු පුහුණුවක් ලබාදී රියදුරු බලපත්‍රය ලබාදෙනවා නම් යම් තරමකවත් අනතුරු වළකා ගත හැකියි. ඒ වගේම යන හැම වාහනයක්ම, මගින් සමග රක්ශණය කර රක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුයි...