IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සනත් නිශාන්තගේ රියැදුරා රිමාන්ඩ්:කන්ටේනර් රියැදුරා මුදා හරියි

(මනෝප්‍රිය ගුණසේකර)

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට අද  (26) නියම කළේය.

කන්ටේනර් රථයේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමටට නියම කළේය

සනත් නිශාන්ත මහතා ගමන් ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ඝට්ටනය වු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා මෙලෙස මුදා හරින ලද අතර වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කළේය.

අනතුරින් පසු සැකපිට අත්අඩංගුවට ගෙන කඳාන පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළහ.

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී ඊයේ (25) අලුයම 2.00ට පමණ අනතුරක් සිදුවී ඇතැයිද කටුනායක සිට කොළඹ දෙසට ධාවනයවු කන්ටේනර් රථයක පිටුපස වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් ගැටී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩි මහතා මියගොස් ඇතැයි දැනුම් දුන්හ.

අනතුරින් සුලු තුවාල ලැබු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රාගම රෝහලේ 39 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයිද කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන්නේ යැයි කීය.

 



අදහස් (8)

සනත් නිශාන්තගේ රියැදුරා රිමාන්ඩ්:කන්ටේනර් රියැදුරා මුදා හරියි

Aruna Friday, 26 January 2024 07:32 PM

"කන්ටේනර් රථයේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන කළ ඉල්ලීම" මොන විකාරයක්ද මේක? පිටුපසින් ඇවිල්ල හප්පගත්තාට කන්ටේනර් රථයේ රියදුරු මහතා මොනවා කරන්නද? ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊළඟ පිම්මට සියලු සුදුසුකම් සපුරා ඇති කෙනෙක් වගේ..!

:       1       130

Sriyal Friday, 26 January 2024 07:51 PM

පොලිසිය විමර්ශන කරන අතර අධිකරණ ඒ මත පදනම්ව නියෝග ලබාදේ... පොලිසිය නියෝග ඉල්ලීම සර්ව සාධාරණ විය යුතුයි. නැතිනම් හෑල්ලුවට ලක්වන බව අමතක නොකරන්න...

:       0       85

චින්තනගේ සෞභාග්‍යය Saturday, 27 January 2024 07:19 AM

පොලිසිය අධිකරණයට ගොස් කන්ටේනර් රියදුරු රිමාන්ඩ් කරන්න කියලා ඉල්ලා තියෙනවා... ඇත්තටම ඔය වාහනය යම්විදියකින් පාරට පැමිණි හරකෙකුගේ, නැත්නම් අලියෙකුගේ, එහෙමත් නැත්නම් ගහක ගලක හැපුණා නම් ඔය ස්ථානාධිපති ඒවාත් රිමාන්ඩ් කරන්න කියාවිද අහන්න කැමතියි... ඔය කියන ස්ථානාධිපති පදවාගෙන ගියේ ඔය කන්ටේනර් එකනම් එහෙම නැතුව ඔහුගේ නිළරථයේ පස්සේ ඇමති වාහනය හැපුණා නම් ඔය පොලිසිය ඉල්ලීම කොහොම කරයිද දැනගන්න කැමැතියි... අපේ කතාවක් තියෙනවා කන්න ඕනෑ වුනාම කබරගොයා තලගොයා වෙනවා කියලා ඒක තමයි වෙලා තියෙන්නේ...

:       0       20

Jay Friday, 26 January 2024 08:05 PM

ඇයි පොලිසිය කන්ටේනර් රියැදුරු රිමාන්ඩ් කරන්න ඉල්ලන්නේ...? ඔවුන්ට අවශ්‍ය වන්නේ කන්ටේනර් සමාගමෙන් මුදල් ලබා ගැනීමටයි.

:       0       40

pj Saturday, 27 January 2024 04:28 AM

දැන්, අනතුරට ලක් වූ වාහනයටත් දකුණු පසින් අධි වේගයෙන් ඉදිරියට ගිය වාහනය කළේ වරදක් නොවෙයිද? එය පැදවූයේ මෙයාගේ තරහ කාරයෙක් නොවෙයිද?

:       1       2

Vimarshana Saturday, 27 January 2024 05:29 AM

අරුන ඉදිරිපත් කල අදහස ඉතාමත් නිවැරදියි.. කන්ටේනර් රථය පැදවූ රියදුරු මහතා අත් අඩංගුවට ගත්තේ මාර්ගයේ ගමන් කල නිසාද කියලා කඳාන පොලිස් ස්ථානයේ අධිපතිගෙන් අහන්න ඕනෑ... ඇත්තටම පිටිපස්සේ ඇන්නම ඉතාමත් අමාරුවෙන් කන්ටේනර් එක පදවපු එතුමා මොනවා කරන්නද? ඇත්තටම දේශපාලුවෝ පාරෙ එනවා නම් අනෙක් මිනිස්සුන්ට පාරෙ යන්න තහනම් වගේ අදහස් තමයි මෙයින් පේන්නේ... මේකෙන් පොලිසිය අපකීර්තියට ලක්වෙලා කියන්න පුළුවන්...

:       0       15

waruna Saturday, 27 January 2024 06:23 PM

කන්ටේනරයට සිදුකළ අලාභයට වහාම වන්දි ලබාදෙනු... තව රිමාර්ඩ් කරන්ඩ කතාව. මොවුන්ව අත උස්සලාද පොලිසියට බඳවා ගන්නේ...?

:       0       0

HELAYA Saturday, 27 January 2024 07:08 PM

පොලිසිය ගැන රටේ ජනතාවගේ අප්‍රසාදය තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site