IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය අමාත්‍ය සනත්ගේ සිරුර උපන් ගමට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ, ලලිත් නවරත්න  සහ හේමලතා ඩි. හේවගේ)

හදිසි අනතුරකින් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ දේහය කොළඹ පුද්ගලික මල් ශාලවක සිට ආරච්චිකට්ටුව නිවස පිහිටි ස්ථානයට  අද සවස රැගෙන ආහ.

එම දේහය කොළඹ මල් ශාලවක සිට පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයෙ රිය පෙරහැරකින් රැගෙන විත් ඉන් අනතුරුව නැවත තෝප්පුව පාලම ආසන්නයෙදී පුත්තලම දිස්ත්‍රික් ජනතාව විසින් භාර ගෙන ආරච්චිකට්ටුව නිවෙස පිහිටි ස්ථානයකට රැගෙන විත් තාවකලික කුඩාරමක තැම්පත් කිරීම සිදුවිනි.

ඔවුන්ගේ නිවෙස ඉකුත් අරගලය සමයේ ගිනි තබා විනාශ කිරීම නිසා ඇමතිවරයාගේ දේහය තාවකාලික කුඩාරමක තැම්පත් කිරීමට සිදු විය.

රාජ්‍ය ඇමතිවරයා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථය කොළඹ කටුනායක අධිවේගි මාර්ගයෙදි 25 දින අලුයම අනතුරට ලක්වි රාජ්‍ය අමාත්‍යවරයා  හා ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීයකු ජීවිතක්ෂයට පත්විනි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වු ඇමතිවරයාගෙ දේහය කොළඹ සිට පුත්තලම දිස්ත්‍රික්කයෙ ජනතාවට අවසන් ගෞරව දැක්විම සදහා ආරච්කට්ටුවට රැගෙන ඒම සිදුවිය. කොළඹ සිට ආරච්චිකට්ටුව දක්වා රැගෙන එන අතර තුර අතර මඟ රැස්ව සිටි පිරිස් ඔහුට අවසන් ගෞවරය දැක්වූහ.

හේමලතා ඩි.හේවගේ



අදහස් (2)

රාජ්‍ය අමාත්‍ය සනත්ගේ සිරුර උපන් ගමට

මැක්ස් Saturday, 27 January 2024 04:33 PM

මිනිසුන්ගේ මරණය අසා ප්‍රීති වන රතිඤ්ඤා දල්වන අය 3% පමණ මෙරට සිටියත් එසේ නොවන සැලකිය යුතු පිරිසක් ද සිටින බව මෙම වාර්තාව සහ ඡායාරූප විසින් කියාපායි.

:       11       4

BamunuarachchiMonday, 29 January 2024 11:02 AM

65000 ගේ ජීවිත වලට වගකියන්න ඕන පාදඩ මිනිස්සුන්ට එක ජීවිතයක් මොකක්ද මැක්ස් ? වෙහෙර ගිලපු එවුන්ට අග්ගලාව මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site