
(අංජුල මහික වීරරත්න)
ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් නිර්මාණය වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාවට වඩාත් පහසුවෙන් එය ටින් අංකයක් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ අදහසක්
ඉතා හොඳයි. සරලයි.
ජනතාවගේ විරෝදය මෙදා පොඩි වෙනසක්.
ඇයී ඕක කරන්න පරක්කු වුනේ ? හැමෝම දැනගෙන හිටිය සරල දේ නිලධාරීන් නොදැන සිටියා නොව, ඉස්සෙල්ලාම අහුවෙන්නේ එම නිලධාරීන් සහ දේශපාලකයීන් නිසා ඔවුන් වත්ත වටේ පහුරු ගාලා අන්තිමට ඒකම කළා.
අළුතින් ආයෝජකයෝ, ව්‍යවසායකයෝ බිහිකරන්න මේ අමන පාලකයින්ට වැඩ පිළිවෙලක් නෑ. අංකේ විතරක් දුන්නහම ඇති. ඔක්කෝම සෙල්ලම් තව මාස 8 යි. හැත්ත බුරුත්තටම ගෙදර යන්න වෙනවා මෙදා පාර...
අර හැඳුනුම්පත් දෙකක් තියෙන නෝනාට TIN දෙකක් හම්බ වෙනවාද එතකොට...?
TIN අංකය ගන්න බල කරන්නේ නැතුව හැඳුනුම්පතේ අංකය සමග TIN අංකය අනිවාර්ය කළවිට මිනිස්සු TIN අංකය ලබාගනීවි කියා කිව්වා...
දැන් එතකොට ඕක ක්‍රියාත්මක වෙන්නේ කවදා, කෙසේද, කොහොමද, කියලා පැහැදිලි කරන්න බැරිද? ඔහේලගේ වැඩේ වමට සිග්නල් දමා දකුණට හරවනවා වගේ කියලා හිතෙනවා... ඇමැතිතුමා කරන කියන දෙයක් ස්ථිරවම කෙලින්ම කියන්නකෝ...!
කොහොමත් ඔය ක්‍රමයනේ තිබුනේ .මම 1995 ආදායම් බදු ගොනුව ලියාපදිංචි කලේ.TIN අංකය ID අංකයයි