IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයේ මහ මොළකරු අල්ලයි

(යොහාන් භාසුර,ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

බෙලිඅත්තේදී පෙරේදා (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිලධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් කළ විමර්ශනයේ දී මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇතැයි කියන සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙක් සහ අපරාධය සදහා පැමිණි අංක 65-2615 දරණ මිටිසුබිෂී පෙජරෝ ජීප් රථය ද පොලිසිය අත්අඩංගුවට ගත් බව එම අමාත්‍යංශය කීය.

මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට අපරාධය සැලැසුම් කර ඇති බවට වැඩි දුරටත් අනාවරණයවී ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.

 

 

 



අදහස් (9)

බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයේ මහ මොළකරු අල්ලයි

Prabha Wednesday, 24 January 2024 02:55 PM

මෙයාව අද රටේ ආයුධ පෙන්නන්න එක්ක යනවා කියලා කියන්නේ...!

:       0       0

Kazi Shajahan Wednesday, 24 January 2024 03:35 PM

ඕවා ආණ්ඩුවෙන් කනවද මන්දා... දවසක්වත් ගියේ නෑ...නේ.. මිනීමරුවා ඇල්ලුවනේ... එහෙනම් මොකද බැරි අපේ පොලිසියට අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලන්න.

:       0       0

Hodana Wednesday, 24 January 2024 03:37 PM

වාහනේ හොඳට හෝදලා පරිස්සමෙන් එයාටම බාරදෙන්න හොඳේ... නැතිනම් අරයා තරහා වේවි... රස්සාවත් බකල් වේවි...!

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2024 03:58 PM

අවශ්‍ය විස්තර ලබාගත් පසු ඔලුවට වෙඩි තියන තුරු මේ අපරාධ නවත්වන්න බැහැ...

:       0       0

රංබොඩ Wednesday, 24 January 2024 04:05 PM

අපේ රටේ පොලීසිය දක්ෂයි. නමුත් අපරාධකරුවන් නීතියේ හිඩැස්වලින් රිංගලා බේරෙනවා..!

:       0       0

මාම Wednesday, 24 January 2024 04:08 PM

පොලිසිය කියන දේවල් දැන් විස්වාස කරන්න අමාරුයි.., හේතුව පාස්කු ප්‍රහාරයේත් ඔය කෝලම දැක්කා. මහ මොලකරු තියා පොඩි මොල කාරයෝත් තාම නැහැ, සමාජ මාධ්‍යවලින්වත් අපට ඇත්ත දැනගන්න ලැබෙයි කියලා හිතනවා...!

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 24 January 2024 06:22 PM

සමන් කුමාර කියලා පුද්ගලයෙක් අත් අඩංගුවට අරගෙන තිබෙන බවත් ඔහුව අවි ආයුධ පෙන්වන්න කියලා රැගෙන ගොස් ගහලා දාන්න සූදානමක් පවතින බව ඊයේ සවස සමහර වෙබ්අඩවි වාර්තා කරලා තිබුණා. ඒක හෙලි වුණු නිසාත් ඔහුගේ බිරිඳ තම නීතීඥයින් මාර්ගයෙන් ඒ බව පොලිස් කොමිසමට දක්වා තිබෙන නිසාත් ඔහු ජීවිතය බේරාගෙන තිබෙන බවයි පෙනෙන්නේ....!

:       0       0

බද්රානි Wednesday, 24 January 2024 07:31 PM

ඔය වාහනය ගාල්ලේ පන්සලකින් නේද හමු උනේ..? ලංකාවේ පාතාලය හා සංඝ පාතාලයේ තරම පේනවනේ නේද..? මොනා උනත් පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් කඩ ගිනි තියපු එවුන්ට මේ විදිහේ දරුණු මරණයන් අත් විය යුතුමයි...1983 දෙමළ ජාතිකයින්ගේ දේපොළ කොල්ලකාපු එවුන්ටත් ස්වභාව ධර්මයෙන් දඬුවම් දුන්නා... ඒ පරම්පරාවල දරුවන්ට පවා ඒ ශාපය තවමත් පල දෙනවා.. එහෙම නැත්නම් සියලුම ආගම ධර්මයන් බොරු....!!!

:       0       0

MOHAMED INWAR CADER Thursday, 25 January 2024 09:17 AM

හොර බෙහෙත් ගේන ආපු මහා මොලකරු අල්ලන්න බැරි කමකුත් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site