(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමාජ මාධ්‍යයට යම් පාලනයක් අවශ්‍ය බව පිළිගන්නා නමුත් නියාමනය පාවිච්චි කරමින් දේශපාලන, මාධ්‍ය සහ මානව නිදහස කප්පාදු කරනවාට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔන්ලයින් පනතට සමගි ජන බලවේගය දෙන යෝජනා ඇතුළත් කළහොත් සහය දෙන්න සූදානම් නමුත් ආණ්ඩුව ඒ යෝජනාවලට කැමති නැතැයි කිරිඇල්ල මහතා කීය.
ඔන්ලයින් පනත පිළිබඳ විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූයේ ඔන්ලයින් මගින් ලංකාවට මුළු ජාත්‍යන්තරයේම විරුද්ධත්වයක් ඇතිවෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය,මානව හිමිකම් සංවිධාන සියල්ලම පාහේ පනතට විරෝධය පළ කර තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd