IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රිය අනතුරින් කාන්තාව මරුට: පාරේ සිටි ගවයින් 8කුත් මැරිලා

( සිතුම් චතුරංග) 

යාපනය නුවර එ නවය මාර්ගයේ  කිලිනොච්චිය,අලිමංකඩ ප්‍රදේශයේදී බස්රථයක් වෑන් රථයක ගැටී අද(24) උදෑසන සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට අ‍ැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 

අනතුරින් මියගොස් අ‍ැත්තේ  යාපනය පදිංචි මාර්ස්ලෙස්ලි කතිරිනා තිරුචෙල්වම් නැමති 50 හැවිරිදි කාන්තාවකි. 

යාපනය සිට මහනුවර බලා ධාවනය වු  ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය. 

බස් රථයේ අධික වේගයෙන් වෙගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ සිටි ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අ‍ැති අතර බස්රථයේ ගැටී ගවයින් අටදෙනකුද ජීවිතක්ෂයට පත්ව අ‍ැති බවත් පොලිසිය පැවසීය.



අදහස් (2)

රිය අනතුරින් කාන්තාව මරුට: පාරේ සිටි ගවයින් 8කුත් මැරිලා

Nuwan Ratnayaka Wednesday, 24 January 2024 11:57 AM

පවු හරක් ටික

:       4       17

සරත් කුමාර Wednesday, 24 January 2024 12:06 PM

ඉස්සර මම අහපු කථාවක් තියෙනව, "ගොං පස්සෙන් - බලු හොම්බෙන්" කියල. ගවයෙක් පාර හරහ යද්දි ඌව ඉස්සර කරන්ඩ ඕනෙ ඌට පිටිපස්සෙන් ලු. මොකද ගවය ආපහු හැරෙන සම්භාවිතාවය ඉතාම අඩුයි ලු. කොහොම නමුත් මෙච්චර කෙලින් පාරක, හොඳට පෙනෙද්දි, හරක් රංචුවක් ඉදිරියෙන් ඉන්නව බස් එකේ ගවය දැකල නෑ.. අමු ගවයෙක්..

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site