දිනේෂ්ගේ පෙත්සමට අතරමැදි පෙත්සම් 11ක් විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් , අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ගොනු කළ පෙත්සමට කරුණු දැක්වීමට මැදිහත් වන්න අවසර ඉල්ලා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් කිහිපදෙනෙක් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්ස්ම් ගොනුකළහ. 14 March 2018
අගමැති ලේකම් නමින් පොලිසිවලට බලපෑම් කරලා අග්‍රමාත්‍ය ලේකම් යනුවෙන් පවසමින් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වලට කතා කරමින් පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකරගත් පුද්ගලයකු සම්බන්ධයෙන් වහාම විමර්ශන සිදු කරන ලෙස අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඉහළ පොලිස් නිළධාරින් වෙත අද(14) දිනයේ දැනුම් දි තිබේ. 14 March 2018
ජනපති ලේකම් කාර්යාල ප්‍රධානීහු හෙට ෆේස්බුක් නියෝජිතයන් හමුවෙති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් හෙට ෆේස්බුක් සමාගමේ ඉන්දියානු නියෝජිතයන් පිරිසක් හමුවීමට නිමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි. 14 March 2018
වී අස්වනු මිලදී ගන්න වී අලෙවි මණ්ඩලය සුදානම් මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ පවතින වී ගබඩා 200ක් සුදානම් කර තිබෙන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි. 14 March 2018
ඊවා වනසුන්දර පක්ෂග්රාහීව කටයුතු කර ඇතැයි අල්ලස් කොමිසම කියයි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ අභියාචානාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම අත්හිටුවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය පක්ෂග්රාහීව කටයුතු කර ඇතැයි සඳහන් කරමින් එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) රිට් පෙත්සමක් ගොනු කර ඇත. 14 March 2018
‘සීනිගොඩ පැට්ටා’ සමඟ තවත් අයෙක් අත්අඩංගුවට විවිධ වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කර කාලයක් තිස්සේ මුදලට අලෙවි කිරිමේ යෙදුණු යුද හමුදාවෙන් පලා ආ සෙබළකු වන සීනිගොඩ පැට්ටා නැමැත්තා හා තවත් පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 14 March 2018
වට්ස්ඇප් තහනමත් ඉවතට සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්ඇප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. 14 March 2018
අල්ලස් ගත් සීදුව ඕඅයිසී රිමාන්ඩ් සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර රණසිංහ මහතා අද (14) නියෝග කළේය. 14 March 2018
හිටපු අගවිනිසුරුගේ පෙත්සම යළි කැඳවන්නැයි ඉල්ලයි හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතාට සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුව විභාගයට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත සළකා බැලීම සඳහා එම පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම අද (14) ඉල්ලීමක් කළේය. 14 March 2018
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 14 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) මරණ දඩුවම නියම කළේය. 14 March 2018
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා-ස්විට්සර්ලන්ඩ් ගිය 26 ක් යළි ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද (14) යළිත් ආපසු ශ්‍රී ලංකාවට එවා තිබුණි. 14 March 2018
අතුරුදන් වු ධීවරයන් සොයා මෙහෙයුම් මුලතිව් මුහුදේ දී අතුරුදන් වූ ධීවරයින් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 14 March 2018
ස්ටීවන් හෝකින්ස් සමුගනී බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 14 March 2018
වීරකැටියේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මරුට වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (14) උදෑසන සිදුවූ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූ බව වීරකැටිය පොලිසිය පවසයි. 14 March 2018
මිනුම්දෝරුවෝ අද සිට දින තුනක් වැඩ වරති රජයේ මිනුම්දෝරු සංගමය අද (14) සිට තෙදිනක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ මහතා පැවසීය. 14 March 2018
සමාජ ජාලා අවහිර කිරීම ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය මහනුවර ඇති වූ සිදුවීම් දාමයත් සමඟ ෆේස්බුක්, ඉන්ස්ටග්රම්, වට්ස්අප්, වයිබර් යන සමාජ මාධ්‍ය සහ පණිවිඩ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු විය. 13 March 2018
ෆේස් බුක් තහනම ඉවත්කරන්න’යි ඇමති පාඨලී කියයි ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරුමය මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේය. 13 March 2018
සමාජ ජාල වෙබ් අඩවි වලට නව නීති මාලාවක් - හරීන් ප්‍රනාන්දු ෆේස්බුක් ඇතුලූ සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් නව නීති සකස් කරන බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) කොළඹදී පැවසීය. 13 March 2018
මහනුවර ඇතිවූ ප්රචන්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ පැමිණීලි 445ක් මහනුවර පොලිස් කොට්ඨාසයේ සහ අනිකුත් ප්‍රදේශ වල සිදු වු ප්රචන්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් නිවාස හා වෙළෙද සැල්වලට අලාභ හානි සිදුකිරීමේ පැමිණිලි 445ක් පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (13) පැවසීය. 13 March 2018
සමාජ මාධ්‍ය අවහිරයෙන් ආර්ථිකයට බලපෑම් - ඇමැති සාගල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව යෞවන හා තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක මහතා කියයි. 13 March 2018
කොළඹ කසල ප්රශ්නය යළිත් උග්‍රවෙයි වර්ගීකරණය නොකර ලබාදෙන මිශ්‍ර කසල බැහැර කිරීම ගැටලූවක් වී ඇති බැවින් තව දුරටත් එම කසල භාරගැනීම කළ නොහැකි බව කොළඹ මහ නගර සභාව පවසයි. 13 March 2018
කච්චතිව් දුපත හා ඒ අවට නාවික හමුදාව සිතියම් ගත කරයි කච්චතීව් දුපතේ වටප්රමාණය හා ඒ අවට මුහුදු සීමාව ගැඹුර ආවරණය වන පරිදි ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ ජල මානක විද්‍යා අංශය මගින් සක්සරන ලද ප්‍රථම නාවික සිතියම පසුගියදා එළි දැක්වීය. 13 March 2018
වයිබර් පමණක් අද රෑ සිට අද රාත්‍රී සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කළ බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා කියයි. 13 March 2018
සීදුව පොලිසියේ අපරාධ විමර්ශන ලොක්කා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට සීදුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කටුනායක ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 25000 ක් හා විදේශීය මත්පැන් බෝතලයක් පොලිස් භූමිය තුළ දී ලබා ගනිද්දි අද (13) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය. 13 March 2018
මහසෝන් බලකා කාර්යාලයෙන් ප්රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි මහනුවර ප්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට මේ දක්වා සිදු වු සියලූ ප්රචන්ඩ කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ ප්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළේය. 13 March 2018
ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ් ආණමඩුව නගරයේ පිහිටි මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා අද (13) නියෝග කළේය. 13 March 2018
සමාජ ජාල තහනම දින 3 කින් ඉවතට - හරීන් ෆේස්බුක් හා තවත් සමාජ ජාලා මාධ්‍ය කිහිපයකට පනවන ලද තාවකාලික තහනම සිකුරාදා (16) ඉවත් කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) පැවැසීය. 13 March 2018
පාසල් 108ක සිසුන්ට වෘත්තීය විෂයධාරාව හැදැරීමේ වරම් රටපුරා තවත් පාසල් 150කට මේ වසරේ සිට වෘත්තීය විෂයධාරාව හැදැරීම සඳහා සිසුන් 14000ක් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 13 March 2018
වෙලේ සුදාගේ බිරියගේ රන් අබරණ සම්බන්ධ නියෝගය අප්‍රේල් 27 වැනි දා මහාපරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන යැයි කියන වෙලේ සුදාගේ බිරිඳට අයත් නුගේගොඩ මහජන බැංකුවේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කොට ඇති රුපියල් කෝටි ගණනක රන් ආභරණ ඇයට මුදා හරින්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන අපේ‍්‍රල් 27 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (13) දැනුම් දුන්නේය. 13 March 2018
වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට ඒවා ඉවත් කිරීමට ලංකාවට සහය දෙනවා වෛරී ප්‍රකාශ හඳුනාගැනීමට සහ එවැනි ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දෙන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි. 13 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026