(ඩයනා උදයංගනී )
වර්තමාන ආණ්ඩුවේ සිටින අමැතිවරු 23 දෙනා හට ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා දිනයක් නියම කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
නව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ජුනි 03 වැනිදා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අද (18) නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
(ඡායාරූප හා වීඩියෝ -ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නියමයි ජනාධිපතිතුමනි
බොහොම හොඳ තීරණයක් , ජනතාව නඩත්තු කල යුතු පින් ඇමතිලා ගාන අඩුවෙනවා නම්
මේ ජාතික ආණ්ඩුවේ තව දුරටත් හිටියොත් ශ්‍රී ල නි පක්ෂය නැත්තටම නැති වෙලා යනවා.
මේගොල්ලෝ ආණ්ඩුවෙන් යන්න දිනේ දාගන්නේ 2020. ඊට කලින් යන්නේ නෑ.
ආණ්ඩුවෙන් ඉවත්වෙලා රාජපක්ෂලගේ ඔඩක්කුවේ ලගින්නද හදන්නේ.මේ හාදයන්ට අන්තීමට අල්ලපු අත්තත් නෑහෑ පය ගහපූ අත්තත් නැති වෙනවා !
දයාසිරි මන්ත්‍රි ඇමතිවරයෙක්ද? ඒක මාධ්‍යට දැනුම් දෙන්න ලේකම්වරයෙක් ඉන්න්වනෙ. කොහොමත් මෙයා මෛත්‍රීටත් වරදිනකම් නේ බලන් ඉන්නෙ..
ඊළගට පනින්න හදන පිම්ම මොකද්ද
මේ පක්ෂ දෙක බලයට ආපු දවසේ ඉඳන් අවුරුදු 3 ක් කලේ එහෙට මෙහෙට පැන පැන පක්ෂ ප්‍රතිසංවිධානය කරපු එක විතරයි. රටට කරපු දෙයක් නෑ.
ඕක ඉතින් බාලගිරි දෝසෙ තමයි.. වැඩිම වුනොත් ලබන මහා මැතිවරණයේ නාමයෝජනා කැඳෙව්වාට පස්සේ ඉවත්වෙයි.
ඉතින් යන්නකෝ කියව කියව ඉන්නේ...
ගොඩක් දුකයි වගේ... දුප්පත් ජනතාවගේ බදු වලින් සැප විඳිම අහිමිවීම දුකක් තමයි. පැනපැන හිටියා මිසක් රටට ආදරයක් ඇති කෙනෙක් නැහැ.
අපි නම් මේ මග බල බලා ඉන්නේ අපේ දුප්පත් බදුමුදල් තව තවත් කාබාසිනියා නොකර මක බෑ වෙනකම් සදහටම...
යහපාලන ආණ්ඩුව පෙරලා දමන්න කාලය හරි
ජනාධිපතිතුමාත් එක්සත් ජාතික පක්ෂයට පින් සිද්ධ වෙන්නනේ දින්නේ. ඉතින් එතුමත් වැදගත් විදිහට අයින් උනානම් ඉවරයිනේ නේද? එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව කරගන්න දීලා..