(නිමල කොඩිතුවක්කු)
යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලූ දෙනාම මෙන්ම ත්‍රස්තවාදය ආරම්භ වුණු දවසේ සිට අහිමි වූ අහිංසක ජනතාවගේ ජීවිතත් සිහිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (18) පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
‘‘අද දිනය අපිට ඉතා වැදගත් දිනයක්. ත්‍රස්තවාදය පරාජය කරලා යුද්ධය අවසන් කරලා, සාමය ආවේ අද වගේ දවසකයි. ඒ වෙනුවෙන් කැපවුණු ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලූ දෙනාම අපි සිහිපත් කරන්න ඕනෑ. ඒ වගේම ත්‍රස්තවාදය ආරම්භ වුණ දවස ඉදලා අහිංසක ජනතාවගේ ජීවිත නැතිවුණා. ඒ අයත් අපි සිහිපත් කළ යුතුයි’’ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද නිමාවෙන් පසු අප ඇසු ඇති විශිෂ්ටම ප්‍රකාශය
යුද්ධය දිනවීමට දේශපාලන නායකත්වය දුන් අයත් සිහිකරන්න. ඔය හමුදාවම තමයි ඔබේ කාලෙත් සිටියේ.. නමුත් යුද්ධය ජයග්‍රණය කරවන්න ඔබට බැරිවුනා. එතකොට යුද්ධය දිනාගන්න බැරිකම තිබුණේ කොහේද කියා හිතාගන්න අපට පුළුවනි. යුද්ධය දිනාගන්න බැරිකමින් මිනිසුන් මරුණා නම් ඒ වගකීමත් ඔබටයි.
අසංක ඒකීයභාවයට දිවිදුන් රණවිරුවෝ නමින් ලිපියක් පුවත් පතක පලවනවා කියවන්න. ඉතිහාසය ගැන දැනුම අලුත්කර ගන්න පුළුවනි.
මේ ඉන්න දේශද්‍රෝහීන් කොටින්ව හුරතල් කරමින් යුද්ධය වවාගෙන කෑවා. ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ ලබාදී පොලිස් නිලධාරීන්ට කොටින් ඉදිරියේ යටත් වෙන්න නියෝගදී එම නිලධාරීන්ව ඝාතනය කරන්න දුන්නා. එ් නිසා ඔබලාට රණවිරුවන්, සේනාධිනායකයින් සහ රට ගැන හැඟීමක් නැත.
සූත්තර පුංචා කොහොමත් හරිම දක්ෂයි. නිකන් ලකුණු දාගන්න, පිං ඇමැතියෝ වෙන්න, සර්පයන්ට අදාළ "කොඳු ඇටපෙළ" සහිතව කතා කිරීමට... බොරු කෙප්ප කීමට. අපට නම් හොඳින් මතකයි. යුද්ධය දරුණුම අවස්ථාවල වලිගයවත් හොයාගන්න බැරිවිදියට හංගගෙන ඩවුන් ගිහින් හිටිය හැටි...
කොටි ප්‍රේමදාස මහතා ඝාතනය නොකළා නම් රනිල් මහතාට පක්ෂ නායකයා වීම සිහිනයක් පමණක් වීමට ඉඩ තිබුණි. ඒනිසා කොටි පිළිබඳව කෘතවේදී පහන් සිතක් ඇතිවීම ස්වභාවිකයි.