(ඩයනා උදයංගනී)
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා ඉරිදා (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඉන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින් හමුවී සාකච්ඡා කිරීමට ද තම කණ්ඩායම බලාපොරොත්තු වන බව ද ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
තම කණ්ඩායම පළමුවෙන් මහ නා හිමිවරුන් සහ කාදිනල්තුමා හමුවී සාකච්ඡා කර කටයුතු ආරම්භ කළ බව කී අබේවර්ධන මහතා ඊයේ (17) දිනයේදී මෙරට ජ්‍යෙෂ්ඨ වාමාංශික පක්‍ෂ නායකයෙක් වන ඩිව් ගුණසේකර මහතා හමුවූ බව ද කීවේය.
විපක්‍ෂයේ සිටින සියලූ ප‍්‍රගතිශීලී නායකයින් හමුවී සාකච්ඡා කර ඉදිරි වැඩපිළිවෙල තීරණය කරන බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ‘හෘද සාක්ෂියේ නිදහස’ යන තේමාව යටතේ මෙම මස 26 වැනිදා සිට සම්මන්ත‍්‍රණ මාලාවක් ආරම්භ කිරීමට තම කණ්ඩායම තීරණය කර ඇති බව ද අබේවර්ධන මහතා කියා සිටියේය.
මෙහි පළමුවැන්න මාතරදී පැවැත්වෙන අතර ඉදිරියේදී තම කණ්ඩායමේ 16 දෙනා නියෝජනය කරන දිස්ත‍්‍රික්කයන්හි මෙම සම්මන්ත‍්‍රණ පවත්වන බව කී මන්ත‍්‍රීවරයා රටේ පවතින ආර්ථික තත්ත්වය, එයට හේතුව ආදිය පිළිබඳ විද්වතුන්ද සම්බන්ධ කරගනිමින් ජනතාවට කරුණු පැහැදිලි කිරීම මෙම සම්මන්ත‍්‍රණවල අරමුණ බව ද පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෘද සාක්ෂියේ නිදහස කියලා පෝස්ටර් ගහ ගත්තට මේ මිනිස්සුන්ට නැත්තෙම හෘද සාක්ෂියම තමයී. තමන්ගේ වාසියට හතර අතට පනින ගෙම්බන්වගේ මිනිස්සු හෘද සාක්ෂියක් කොහෙන්ද ?
මේ ගෙඹි ආණ්ඩු ක්‍රමය නවත්වන්න දැන්වත් මිනිස්සු පෙළ ගැහෙන්න ඕන, වෙනසක් බලාපොරොත්තුවෙන් අපි ජන්දේ දීල පත් කරගන්නේ එකම මිනිස්සු ටික. පක්ෂෙයි, පාටයි විතරක් මාරු වෙලා.
මේ මිනිස්සුන්ට හෘද සාක්ෂියක් නැත්ද? මහින්දගෙන් කියලා ආවඩලා මහින්ද පරද වුණාම මෛත්‍රිට හේත්තු වුණා. එදා ඉඳලා කළෙත් මෙහෙන් කාලා මහින්දට ආවඩන එකයි. පටන් ගත් දා ඉඳලාම ආණ්ඩුවේ කකුලෙන් ඇද්දේ මේ මිනිස්සු. මේ වගේ අය දේශපාලනයේ ඉන්න තාක්කල් රට විනාසයි.
අඹ, දඹ, නාරං, කෙසෙල්, දෙල් වලින් පිරුණු රිසිසේ කෑමට මහා වනයක් ඇත. මෙහි ජීවත්වෙන රිලවුන්ට, දැනෙන්නේ, පෙනෙන්නේ කොයි පැත්තට පැන්නත් ගිලින්න තියන කුට්ටියයි. උන්ට පැනීම ගැන කියා දීමෙන්වත්, එපා කීමෙන්වත් වැඩක් නැත. ඒ කොයි පැත්තට පැන්නත් ලොකු ලොකුම කුට්ටි ගිලන නිසා..
ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින්ට කළ හැකි දෙයක් තිබෙනවා. එනම් මෙවැනි ආත්මාර්ථකාමීන් පාර්ලිමේන්තුවට ගෙනඒම නතරකිරීම... ඔබේ ඡන්දය භාවිතා කළ යුත්තේ මෙවැනි නිර්ලජ්ජිත මිනිසුන්ට නොවේ.
වාසි පැත්තට පනින දෙපිට කාට්ටු රිලවුන්ට ඡන්දය දීමෙන් වැළකී සිටීම ඇඟට ගුණයි!
මේ කට්ටිය මහින්ද දිනවන්න සියලුම දේ කරලා පරාජය වුනාට පස්සේ මෛත්‍රි ලඟට ගියේ මහින්දගේම උපදෙස් අනුව වෙන්න බැරි නැද්ද? ආණ්ඩුවේ ඇමතිකම් දරමින් හිටිය කාලයේ කලේම ආණ්ඩුවේ කකුලෙන් අදින එකයි. සියලුම තොරතුරු අවශ්‍ය තැන්වලට සපයන එකයි... කියලයි හන්දියේ මිනිස්සු කියන්නේ.
කොහොමද මහින්දගේ මොලේ? ගුලිය ඇඹරුවා නියමෙට... දැන් නිකන්ම පස්සෙන් එනවා.
සීට් එක පරාදයි නේද?
ඉතින් ඕක අලුත් දෙයක්යැ? මෙහෙ හිටියත් එහෙත් එක්ක කොච්චර කතා කරන්න ඇතිද මෙයාලා?
බහුතරයක් ජනතාව ඡන්දය ලබා දෙන්න පළමුවෙන් තෝරා ගන්නේ පක්ෂයයි. ඉන්පසුව තමයි තමන් කැමති අපේක්ෂකයා ඉන් තෝරා ගන්නේ. ඡන්දේ අරගෙන දිනලා එ් අපේක්ෂකයා අනිත් පැත්තට යනවා. අවසානයේ ඡන්ද දායකයා අතරමං. මොන පක්ෂෙ වුනත් මේ අයට ඡන්දය ලබාදිය යුතුද? මේ යන විදිය අංශක 360න්ම වෙනස් විය යුතුයි.
දැන් මහින්ද හොඳද?
ඔබල ඕනෑම සාකච්චාවක් කොරන්න නමුත් අවසාන ප්‍රතිපලය වියයුත්තේ මේරජයට ජනතා විරෝදී අනපනත් වලදී 2/3 චන්දය නොලැබීමයි.