සුජිත් හේවාජුලිගේ
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටුවා වසර 36ක් ගත වී ඇතත් තවමත් ඒ ඉඩම සඳහා ඔප්පුවක් නැතැයි හෙළිවී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නව පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ 1982 අප්‍රේල් 29 වැනි දායි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 254 ක වියදමින් ඉදිකෙරුණු පාර්ලිමේන්තු සංකීර්ණයට යටවී ඇති භූමි ප්‍රමාණය අක්කර 12ක් පමණ වෙතැයි ඉඩම් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා එකත් විකුණන්න හදද්දී තමයි ඔප්පුවක් නැහැ කියල එළිවෙලා තියෙන්නේ. තව ටිකෙන් එකත් වික්කා
කොහොමත් පාර්ලිමේන්තුව කියන්නේ මුදා නොගත් ප්රදේශයක්නේ.
ගෝඨා දැනගෙන හිටියා නම් මෙලහකටත් ඕක අනවසර ඉදිකිරීමක් කියලා නාගරික සංවර්ධන අධිකාරිය ලව්වා ඩෝසර් කරලා ඉවරයි.
අබේ මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය. රටක එක් උත්තරීතර ස්ථානයක් වන්නේ එහි පාර්ලිමේන්තුව බව නොරහසකි. දශක කීපයකට පෙර සාදන ලද මෙයට අදාල භූමියට ඔප්පුවක් නැත කීමත් විහිළුවකි. මේ විහිළු සපයන්නේ කාටද? එක්කෝ මේ මඩුවේ ලැග ඉන්න අයට පිස්සු... නැත්නම් රටවැසියන් වන අපට පිස්සු..
ඔප්පුව නැති එක හොඳයි ඔප්පුවක් තිබුනානම් මෙලහකට ඕකත් විකුණලා නැත්නම් උකස් තියලා
ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා තමයි මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිර්මාතෘවරයා. එතුමාගේ ජයවර්ධන පදනම් ගොඩනැගිල්ල පරීක්ෂා කරලා බැලුවනම් ඔය ඉඩමේ ඔප්පුව සොයාගන්න ඇහැක් වෙයි.
ඔප්පුවක් හදන්නේ කොහොමද. ? ඉපැරණි මීහරක් ලැගපු වගුරු බිමක් . දැනුත් ............?