අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී රජයේ හමුදාව එම ප්‍රදේශ වල ජනතාව සමූල ඝාතනය කළ බවට ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීනි ලසන්ති ලක්මිණී මහත්මිය අද (18) පැවති නගර සභා රැස්වීමේ දී කළ ප්‍රකාශයකින් සභාව උණුසුම් වි ගියේය.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.
නාගරික මන්ත්‍රී කේ.රුවන් පතිරණ මහතා වත්මන් රජයේ අමාත්‍යවරයෙක් සහ රජයේ මාධ්‍ය ප්‍රකාශක වු රාජිත සේනාරත්න මහතා රජයේ අරක්ෂක හමුදාවන් ගැන කළ ප්‍රකාශය හෙළා දිකිමින් ගෙනා යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දක්වන අතරතුරදි ලසන්ති ලක්මිණී මහත්මිය පැවසුවේ රජයේ ආරක්ෂක හමුදා යුද්ධයේ දී දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව සත්‍යයක් බවයි.
පහනක් දැල්වීමට දෙමළ ජනතාවට සාදාචාරාත්මක අයිතියක් ඇති බවත් අවි ආයුධ අතට ගත් යම් කණ්ඩායමක් ප්රජාතන්ත්රවාදයට එන්න කැමතිනම් ඊට සුදුසු වාතාවරණයක් සැකසිය යුතු බවත් ඇය කීවාය.
ඊට ඉඩදීම දෙමළ ජනතාවට කඬේ යාමක් යැයි පැවසීම වැරදි බව පැවසූ ඇය ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නවත්වා දැන් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇවිත් ඇතැයි ද කීවාය. ඒ නිසා දෙමළ සාමාජිකයනුත් පාලන තන්ත්රයට එකතු කරගෙන සංහිඳියාව ඇතිකරගෙන කටයුතු කළ යුතුයැයි පැහැදිලි කළාය.
මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා නොකළ බවත් විප්ලවවාදී ක්‍රියා කළ බවත් එම පක්ෂයේ සභිකයා පෙන්වා දෙන අතරතුර ඇය ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට සඳහන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තාය.
ඒ අවස්ථාවේ හමුදා සාමාජිකයන් උතුරු නැගෙනහිර ජනතාව සමූල ඝාතනය කළ බවට පැවසූ ප්‍රකාශයත් ඉල්ලා අස්කරගන්නැයි සභාවේ සභිකයෝ ඇයට බල කළහ. ඒහෙත් ඒ අවස්ථාවේ ඇය පැවසුවේ සමුල ඝාතනයක් සිද්ධ වුණානේ යනුවෙනි. ඇය සිය ප්‍රකාශය ඉල්ලා අස්කර නොගත්තාය.
ඇඹිලිපිටිය නගර සභාවේ මුලු සභික සංඛ්‍යාව 13කි. ඉන් අට දෙනෙක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ය. 3ක් එක්සත් ජාතික පක්ෂයේය. ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සංධානයට එක් සභිකයකු බැගින් හිමිය.
මේ උණුසුම් තත්ත්වය සභාව තුල ඇතිවදේදී සභාව ඉදිරිපිට යුද ජයග්රණයේ නවවෙනි සැමරුම සමරමින් සාමාන්‍ය ජනතාවට කිරිබත් සංග්‍රයක් ද පැවැත්විනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් මෝස්තරයක් වෙලා හමුදාව දෙමළ ජනතාව සමුල ඝාතය කළ බව කියමින් චෝදනා කිරිම. මෙහෙම කිව්වා කියලා දෙමළ ජනතාවට වන විශේෂ වාසියක් හෝ හමුදාවට වන විශේෂ අවාසියක් නැහැ. මේ අය මේ ප්‍රකාශ පාවිච්චී කරනවා සිංහල ජනතාව නොමග යවන්න.
සමහර පුද්ගලයන්ට ලාබෙට ප්‍රසිද්ධ වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි මේක.
රජය පැත්තෙන් කිසිම විදිමත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඇත්ත ඇත්ත හැටියට ප්‍රකාශ කරා නම් එක එක්කෙනාට ඕන විදියට ගණන් හිලව් දාගෙන කියවන්න හම්බ වෙන්නේ නැහැනේ! අපේ රටේ තිබුනේ පැහැදිලි යුද්දයක්! එකේදී සාමාන්‍ය වැසියන් මරුමුවට පත් වීම වලක්වන්න බැහැ! බොරු දේශප්‍රේමයක් ඉස්සරහට දාල හමුදාව අතින් වෙච්ච දේවල් වසන් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ!
ඔන්න ඕක තමා හැමතැනම වෙන්නේ. පත්කරගන්න එවුන් කරන්නේ කටමැත දොඩවන එක. කියනදේ දන්නෙත් නැහැ කරනදේ දන්නෙත් නැහැ. උනුන්ගේ බඩ වඩා ගැනීමට මොනවහරි කියල පොදු ජනයට වැසිකිලි යන්න සලස්වන එක තමා කරන එකම වැඩේ.
මුන් දන්නවා 2020 ඉතිරිවෙන්නේ සුළුජාතික චන්ද සහ ජාතියක් ජන්මයක් නැති සිංහල කියාගන්නා කොටසකගේ චන්ද පමණක් බව එමනිසා දෙමළුන් සතුටු කරන්න කතා කරනවා. 2020 සිංහලයින් මේවා ගැන සිතාවි.
උගතුන් බුද්ධිමතුන් සිටිය යුතු තැන් වල, නුගත් අට පාස් එවුන් ඉඳගෙන ඉන්නවා. මේ පින්තූර දැක්කම කීයෙන් කිදෙනෙක්ටද මේක පෙනුනේ.
තමන්ගෙ ජීවිත පරදුවට තියලා සුවහසක් ජනතාවගෙ ජීවිත බේරගත්තු රණවිරුවන් සිහිපත් කර වචනයක් හෝ කතා කිරීමට නොහැකි මෙවන් ගුණමකුවන් මේ පින්බිමෙන් ඉවත් කිරීමට දෙවියන් හෝ කටයුතු කරත්වා...!
නගර සභාවලට කාන්තා නියෝජනය තව වැඩි කරව්..
මෙච්චර මෝඩ ගෑනු කෙනෙක් ප්‍රා. සභාවට යැව්වෙ කවුද? මෙයා යුද්දෙ කාලෙ හිටියේ ලංකාවෙ නෙමෙයි ද දන්නේ නෑ.. තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කරනවා.
මෙයාව කවුරුත් ගණන් ගන්නේ නැතුව ඇති , අඩු ගානේ ගෙදර ඉන්න බල්ලවත්. ඔහොම කතාවක් කිව්වම නිකම්ම ප්‍රසිද්ධියට පත් වෙනවා .
ඉතාම කණගාටු දායක තත්වයක්. රණවිරුවන් අභිමානයෙන් සිහිකළ යුතු දවසක අපේම සිංහලයන්ගේ මෙවැනි මෝඩ ප්‍රකාශ අන්තර්ජාතික මානව හිමිකම් සභාවලටනම් ඉතාම වටිනවා. මේ කාන්තාව කල ප්‍රකාශය දෙමළ බෙදුම්වාදීන්ටත් ගොඩක් වටිනවා. මේ කාන්තාවට ඡන්ද දුන් ජනතාවටත් දෙයියන්ගෙම පිහිට තමා.
වචනයේ තේරුම නොදෙන කතා කල එයාට අනුකම්පා කරන්න(සමුඋල ගාතනය)
රණවිරු ප්රශ්නය එතරම්ම ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. පළමුව අපේ ජීවිත බේරා දුන්නට රණවිරුවන් ට ස්තුතියි. යමෙක් හමුදාවට බැඳෙන්නේ රැකියාවක් සඳහා, මුට්ට උස්සන්නම නෙවෙයි. යුද්ධයේදී මරණය බාරගන්න බවට සහතික වෙනවා. යුදහමුදාවට බැඳෙන්නේ මරණය බලාපොරොත්තුවෙන්... එච්චර ගණන් ගන්න එපා. හොඳම දේ වන්නේ යුද හමුදාවට නොබැඳී සිටීමයි.
අධ්‍යාපන සුදුසුකම්වත් බලන්නේ නැතුව මෝඩයින්ට දේශපාලන බලය දුන්නම කියන්නේ මොනවද, කරන්නේ මොනවාද කියලා දන්නේ නෑ. මේ අයට බලය දුන්නේ රටේ ජනතාවයි. දැන් ඉතින් විඳවපල්ලා බොලව්...
රට විනාශ කරපු කොටි කල්ලිය පලවා හැර රට බේරා ගැනීමට කල සටනේදී රණවිරුවන් හට තිබු විශාලම ප්‍රශ්නයක් වූයේ කොටින් සාමාන්‍ය ජනයාට මුවාවී ප්රශ්නය අවුල් කිරීමයි. සාමාන්‍ය දෙමළ වැසියන් ඝාතනය කර වරද හමුදාව වෙත පැවරීමට කටයුතු කළා. බොරු වීඩියෝ ලොව පුරා ප්‍රසිද්ධ කළා. මේවා නොදැනයි මේ කතාකර තිබෙන්නේ. සමූල ඝාතනයක් වුනානම් තවත් මිනිසුන් ජීවත් වෙන්නේ කොහොමද? මෙය වචනවල තේරුම ගැන හරි හැටි නොදැන එක් අයෙකු කල කතාවක් පමණයි.
අපේ මව්බිම අත්නොවිඳිය යුතු, කුරීරු ශාපලත් සිවිල් යුද්ධයක වසර 30ක් පැටලී සිටි බව ඇත්තය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශවය පමණක් නොව සිවිල් වැසියන්ගේ ජීවිතද විනාශවීම සාමාන්‍ය පිළිතුරකි. පිළිගත් නීතිරීති අනුව සටන් වැඩිම රාජ්‍ය හමුදාවක කාර්යභාරය වන අතර ත්‍රස්තවාදී සංවිධානයකට එවැනි නීතියක් නැත. ඔවුන් සටන් වදින්නේ බිහිසුණු අයුරිනි. මේ වෙනස තේරුම් ගත යුතුය. මහජන නියෝජිතවරියක් ලෙස වඩාත් සැලසුම් සහගතව, නිවැරැදි තොරතුරු පදනම් කරගෙන අදහස් ප්‍රකාශ කල යුතුය. නිවසක උස්පිලේ සිට හෝ ළිඳ ළඟ සිට කරන ඕපාදූපයකට වඩා වෙනස් විය යුතුය."මා දන්නේ එකම දෙයක් පමණි. එනම් මා නොදන්නා බවය. "තේරුම් ගන්න.
අපේ මව්බිම අත්නොවිඳිය යුතු, කුරිරු ශාපලත් සිවිල් යුද්ධයක වසර 30ක් පැටලී සිටි බව ඇත්තය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශවය පමණක් නොව සිවිල් වැසියන්ගේ ජීවිතද විනාශවීම සාමාන්‍ය පිළිතුරකි. පිළිගත් නීති රීති අනුව සටන් වැඩිම රාජ්‍ය හමුදාවක කාර්යභාරය වන අතර ත්‍රස්තවාදී සංවිධානයකට එවැනි නීතියක් නැත. ඔවුන් සටන් වදින්නේ බිහිසුණු අයුරිනි. මේ වෙනස තේරුම් ගත යුතුය. මහජන නියෝජිතවරියක් ලෙස වඩාත් සැලසුම් සහගතව, නිවැරදි තොරතුරු පදනම් කරගෙන අදහස් ප්‍රකාශ කල යුතුය. නිවසක උස්පිලේ සිට හෝ ලිඳළඟ සිට කරන ඕපාදූපයකට වඩා වෙනස් විය යුතුය. "මා දන්නේ එකම දෙයක් පමණි. එනම් මා නොදන්නා බවය." තේරුම් ගන්න.
දකුණේ කොටි හඳුනා ගන්න හොඳම අවස්ථාව... මෙම ප්‍රකාශ කරන්නවුන්ට අනාගතයේදී නම් වැඩ වරදියි.
මෙයාගේ තාත්තා ප්රභාකරන් වෙන්න ඇති.. තියෙන තුප්පහි ගතිය තමයි පෙන්වන්නේ. ජඩ පාලනයේ නිවට ගතිය ඕක තමයි.
මීකිරි වලට ප්‍රසිද්ධ ඇඹිලිපිටියේ වැඩිපුර ඉන්නේ මී හරක් නේ...
අද තමුන් ඇතුළු ජනතාව නිදහසේ ජීවත් වෙන්නේ ත්‍රිවිධ හමුදාව නිසා බව ලක්මිණි තරයේ මතක තබා ගත යුතුය. නොහැකියාව පෙන්වන්නේ නැතිව කල්පනාවෙන් කතාකරන්න.
අනිවාර්යෙන්ම මේ 7 වත් සමත් නැති අයනේ... කාගෙන් හරි ලොකු ගාණක් අරගෙන ඇති. මේ වගේ අයට ඡන්දෙ දුන්න අයට දැන් දැනෙනවා ඇති ඡන්දෙ දුන්න එකේ රඟේ...
සමූල ඝාතනයක් වුනේ කොටි අතින්. මායිම් ගම්මාන කියලා අඳුන්වපු ගම්වලට පැනලා අසරණයින් මරද්දි මේ අය ලිප් බොක්කේ හිටියේ.. කොහොමද? අරන්තලාවේ, අනුරාධපුරයේ, ඩොලර් ෆාර්ම්, කෙන්ට් ෆාම්, කාත්තන්කුඩි මිනී මරද්දී මේ අය හිටියේ කොහේද? බලයේ ඉන්න මුග්ධ කතා කියන අය...
මෙහිදී ජේවීපී නියෝජිතයා වැරදි බව මා ප්‍රායෝගිකව ඔප්පුකරනවා. පසුගිය භීෂණ සමයේදී ඒ අය බොහෝ ත්‍රස්තවාදී වැඩ කළා. මා හට පුවත්පත් වාර්තා කිරීම, ප්රවෘත්ති ලිපි පල කිරීම, ඡායරුප ගැනීම ආදිය කිරීම නොකරන ලෙස තහනම් නියෝගයක් පැනෙව්වා. පසුව මා දෙනියාය මොරවක ප්‍රදේශයේ අපගේ ව්‍යාපාර කටයුතු කළා. අපගෙන් බලෙන් දිනපතා විශාල ලෙස කප්පම් මුදල් ගත්තා. කෑමබීම ආදී සියලුම දේ බලෙන් ගත්තා. ඒ අයට නොමිලේ බඩු දුන් අප හමුදාවට මුදල් වලට බඩු දුන්නා කියා මා ඇතුළු සය දෙනෙකුව කාමරයකට දමා බෝම්බ දෙකක් ගැසුවා. අක්කට මාරාන්තික තුවාල ලැබුණා. හමුදාවට පින්සිදු වන්නට ඒ ජීවිතය බේරුණා. පරාණ බයේ එළියට පැන්න නිසා අන්අය සුළු තුවාල ලැබුවා. පසුව අපව මරා දැමීමට මිනීමරුවන් යොදවා තිබුණා. අප තැන තැන සැඟවී අපමණ දුක් විඳ දිවි බේරාගත්තා. පොලිස්පතිතුමනි, මෙය බොරුවක් කියා සිතන්නේ නම්, මොරවක පොලීසියෙන් සහ එම ප්‍රදේශයෙන් සොයා බලා මාහට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. අවශ්‍ය නම් නැවත පැමිණිලි කිරීමටද පුළුවන.
මෙහෙම කරන අයට උල තියන්න ඕනේ...
ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා නොකළ බව කවුද කියන්නේ? 1971 සහ 1988-89 කාලවල සිදු වූ දේවල් දන්නා අයගෙන් අහලා බලන්න.
මේ කාන්තාව පත්තරක්වත් බලල නැහැ. ලෝකේ පිළිගත්තු යුද විශ්ලේෂකයින් අපේ රටේ යුද්ධය කරපු ආකාරය ගැන ඉතා ඉහළින් අගය කළා. එවැනි වාර්තා 6ක් තියෙනවා. මේ ළඟදී නෙස්බි සාමිවරයා එංගලන්ත පාර්ලිමේන්තුවේ මේක කිව්වා. යුද්ධය කාලේ ඔවුන්ගේ තානාපතිවරු දීපු වාර්තා සාක්ෂි දරනවා. යුද්ධයෙන් අහිංසක ජනතාව මරුනේ ඉතාම සුලුවෙන් කියලා. ඇමරිකන් සැටලයිට් වලින් යුද්ධය අවසාන කාලේ මුළුමනින්ම ඔවුන් නැරඹුවා. අපේ රණවිරුවන් මැරෙන බව දනදැනම මිනිස් බෝම්බවලට වෙඩිතැබුවේ නැහැ... අහිංසක මිනිස්සු මැරෙන නිසා... සමුල ඝාතනයක් වුනා නම් කොහොමද ලක්ෂ 3 ක ජනතාව කොටින්ගෙන් මිදිලා හමුදාවට එකතු වුනේ. ඔවුන් කිව්වේ අපේ ඉතිරි ටිකත් බෙරලා දෙන්න කියලයි. අපේ රණවිරුවන් කලේ ලෝකේ මේ තාක් වූ ශ්‍රේෂ්ඨම ජීවිත ගලවා ගැනීමයි.
රජකාලේ දඬුවමක් වූ පුවක් ගස් දෙකක් කිට්ටු කර කකුල් දෙකෙන් එල්ලලා ලණුව කපන්න ඕනේ පුවක් ගස් දෙක ඈත් වෙලා ඉරිලාම යන්න.
මූනෙන්ම කියන්න පුළුවන් ඔල මොට්ටල මුහුණක් තියෙන්නේ කියලා...
සමූල ඝාතනය වුනානම් පුනරුත්ථාපනය කලේ ඉන්දියාවෙන් ගෙනැල්ලද? පහුගිය කාලේ ඡන්ද ලක්ෂ ගාන ලැබුණේ හොල්මන් වලින්ද? නොදන්නා දේවල් තේරුම නොදැන කියවීම වැරදියි. යම් අඩුපාඩු යුද්ධයකදී විය හැකියි. කෙසේ හෝ එය නිම නොවුණා නම් කොපමණ ජීවිත ගණනකින් වන්දි ගෙවන්නද? කුඹුරු කොටන කොට සතුන් මැරෙනවා. එ්ත් බත සපයාගන්න කුඹුරු කොටන්න වෙනවා. මේ යථාර්තය නොදන්නා නොතේරෙන අය නිකම් කියවනවා. අනෙක ජේවීපී එක තමයි ලංකාවට ඔයවගේ වැරැදි ආදර්ශයක් දුන්නේ... පසුව ඔවුන් සමූල ඝාතනයක් වූ නිසා දැන් තිබෙන තත්වයට අාව කුමන හේතුවකට කළත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි.
ප්‍රාදේශීය දේශපාලකයින් තම ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න සොයා බලා නිරාකරණය කරගන්නේ නැතුව, බොරුවට ජාතික තලයේ තිබෙන තමන්ට අදාල නැති ප්‍රශ්න ඇදලා අරගෙන බොරුවට කාලය නාස්ති කරමින් බහුබූත දොඩවනවා. මේ ගොල්ලන් නඩත්තු කරන්න බදු ගෙවන ජනතාව විශාල මුදලක් වියදම් කරනවා.
මේ ඡන්දේ දුන්න අයට අබ සරණයි........
අදින් වසර ලක්ෂයකට පමණ පෙර මානවයා මුගුරක් අතට ගත්තේ කශේරුකාව ඍජුව පවත්වා ගැනීමටත් වඩා සතුරු උපද්‍රවවලින් ආරක්ෂාවීම සඳහාය. රංචුවේ ක්‍රියාශීලීම මිනිසා නායකත්වය තහවුරු කර ගැනීමෙන් පසුව සෙස්සන් පාලිතයින් සේ සලකා මර්ධනය ආරම්භ කළේ මානව ඉතිහාසයේ ඛේදවාචකය ආරම්භය සනිටුහන් කරමිනි. අපට සාපේක්ෂව එළාරට එරෙහිව දුටුගැමුණු රජතුමා, සොළින්ට එරෙහිව වළගම්බා මෙන්ම බ්‍රිතාන්‍යන්ට එරෙහිව 1818 සහ 1848 කැරළි වටාපතින් පවන් සැලීම් නොව කඩුව රතු ලෙයින් පොඟවා ගැනීමයි.1971 සහ 1988/89 තරුණ නැගිටීම් මර්ධනය කළේ සාමය නැමැති තුවක්කුවෙන් තරුණ හදවත් පසාරු කරමිනි. තරුණයින් ප්‍රතිප්‍රහාර එල්ල කල "ගල්කටස්" ත්‍රස්තවාදී ගිනි අවියකම විය. ඉතිහාසය ලේඛනගත කළේ ජයග්‍රාහකයා මිස පරාජිතයා නොවන කල්හි සිදුවීම් පෙළ ගැසෙනුයේ කැකිල්ලේ තීන්දුවලිනි. මෙම වකවානුවට පෙර සිට ගම්වල ධනයෙන්, කුලයෙන්, බලයෙන් යුත් පිරිස් ගමේ පීඩිතයින් නොසලකා හැරියහ. එවැනි අය මෙම නොසන්සුන් අවස්ථාව වෛරයට හරවා ගනිමින් තරුණ විමුක්ති වාදීන්ගේ ගිණුමට බැරකරමින් නොයෙකුත් අපරාධ කළහ. මෙම සංවාදය විකෘති කරනුයේ ඉතිහාසය වරදවා කියවූ මහත්වරුයි.
අජිත් ඒ කාලේ ඉන්න ඇත්තේ හදිසියේ ඕනෑ වුනොත් ගන්න පොල්කට්ටකුත් තියාගෙන ඇඳ යටවෙන්න ඇති. එහෙම නැතිනම් ත්‍රස්තවාදී කණ්ඩායමේ වෙන්න ඇති...