(සුජිත් හේවාජුලිගේ)
ජාතික විගණන පනත පිළිබඳ විවාදය දෙවැනි වතාවටත් කල් ගොස් ඇත.
මේ පනත් කෙටුම්පත ලබන 24 වැනි දා විවාදයට ගැනීමට නියමිතව තිබිණි. පනත එදින විවාදයට නොගන්නා බව පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී ආණ්ඩුවේ පාර්ශවයෙන් දැනුම් දී ඇත.
මේ පනත මීට කලින් ඉකුත් 11 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එදින ද විවාදය නොපැවැත්වීමට පසුව තීරණය කෙරිණි.
මේ පිළිබඳව අප කළ විමසුමකදී අදහස් දැක්වු ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ජාතික පනතට බාලගිරි දෝෂය වැළඳී තිබෙන බවයි.
මේ පනත විවාදයට ගැනීමට ආණ්ඩුව බියවී සිටින බව කී ගුණවර්ධන මහතා ජාතික විගණන පනතට ඉතා වැදගත් විධිවිධාන කිහිපයක් ඇතුළත් වී තිබෙන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයි කොයි කොයි කිල්ලෝට වලත් හුණු තියනවනේ. ලංකාවේ හුණුගල් නැති වෙනකම් කිල්ලොට අයින්වෙන එකක් නැහැ.