මනෝප්‍රිය ගුණසේකර
රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ‘ක්‍රිෂ් ලංකා‘ නැමති ඉන්දීයානු පෞද්ගලික සමාගමකින් ලබාදුන් රුපියල් මිලියන 70 ක් අවභාවිතා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නිතිපතිවරායට සිහි කැඳවීමක් කළාය.
මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිදු කරන පරික්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න‘යි නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතත් මේ දක්වා අදාළ උපදෙස් දී නොමැති බවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කළ දැනුම්දීමක් සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර පැමිණිල්ල ජුලි 13 වැනි දා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හොර ජාතික හැඳුනුම්පතක් සහිත ගිණුම්, ආච්චිගේ මැණික් මල්ල නඩු කෝ?
අනේ, මේ අහිංසක කිරිසප්පයට කරදර නොකර ඔය වැඩේ ගැන තව හත් අට අවුරුද්දක් වත් සද්ද නොකර ඉන්න !