කිසියම් පිරිසක් ආණ්ඩුවේ වෙබ් අඩවි කිහිපයකට අනවසරයෙන් අතුළු වී දත්ත වෙනස් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
‘දෙමළ ඊලාම් සයිබර් බළකාය‘ නමින් හඳුන්වා ගත් කණ්ඩායමක් මෙලෙස වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුළු වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි. සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශ වෙබ් අඩවියේ අදාළ කණ්ඩායම පණිවිඩයක් ද සටහන් කර තිබේ. රජයේ ඇතැම් වෙබ් අඩවි වලට පිවිසීමට නොහැකි වී ඇති අතර ඊට හේතුව කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළු වීමදැයි නොදන්නා බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ ගැන කළ විමසීමක දී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ ගැන වාර්තා වී ඇති බවයි. කවුරුන් විසින් එලෙස අනවසරයෙන් ඇතුළුවීදැයි තවම කිව නොහැකි බව ද එම ප්‍රකාශකයා කීවේය.
ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමක දී එම නිලධාරියා ප්‍රකාශ කළේ මේ ගැන තමන් නොදන්නා මුත් තම අමාත්‍යංශයේ අදාළ අංශවලින් දැනුම්වත් කළ වහාම නෛතික පියවර ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා... රට වෙනුවෙන් ගත්ත තීන්දු තීරණ වගේ හරිම වැදගත් තොරතුරු රැසක්ම තියෙන්න ඇති නේද? බලන්නකෝ එ්කෙත් වැඩේ හැටි.... රට දියුණු කරන්න වැඩ පටන්ගන්න යනකොටම ඒ තොරතුරුත් "හැක් කරලනේ".