ක්වාලාලම්පූර්හිදීය
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක්ෂ 28.7ක්) ද වන බව එරට ‘ස්ට්‍රේට්ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය අද (17) වාර්තා කළේය.
දූෂණ චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ ඔහුට සම්බන්ධ තවත් ස්ථාන හයක් ඊයේ (17) සහ පෙරේදා (16) දිනවලදී පරීක්ෂාවට ලක්වූ අතර අද (18) ‘තමන් දූතා’ සුඛෝපභෝගී මන්දිරියේ හිටපු අගමැතිවරයාට අයත් නිවාස සංකර්ණයක් පොලිස් පරීක්ෂාවට ලක්විය.
එම මන්දිරයේ තිබී මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ ඔරලෝසූ බහාලූ පෙට්ටි 284ක් සහ මුදල් බහාලූ බෑග් 72ක් පොලිස් භාරයට පත්විය.
මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් කරනු ලැබ තිබෙන අතර මැලේසියාවේ මුදල් විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ බව මැලේසියානු පොලිසිය සඳහන් කළේය.
හිටපු අගමැතිවරයා විසින්ම ආරම්භ කරනු ලැබු ‘1 මැලේසියා ඩිවලොප්මන්ට් බර්හාඩ්’ රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට ඔහුටම චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.
හිටපු අගමැතිවරයාගේ බිරිඳ එම අරමුදලේ මුදල්වලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 23ක් වටිනා රෝස පැහැති දියමන්තියක් මිලදී ගත් බවට ද චෝදනා එල්ල වී තිබේ.
මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ අනෙකුත් දෑ භාවිතය සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයාගේ බිරිඳ ප්‍රසිද්ධියක් ඉසිළු අතර පොලිස් භාරයට පත්වූ බොහෝ දෑ ඇයට අයත් බව ද පැවසේ.
විදෙස් වාර්තා ඇසුරිනි
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සල්ලිත් තිබුණලුද? පව් අසරණයා
ඒ හාදයා අපේ අම්බරුවෙක්ගෙන් අතමාරුවක් ගන්න ඇති පස්සේ දෙන්නම් කාසිවලට..... දැන් ලංකාවාසින් හට ඇසින් දුටුවා සේ අනේකවිධ නාට්‍ය පිටපත්, චිත්‍රපට දැක ගැනීමට හැකිවෙයි.
අපිට සොයාගන්නට අවශ්‍යයි ලංකාවේ සල්ලි ඔහුට දුන්නේ කවුද කියා?
තව ටික දවසකින් කියාවි මේ සල්ලි රාජපක්ෂගේ සල්ලි කියලා කට්ටියම...
කව්ද ඉතින් සමකාලින ලාංකික නායකයෙක් තමයි.
අර අපේ උන්නු රෙජීමයේ කට්ටිය වගේ. පුදුම ගැහිල්ලක්නේ ගැහුවේ.. සහෝදර සමාගම ඇතුළු ඇමැති මණ්ඩලය, මන්ත්‍රීවරු එහෙම...
ඕවත් හොඳ වැඩද?
අර අහුවෙන්න යන වෙලාවේ ෂුවර් එකට එයාට ගෙනිහින් දෙන්ට ඇති අපේ කව්රුහරි.
දැන් බලන් ගියාම එහෙත් මෙහෙ වගෙමයි.
මහතීර් වගේ දුෂණය නැතිකළ නායකයෙක් ආවම මේවා හොයල ඇල්ලුවට අපේ නායකයෝ නම් දුෂණයට පක්ෂයි.
එතුමාට කියන්න තිබෙන්නේ මේ සල්ලි ගැන මම මුකුත් දන්නේ නැහැ, අපි හොඳ විවාහ ජිවිතයක් ගත කරනවා නමුත් මේවා සමහරවිට මගේ භාර්යාවට කවුරු හරි ලංකාවෙන් අපු කෙනෙක් තෑගි දුන්න දෙයක් වෙන්න පුළුවන්, , එහෙමත් නැත්නම් ලංකාවෙන් අාපු කව්රුහරි මුදලාලි කෙනෙක් එයාගේ සල්ලි ගෝනි වාහනේට පටවනකොට අමතක වෙලා මේක දමල යන්න ඇති ,ලංකාවේ සල්ලි පමණක් නොව අලිපැටවුනුත් පන්සල් ඉස්සරහ අමතක වෙලා දමල යනවා කියල
මෙහෙ දේශපාලකයන්ගේ ගෙවල් පරීක්ෂා කලොත් ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ .
ආආ බය වෙන්න දෙයක් නැහැ , ඩේසි ආච්චි ගෙන් ලැබුනා කියලා ඇඟ බේරා ගන්න . එච්චරයි.
අනේ අම්මපා ඔහෙලා හුඟ දෙනෙකුට දැන් අර අර්ජුන මහේන්ද්‍රන් හවුල්ද? නැද්ද? කියලා හිතුනෙම නැහැ නෙව... අර රාජපක්ෂවම කන්න හදන්නේ.
මෙම සිද්ධියේදී අපගේ මුදල්ද ගෑවීමක් තිබෙනා බැවින් එරට පොලීසියෙන් තොරතුරු ගෙන වහාම ක්‍රියා කිරීම වැදගත්. පක්ෂ, පාට, පක්ෂ, විපක්‍ෂ ආදී දේ ගැන නොසිතා අපේ රටේ අය මෙයට සම්බන්ධ නම්, ඔවුන්ට වහාම නිසි දඬුවම් හිමිවිය යුතුයි.
දඬුවම් දෙන්න පුළුවන් නම් හොඳයි ඒත්... ප්‍රශ්නය තියෙන්නේ කවුද දඬුවම් දෙන්නේ සහ කාටද දෙන්නේ? කියන එකනේ...
මොන කෙහෙල්මලකට බිබික්කන් කන්නද?
මැලේසියාවේ අයට රුපියල් කන්නද? ඩොලර් නම් කමක් නැහැ.
ලක්ෂ 28ක් හොයන්න මැලේසියා යන්න කීයක් වියදම්ද? ඔන්න ඕවා අත්ඇරලා දාලා අපේ වැඩක් අපි බලාගනිමු. වෙහෙර ගිල්ල කෙනාට අග්ගලාවත් කජ්ජක්ද ඇහුවලු..
එහෙ ගිහිල්ලා හංගලා ඇති. දැන් මෙහෙ බඩේ අමාරුව තියෙන අය කව්ද කියලා හොයන්න පුලුවන් නම් හරි...
ඕන එකක් වුනාවේ
මේකට අනිවාර්යයෙන් අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ නැහැ. මොකද එයා හොරකම් කරනවා නම් හොරකම් කරන්නේ මිලියන 2-3 නොව මිලියන 100 සිට ඉහළට... මෙවැනි සිල්ලර වැඩ එයා අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ. අනිත් එක යුරෝපීය ඇඳුම් කට්ටලයක් ඇදගෙන එක ටෙලිෆෝන් පණිවිඩයෙන් කෝටි කිහිපයක් හොරකම් කරන්න පුළුවන්කම තියාගෙන මේවගේ වැඩ කරන්නේ නැහැ. සමහර විට අර අපේ මුකුත්ම නොදන්නා ඇමති එහෙ ගිය වෙලාවේදී නෝනා දුන්න පොකට්මනි ටික අමතක වෙලා එහෙ දමලා ආවද දන්නේ නැහැ.