(රොමේෂ් මධුෂංඛ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් සිට)
අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ 09 වන වසර සමරා අද (18) මුලිත්ව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයක් පැවත්වුණි.
මීට වසර 09 කට පෙර පැවති යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාර්කය අසලදී මෙම සැමරුම් උත්සවය පැවති අතර එහිදී උතුරු මහ ඇමති හා අවසන් යුද්දයේදී සිය මව,පියා,සහ සහෝදරයින් තිදෙනෙකු අහිමි වූ දැරියක් විසින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ ප්‍රධාන පහන දැල්වීමට පියවර ගත්තේය.
පසුගිය වසරේදී (2017) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණද මෙවර කිසිදු දේශපාලන නායකයෙකු ප්‍රධාන නොකළ අතර උතුරු මහඇමති ප්‍රධාන වූවේද දේශපාලන නායකයෙකු වශයෙන් නොව උතුරු පළාත් සභාවේ සංවිධානත්වයෙන් සිදු වූ නිසාවෙනි, ඊට හැරෙන්නට වෙනත් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුට මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් ප්‍රධානත්වය දරන්නට අවස්ථාවක් නොදී සිටියහ.
පෙර පැවති යුද සැමරුම් උත්සවයන්ට වඩා මෙවර වෙනස් වූවේ යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේදී පූර්ණ සහයෝගය ලැබීම හේතුවෙන් මුල්ලි වයික්කාල් සැමරුම දේශපාලනීකරණය වීමට විශ්වවිද්‍යාල සිසුන් විරෝධය පෑමත් සමඟ ඇති විය හැකි විරෝධතාවන් හේතුවෙන් දේශපාලන අධිකාරිය මෙම සැමරුමෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට මුල්ලි වයික්කාල් වැසියන් කියා සිටියහ.
මෙහිදී උත්සව අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා අවසන් යුද්දයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා කර භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම කළේය.
උත්සව අවස්ථාවට සහභාගී වූ උතුරු මහඇමති විසින් රැස්ව සිටි පිරිස් ඇමතු අතර උතුරු මහඇමති විසින් මිය ගිය වැසියන් වෙනුවෙන් ශෝක පණිවිඩය ප්‍රකාශයට පත් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පෙනෙන හැටියට නම් පන්දාහක් තියා පන්සියයක් වත් මෙතන නැහැ.
අපේ සුබ පැතුම්... අවසන් සටනේදී මරාදැමූ අහිංසක ජනතාව සිහි කිරීමට අපිත් එක්වෙනවා. සංහිඳියාව ඇති කළේ යහපාලන රජයයි.
මේ ගොල්ලෝ මේ අපිව ගොනාට අන්දන්න හදනවා. අපේ ගොයියන්ටත් දැන් මේ ගොල්ලෝ අහිංසක මිනිස්සු ලෙසටයි පෙනෙන්නේ...
ලොරි වල බස් වල සෙනග පටෝගෙන ඇවිල්ලා වැඩක් නැහැ ලෝකෙට පෙන්න ................ නැති උන දරුවෙක් ගැන කැක්කුම ඒ දෙමාපියන්ට .ඔතන ඉන්නේ මිය ගිය අයගේ පවුලේ අය.එන්න බැරි අයත් ඇති............
ජීවිතයක වටිනාකම ජාතියක්, කුලයක් වැනි පටු බෙදීම්වලින් තීරණය කල නොහැක.හෙළයන් වේවා, දමිළයන් වේවා දිවිදුන් සැම මේ බිමට අවශ්‍ය මොහොතක 30 වසරක කුරිරු යුද්ධය විසින් බිලිගත් බව සිහි කරමින් ඔවුන්ට ගෞරව කලයුතුයි......
පාසල් සිසුන් මේ සැමරුමට යොදා ගැනීම ගැන අපේ මහ උදවිය සොයා බැලුවොත් හොඳයි. (අන්තිමට කියයිද දන්නේ නැහැ.. මේක ජාතික සැමරුමක් කියලා. අපේ දොස්තර) අනික 5000ක් නම් පේන්න නැහැ 500ක් විතර ඉන්න ඇති..
ඕකට වග කියන්න ඕනේ මිනීමරු ප්රභාකරන්, එතකොට ඔය මිනීමරුවා සිරිමහ බෝධීන් වහන්සේ වඳින අහිංසක මිනිස්සු මැරුවේ නැද්ද?
සාමාන්‍ය වැසියන්ද? අදම සමරන්න ඕනෑද? පව්!! අපි මාර ගොන්නුනේ මේවා තේරුම් ගන්න බැරි. කොන්ද පණ තියනවා නම් මේවා තහනම් කළයුතුයි.
එහෙම නම් මිනීමරු ත්‍රස්ත කණ්ඩායම්වල බෝම්බ වලට ලක්වූ දකුණේ වැසියන් අපි සමරන්න ඕනෑ..