වගා ළිඳකට වැටී අයියා මලෝ අවසන් ගමන් යති මන්නාරම ,මඩු ,කාකේකුලම් ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී අවුරුදු පහක සහ හතක කුඩා ළමුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 16 March 2018
ගාල්ල ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට ගාල්ල වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ ඇතිවූ ගින්නෙන් පානීය ජලය බෙදාදීමේ ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතත් කරාපිටිය ශික්ෂණ රෝහලට, මහමෝදර මාතෘ රෝහලට ඇතුළු රෝහල් වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 16 March 2018
වක්වැල්ලේ ගින්නෙන් ගාල්ලේ ජල පාරිභෝගිකයින් 25,000 ක් අමාරුවේ ගාල්ල වක්වැල්ල ජලාපවිත්රාගාරයේ ප්‍රධාන විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ විදුලි කාන්දුවනිසා එහි විදුලි පද්ධතියේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇත. 15 March 2018
ගාල්ල වක්වැල්ල ජල පොම්පාගාරයේ ගින්නක් ගාල්ල ප්‍රධාන ජලපවිත්රාගාරයේ මීට සුළුමොහොතකට පෙර ඇතිවූ ගින්නකින් එහි ප්‍රධාන විදුලිය බෙදාහරින පද්ධතියට බරපතල හානි සිදුව ඇත. 15 March 2018
ශ්‍රී ලන්කන් විකිණීමේ තීරණය වෙනස් කරයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට කලින් ගෙන තිබු තීරණය අත්හැරීමට රජය තීරණය කර තිබේ. 15 March 2018
අල්ලස් ගත් නිලධාරීන් දෙදෙනා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු රුපියල් 50 000 ක් අල්ලස් ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 15 March 2018
මහනුවර සිදුවූ දේපොළ හානිවලට වන්දි ගෙවීමට අමාත්‍යංශ 4ක් ජාතිවාදී ස්වරූපයෙන් මහනුවරදී ඇතිවූ ගැටුම් හේතුවෙන් ඇතිවූ දේපොළ හානිවලට වන්දි ගෙවීමට අමාත්‍යංශ හතරක් යෙදවීමට රජය තීරණය කර තිබේ. 15 March 2018
හදිසි නීතිය ඉවත් කරන්න එපා - ආරක්ෂක අංශ මහනුවර ඇති වු ජාතිවාදී ස්වරූපයේ ගැටුම් වල පරික්ෂණ අවසන් වන තුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙස ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා තිබේ 15 March 2018
බොදු බල සේනා සංවිධානයෙන් අගවිනසුරුට ලිඛිත පැමිණිල්ලක් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අපහාස කිරීම සහ නීතීඥ වෘත්තීයට නොගැලපෙන ලෙස කටයුතු කරන නීතීඥ අජිත් ප්‍රසන්න සම්බන්ධයෙන් සුදුසු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානය අගවිනසුරුවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙත අද (15) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 15 March 2018
මත්කුඩු පැකට් 70ක් සමඟ පිය පුතු දෙපල පොලිස් දැලේ ත්‍රීරෝද රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පිය පුතු දෙපලක් රුපියල් හැට දහසකට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු පැකට් 70ක් සමඟ අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේදී අද (15) අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය කියයි. 15 March 2018
මහින්දානන්දගේ අභියාචනයේ තීන්දුව අප්‍රේල් 05 තමන්ට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන අපේ‍්‍රල් 05 වැනිදාට කල්තැබීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය. 15 March 2018
අධිකරණ සංවිධාන පනතට සහාය දක්වමින් ඇමැති චම්පිකත් අධිකරණයට අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට විරෝධතා ඉදිරිපත් කිරීමට ජාතික හෙළ උරුමය කටයුතු කරන බව එහි මහ ලේකම් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 15 March 2018
මල්ලී අපයෝජනය කළ අයියා අල්ලයි වනාතවිල්ලුව ප්‍රදේශයේ ගම්මානයක තම බාල සොහොයුරා අපයෝජනය කළ බව කියන වයස අවුරුදු 17ක සිසුවකු අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි. 15 March 2018
නීතීඥ සංගම් රීට් පෙත්සම් විභාගයෙන් විසිනුරුවරු දෙදෙනෙක් ඉවත්වෙති අල්ලස් පනත යටතේ අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙනෙකු අද (15) ඉවත් වූහ. 15 March 2018
ලක්ෂ 106 ක භාණ්ඩ තොගයක් රේගුවෙන් අත්අඩංගුවට කපු නූල් කිලෝ ග්‍රෑම් 2650 ක් බවට රේගුවට පවසමින් ලංකාවට ගෙන්වීමට තහනම් කරන ලද ගලයිෆොසෙට් පැකට් 10,000 ක් දුම්කුඩු ග්‍රෑම් ඇසුරුම් තිස්පන්දහසක් ,පාවහන් සහ දුම්වැටි ඇතුළු ලක්ෂ 106 ක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් පෑලියගොඩ නව නුගේ පාරේ රේගු ගුදමේදී ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශය මගින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය. 15 March 2018
‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය. 15 March 2018
ලසන්ත ඝාතනයේ සාක්කි විනාශ කළැයි පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ් සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 15 March 2018
ධීවරයින්ට ලබා දෙන භූමිතෙල් සහනාධාරය විකිණිමේ ජාවාරමක් ත්‍රිකුණාමල කින්නියා ධීවර ඉන්ධන පිරවුම්හලට රජය මඟින් ලබාදෙන සහනාධාර භූමිතෙල් ප්‍රදේශයේ බස් හා ලොරි රථ වලට අලෙවි කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් අද (15) සමත්ව තිබේ. 15 March 2018
ලක්ෂ 18 ක මත්කුඩු සමඟ අයෙක් දැලේ රුපියල් ලක්ෂ 18 ක් අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග ජාවාරම්කරුවකු කොටහේන ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 15 March 2018
ඥානසාර හිමියන්ට වරෙන්තු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කළේය. 15 March 2018
දින නවයකට පසු ෆේස්බුක් අවහිරය ඉවතට මහනුවර ඇතිවූ කළහකාරී සිදුවීමත් සමඟ ෆේස්බුක් සමාජ ජාලය අවහිර කරමින් රජය විසින් ගනු ලැබූ තීරණය දින නවයකට පසු ඉවත් කර තිබේ. 15 March 2018
මව් පිය සෙනහස අහිමි වු දරුවන්ට පොලීසියෙන් රැකවරණය මා පිය රැකවරණයක් නොමැතිව ගලේවෙල බේලියකන්ද ප්‍රදේශයේ වත්තක පිහිටි මඩුවක දමා ගොස් සිටි වයස අවුරුදු එකහමාරක හා හතරක දරුවන් දෙදෙනෙකු අද (15) සොයාගත් බව ගලේවෙල පොලිසිය පවසයි. 15 March 2018
හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තුවක් නිකුත් කළාය. 15 March 2018
‘සමාජ මාධ්‍ය රජයේ අත්අඩංගුවෙන් මුදන්න‘ - ජවිපෙ කියයි අන්තර්ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ ‘අත්අඩංගුවෙන්’ මුදා හැරීමට පියවර ගන්නා ලෙසත් ජනතාවගේ පුළුල් ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන මාධ්‍ය මර්දනයකට නොකරන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යවා ඇත. 15 March 2018
මුලතිව් ඉඩමක ජීව මෝටාර් බෝම්බයක් මුලතිව් ශිලාවත්ත දියෝගනගර්හි නැවත පදිංචි ගම්මානයේ ඉඩමක තිබී ජීව මෝටාර් බොම්බයක් සොයාගත් බව මුලතිව් පොලීසිය පවසයි. 15 March 2018
නීතී විරෝධිව ගෙන ආ විදේශිය දුම්වැටි සමඟ ලාංකියා දැලේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල් 2,10,000 ක් පමණ වටිනාකමකින් යුතු විදේශීය දුම්වැටි තොගයක් අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 15 March 2018
ඇලෝසියස්-පලිසේන උසාවියට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (15) කොටුව මහේස්ත්‍රාත් උසාවිය වෙත රැගෙන එනු ලැබීය. 15 March 2018
මිතුරන් දෙදෙනාට ටිපරයෙන් මරුවා එයි වැලිගම කප්පරතොටදී මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී අද (15) උදෑසන සිදු වු අනතුරකින් මෝටර් රථයෙහි ගමන් කළ තරුණයින් දෙදෙනා මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 15 March 2018
හදිසි නීතිය ඉවත් කිරීම ජනපති ලංකාවට පැමිණි පසු මහනුවර ඇතිවූ කළහකාරී සිදුවීම් සමග ජනාධිපතිවරයා විසින් පවන ලද හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරය නිමවී ලංකාවට පැමිණි පසුව බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 14 March 2018
අායුර්වේද දෙපාර්තමේන්තු නීති නිලධාරියෙකුත් අල්ලස් ගනිද්දී අල්ලයි රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා රුපියල් 50,000ක අත්තිකාරමක් ලබා ගැනීමට උත්සාහ කළ බව කියන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර නීතී නිලධාරියකු සහ සූත්‍ර කමිටු සාමාජිකයකු අද (14) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 14 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026