(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගෙ )
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් උද්ගතව ඇති, වත්මන් පාරිසරිකගැටලු සහ නිරිත දිග මෝසම් සුළං සමයේ දී ඇතිවිය හැකි පාරිසරික ගැටලු හේතුවෙන් බලාගාරය අවට ගම්මාන කිහිපයක ජනතාව සිය විරෝධය පළකර සිටියහ.
පනයඩිය ප්‍රදේශයේ ගොවියෙකු වූ කදිරගාමන් පුෂ්පනාදන් මහතා පවසා සිටියේ විදුලි බලය ජාතික අවශ්‍යතාවයක් නිසා, තමුන් ඊට එරෙහි නොවන බවයි.
නොරොච්චෝල බලාගාරය අවට ගම්මාන රැසක ජනතාවට උද්ගතව ඇති සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික ගැටළු සඳහා අඳ, ගොලු, බිහිරි පිළිවෙතක් දැරීම සංවේගයට කරුණක් බවත් ඉදිරියේ දී ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණොත් මහපාරට බසින බවත් ඒ මහතා පැවැසීය.
වාරිමාර්ග, ජල කලමනාකරණ සහ ආපදා කලමනාකරණ රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර මහතා විරෝධතාකරුවන් හමුවෙමින් විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසී ජනතාව දේශපාලන අධිකාරිය සමග කථා බහ කිරීමට අවස්ථාවන් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසු ජනතාව විසිර ගියහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් ඇතුලු පරිසර සංවිධාන රැසක සාමාජිකයින් සහභාගී විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලියයි, පරිසරයයි දෙකම ඕනේ. පරිසර විනාශයේ විපාක දැන් ලෝකය අත්විඳින්න පටන් අරන් තිබෙනවා. එ් නිසා පරිසර විනාශය නොකර සූර්ය කෝෂ මගින් විදුලිය ලබා ගන්න සැලසුම් සදනවා නම් ඉතා හොඳයි. ජනතාවට දැන් පුළුවන් රෑට විදුලිබල මණ්ඩලෙන් අරන් ඊට හිලව් වශයෙන් දවල්ට මණ්ඩලයට සූර්යකෝෂ හරහා විදුලිය ලබා දෙන්න. මේකට අධික වියදම් යන බැටරි අවශ්‍ය වන්නේද නැත. එ්කක180ට වඩා භාවිතා කරන අයට මේක ලාභයි. කර්මාන්තශාලා අනිකුත් අායතන තමන්ගේ ලාභයෙන් කොටසක් මේ සඳහා අයෝජනය කිරීමට හා රජය ඊට බදු සහන ලබා දෙනවා නම් යහපත්. විශාල වශයෙන් විදුලිය ඕනේවෙන දවල් කාලයේ වහලයෙන් උපරිම ඵල නෙලා ගන්න පුලුවන්. එතැන දී තිබෙන බලාගාර වහනවට වඩා නැවත බලාගාර ඉදිනොකරන්න හරි පුලුවන් වේවි...!!!
ඡන්දයක් වත් ළඟද, උමාඔය වගේ ඇදගෙන යන්න.
ගල්අඟුරු වලින් විදුලිය හදන එක ලාභ ක්‍රමයක්. රටේ ආර්ථිකයට බර අඩුයි. නමුත් පරිසර ගැටළු අවම කල යුතුවෙනවා. එවැනි තාක්ෂණ ජපානය වගේ රටවල තියෙනවා. ගල්අඟුරු වලට ලංවිම කැමති වියදම අඩු නිසා... නමුත් අමාත්‍යාංශයේ අය කරන දේවල්වලින් හොඳම ගල් අඟුරු එන්නේ නැහැ. එක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන් තේරෙනවා. ඒ එක මාෆියාවක්. දෙවැන්න ඩිසල් මාෆියාව. ඔවුන්ට ඕනෑ කීයට හරි ඩිසල් විදුලිය දෙන එකයි. ඩීසල් ගල්අඟුරු වගේම පරිසර හානි කරනවා. අලුත්ම තර්කය ස්වභාවික වායු. නමුත් ඒවා ගබඩා කරන්න තැනක් නෑ. ඒ නිසා ඩීසල්ම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. තිබ්බත් මිල අධිකයි. සූර්ය බලයෙන් විදුලිය හදපුවාම රෑට කුප්පි ලාම්පුවෙන් තමයි ඉන්න වෙන්නේ. පද්ධතියට දැමිය හැකි සූර්ය බලය සීමිතයි. පම්ප් ස්ටොරේජ් වගේ දේවල් වලට තවත් වියදම් කළයුතු වෙනවා. ඒ නිසා මේ හැම දේම සමතුලිත විය යුතුවෙනවා... ලාභදායක ලෙස විදුලය දීමට...
පරිසරය වනසා සිදුකරන ගල් අඟුරු බලාගාර වසා දමන්න....
රටේ ජනතාවගේ විරෝධය නොතකා එදා පාලකයෝ ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා අද ඇතිවෙලා තියෙන පාරිසරික සමාජිය හා ආර්ථික ප්‍රශ්ණ වලට විසදුම් සෙවීම ඉතා දුෂ්කර හා සංකීර්ණ කාර්යක් වෙලා.එක පැත්තකින් නොරොච්චෝලේ බලාගාරය අනිත් පැත්තෙන් මීතොටමුල්ල වැනි රටපුරා ඇති කුණු කඳු වන අතර තවත් පැත්තකින් පස් කඳු මත ඉඳිකල අධිවේගි මාර්ග නිසා ඇතිවන ගංවතුර තර්ජන.මේ සියල්ලටම මුලවුයේ විශේෂඥයන්ගේ උපදෙස් නොතකා දේශපාලකයන්ගේ අභිමතාර්ථ හා මනදොළ සපුරාලීම හා තම සාක්කුවට වැටෙන කොමිස් මුදල රට හා රටේ ජීවත්වන ජනතාවට වඩා ඔවුනට වැදගත් වීමය.