( ප්‍රසාද් මුතුකුඩ)
නිති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 15 පමණ වටිනා විදේශ දුම්වැටි කාටුන් 75 සමඟ ලාංකික ගුවන් මගියෙකු අද (20) උදෑසන අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය කියයි.
සැකකාර ගුවන් මගියා ඩුබායි නගරයේ ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ( 53) වියැති කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මොහු ග්‍රීන් චැනල් මර්ගය හරහා කටුනායක ගුවන් තොටුපොළින් පිටතට පැමිණි අවස්ථාවේදි ලද තොරතුරක් මත ක්‍රියාත්මක වු රථ වාහන අංශයේ නිළධාරින් පැමිණීමේ පර්යන්තයේ ඉදිරි පිට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස නිති විරෝධි රැගෙන එන විදේශ දුම්වැටි උත්සව , සාද වැනි අවස්ථා සදහා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් හරහා වැඩි මිළ ගණන් යටතේ අලෙවි කිරීමට හැකියාව පවතින බව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වු බව පොලීසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් ගහපු අය එළියේ.මේ මනුස්සය ඕකෙන් ඕනනම් ලක්ෂයක් හොයාගනීවී. අනික කුඩු නෙවේනේ ! එහෙමනම් ලංකාවේ දුම්කොළ සමාගමුත් වහන්ඩ ඕන.
ඇයි අනෙක් භාණ්ඩ වලට වගේ දුම්වැටි වලටත් බදු ගෙවලා ආනයනය කරන්න ඉඩ නොදෙන්නේ ......... දුම්වැටි අළෙවිය සිගරට් සමාගමේ ඒකාධිකාරියට යටත් කරලා ඔවුන්ට අධික ලාභයක් ලැබෙන්න සලස්වලා තියෙන්නේ.