(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් කෝටි 04කට ආසන්න වටිනා කමකින් යුතු රන් බිස්කට් නීති විරෝධීව මෙරටට රැගෙන එනු ලැබු ඉන්දීය ජාතිකයෙකු අද (19) උදැසන ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත .
ඉන්දියාවේ සිට කටුනායකට පැමිණි ව්‍යාපාරික පිරිසක් සමග මොහු ගුවන්තොටුපලින් පිටව ගොස් නැවතත් රේගු පරිශ්‍රයට ඇතුල්වි සිටියදී රේගු අධිකාරි ආර්. එස්. කේ. සෙනෙවිරත්න මහතාට ලද සැකය මත ඉන්දියානු ජාතිකයාගේ කලිසම් සාක්කු පරික්ෂා කිරීමේදී එහි තුළ කැරට් 24 ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් සොයා ගත් බව රේගුව කියයි. ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබූ බව රේගුව කියයි.
ඉදිරි පරික්ෂණ කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිදුකෙරේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වල මිල වෙනස රටින් රටට වෙනස් වන්නේ ඉතාම සුළු වශයෙනුයි. එවැනි තත්වයක් යටතේ නීතියට අසුවීමට ඉතාම අවදානමක් ඇතිව මෙවැනි දේ සිදු වෙන්නේ රන්වලින් සුළු ලාභයක් ලබාගැනීමට නොවෙයි. මේ කළු සල්ලි සුදු කරන ප්‍රධාන ක්‍රම අතරින් එකක්... දින කිහිපයකට වරක් මෙවැනි රන් තොග අසුවුණත් දඩ ගසා රන් රාජසන්තක කරනවා මිසක් මේවායේ නියම වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමක් කිසිදා සිදුවෙන්නේ නැහැ.
ඔය රාජසන්තක කරන රත්රන්වලට මොනවද වෙන්නේ? ප්‍රසිද්ධ වෙන්දේසියේ දාලා විකුණනවද? දන්නේ නැති නිසයි අහන්නේ... දන්නා කෙනෙක් පැහැදිලි කරන්න.
මට ආරංචි හැටියට මේ නිලධාරින්ට වැටුපක් අවශ්‍ය නැහැ.
හරියට මෝරල් කොම්බැට් කතාව වගේ...
රජය රත්රන් වලට බද්දක් නොගහ ඉන්න ඇත්තෙත් බද්දකින් ලැබෙන ආදායමට වඩා නීතිවිරෝධී භාණ්ඩයම රාජසන්තක කලාම ලැබෙන වටිනාකම වැඩි නිසා වෙන්න ඇති. කොහොමද ටිකිරි මොළේ.!