(බදුල්ල සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද අළුත්වෙල ප්රදේශයේ ඉඩමක ගල් කැඩීමට ගල්බෝර දැමූ පුද්ගලයකු ඊයේ (18) සවස ගල්පතුරක් වැදී බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ඇඹිලිපිටිය ඒ.පී. සුනිල් (56) නැමැත්තෙකි.
ගල්බෝරය අටවා ගිනිදල්වා ඉන් ඈත්වන අතරතුර බෝරය පිපිරී යාමත් සමග ගල් පතුරක් වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් දයාසිරි මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක මරණයක්.. සොයුර ඔබට නිවන් සුව පතමි..!!!
අටවනවා කියන්නේ උගුලක් වගේ දෙයකට. ඒ වචනය වැරදියි. ගල්බෝරය කොටනවා කියල කියන්නේ කොටලා වෙඩි නූල පත්තු කරන්නේ...
දැන් සිමෙන්ති වගේ කුඩු ජාතියක් තියෙනවා නේද වතුරේ දිය කරලා ගල්බෝර වලට දාන්න? එ්කෙන් ගල් පුපුරලා විසි වෙන්න නැති නිසා වඩාත් ආරක්ෂාකාරියි. එ්වා කඩවල් වල ගන්න තියෙනවා නම් හැමෝම දැනුවත් කරන එක හොඳයි.
මේක නිසි අවබෝධයක් හා මනා පුහුණුවක් ඇතිව කරන්න ඕන අවදානම් කාර්යක්.නොදන්නා අය කරන්න ගියවිට තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නේ.
මේක නිසි අවබෝධයක් හා මනා පුහුණුවක් ඇතිව කරන්න ඕන අවදානම් කාර්යක්.නොදන්නා අය කරන්න ගියවිට තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න වෙන්නේ.