(නිමල කොඩිතුවක්කු)
ගෝලීය ශ්‍රි ලාංකික සංසදය ලෙස රට වෙනුවෙන් සිදු කළ කාර්යභාරය තවදුරටත් පුළුල්ව, නීත්‍යනුකූලව හා විනිවදව සිදුකිරීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ලෙස නව සංවිධානයක් බිහිකළ බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා කොළඹදී අද (20) පැවසීය.
මාතෘ භූමිය සහ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින විද්වතුන්, වෘත්තිකයන් ඇතුලූ සියලූම ශ්‍රි ලාංකිකයන්ට මෙම සංවිධානය සදහා ආරාධනා කර සිටින බවද ඔහු කියා සිටියේය. කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී එම සංසදයේ පළමු මාධ්‍ය හමුව පවත්වමින් කීර්තිරත්න මහතා මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත කීර්තිරත්න මහතා මෙසේද කීවේය.
‘‘අපේ මේ සංවිධානයත් එක්ක ඉතාලිය, එංගලන්තය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල් රැසක නියෝජිතයන් සම්බන්ධ වී සිටිනවා. අපි මේ සංසදය ආරම්භ කලේ අරමුණු අටක් පෙරදැරිවයි. ඒ අනුව එක ධජයක් එක රටක්, සුරක්ෂිත දේශයක්, සවිමත් ආර්ථිකයක් ඇතුලූ අරමුණු ඒ අතර වෙනවා.
මෙයට පෙරත් අපි වසර දෙකක පමණ කාළයක සිට ගෝලීය ශ්‍රි ලාංකික සංසදය නමින් රට වෙනුවෙන් විශාල සේවයක් සිදුකළා. 2016 වසරේදී ගෝලීය ශ්‍රි ලාංකික සංසදය ආරම්භ කරලා එහි කටයුතු අපි ඉදිරියට ගෙන ගියා. මොනයම් හෝ පාර්ශවයකින් එල්ල වූ බලපෑමක් මත මේ සංවිධානයෙන් අපි ඉවත් වීමට කටයුතු කළා.
සමහර විට එයට දෙමළ ඩයස්පෝරාවේ යම් යම් බලපෑම් ඇති වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ගෝලීය ශ්‍රි ලාංකික සංසදයේ කටයුතු වලට දිගින් දිගටම බාධා එල්ල වුණා. එය අපිට ප්‍රයෝගිකව නොවුනත් නීත්‍යානුකූලව යම් යම් බාධා එල්ල වුණා. ඉදිරියටත් අපිට පරණ සංවිධානයේ නමින්ම යන්න අපහසු නිසා අපි සියලූ දෙනාම තීරණය කරලා ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය නමින් මේ නව සංවිධානය බිහිකළා.
ඒ අනුව ගෝලීය ශ්‍රි ලාංකික සංසදය විදියට අපි කරපු කාර්යභාරය තවදුරටත් පුලූල්ව නීත්‍යානුකූලව විනිවදව කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන ජුනි මස ජිනීවා සැසිය ආරම්භ වීමට නියමිතයි. එහිදී අපේ කාර්යභාරය ඒ අයුරින්ම සිදුවෙනවා.
පසුගිය ජිනීවා සිසැයට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අපිට විශාල ශක්තියක්, දායකත්වයක් ලබා දුන්නා. ඔහු නිතරම අපිත් එක්ක සම්බන්ධ වෙලා ජිනීවා මානව හිමිකම් කාර්ය තුළ විශාල වැඩකොටසක් කළා. අපි ඉදිරියටත් එතුමන්ගේ අනුශාසකත්වය මත කටයුතු කරනවා. ඒ වගේම මෙරට සහ විදෙස්ගතව සිටින තවත් විද්වතුන්, බුද්ධිමතුන්ගේ සහය ඇතිව අපි මාතෘභූමිය වෙනුවෙන් කරන්න පුලූවන් උපරිම දායකත්වය ලබා දෙනවා. අපි වසර 20කට වඩා යුරෝපයේ ජීවත්වෙනවා.
අපි විශාල කැපවීම් කරගෙන තමයි මේ රට වෙනුවෙන් වැඩ කරන්නනේ. අපි මේ හදලාල තියෙන්නේ විනිවිදව නීත්‍යානුකූලව යන සංවිධානයක්. යුරොපයේ නීතියට අනුව අපි මේ සංවිධානය ලියාපදිංචි කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ නීතී රාමුව ඇතුළත අපි කටයුතු කරනවා.
ඒ අනුව රට වෙනුවෙන් වැඩ කරන්න පුලූවන් කැමති සියලූම දෙනාට එකතුවෙන්න පුලූවන් වේදිකාවක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියටත් මේ වැඩසටහන කරන්න අපිට සහයෝගය ලබා දෙන්න කියලා අපි සියලූම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.
ජුනි මස ජිනීවා සැසිවාරය වෙනුවෙන් මාතෘභූමිය සහ රණවිරුවන් වෙනුවෙන් සිදුකළ යුතු දේ පිළිබ`ද අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. ලංකාවෙන් අවශ්‍ය විද්වත් පිරිස, ඒ වගේම අනිකුත් රටවලින් අවශ්‍ය සියලූ දෙනා සම්බන්ධ කරගනිමින් අපි එයට අවශ්‍ය පසුබිම සකස් කරගෙන යනවා.
ඒ වගේම මේ සැසියට සමාගාමීවත් එයට පසුවත් ලංකාව තුළ දැනුවත් කිරීම් රාශියක් සිදුකරන්න අපි බලාපොරොත්තු මේ අර්බුදය විසදන්න ජිනීවා සිට හෝ රටින් පිට සිට අපි කරන ඒ කාර්ය වගේම ලංකාව තුළ අපේ රටේ ජීවත්වෙන අයගෙත් යම් දායකත්වයක් ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේක අපිට විතරක් කරන්න පුලූවන් දෙයක් නෙමෙයි.
මාතෘභූමියේ අද තියෙන ගැටලූව අපි හැමෝම දන්නවා. අද වන විට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවට වෙච්ච අසාධාරණය අපිට වැඩිය මේ අය දන්නවා. ඒ නිසා අපේ මාතෘභූමිය වෙනුවෙන් කැප වූ රණවිරුවන් වෙනුවෙන් අපි ඔනැම අවස්ථාවක කොන්දේසි විරහිතව සහය ලබා දෙනවා යැයිද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලීන අවශ්‍යතාවයක්... අප ඔබලාට සුබ පතන අතර කිසිදු "කාලකන්නි පක්ෂයකට" ගැති නොවී අපගේ මාතෘ භූමිය වෙනුවෙන් අවංකව නිසිලෙස අවශ්‍ය කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපගේ පැතුමයි...
මේවා සේරම වගේ දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන ගෙනයන වැඩකටයුතු... මේවායේ ඉන්නා බොහෝදෙනා කරන්නේ තමන්ගේ අඹුදරුවන් සහ හිතමිත්‍රාදීන් එක්ක සිංහ කොඩියක් ඉදිරිපිට පින්තූරයක් අරගෙන ඒවා ලංකාවේ මාධ්‍යවලත් අන්තර් ජාලයේත් පළකර ප්‍රසිද්ධියක් ලබාගැනීමයි. මේ පරිද්දෙන් හැමරටකම දේශප්‍රේමී නමින් එක සංවිධානයක් ඇතිකරගෙන කටයුතු කරනු වෙනුවට එක එක තැන්වල එක එක සංවිධාන පටන් අරගෙන එකම දේ ගැන එකම කට්ටිය එක්ක කතා බස් කරන එක තමා මේ ගොල්ලන්ගේ අනිත් වැඩේ. මොකද එක සංවිධානයක් යටතට එන්න මේවායේ "ප්‍රධාන" තනතුරු දරන අය කැමති නැහැ. මේ සේරම කරන්නේ අනුන්ගේ වැරදි කියකියා කොඩි වනන එක විතරයි. ලංකාවට සම්බන්ධ වැරදි තොරතුරක් පිටරට මාධ්‍යවල ප්‍රසිද්ධ වුනොත් මේ ගොල්ලෝ ඒ මාධ්‍ය ආයතන ඉස්සරහට ගිහින් කෑ ගහනවා. නැත්නම් මාධ්‍යවල ඉන්නා අයගේ නම් කියමින් බැන වදිනවා. එහෙම කලාම ඒ මිනිස්සු ඒ ගොල්ලෝ කියනදේ පිළිගනියි කියලයි ඒ කට්ටිය හිතන්නේ... දෙමළ කණ්ඩායම් කරන්නේ එක සංවිධානයක් හදාගත හැකි අන්දමට පාර්ලිමේන්තු, පළාත් සභා සහ මාධ්‍ය ආයතනවල හැකිතරම් දෙනා සමඟ මිත්‍රත්වයක් ගොඩ නඟාගෙන ඔවුන් ලවා තමන්ගේ වැඩේ හීන්සීරුවෙන් කරගන්න එකයි. මේ දෙගොල්ලන්ගේ වෙනස එ්කයි.
සිරිමල් මහතාගේ අදහස් වලට මාත් එකඟවෙමි. මෙය දෙමළ ඩයස්පොරාවේම කාබන් පිටපතකි. ඒ අය කළේද බටහිර රටවලට ගොස් සැප විඳිමින් යුද්ධය අවුලා මුදල් ගරා ගැනීමයි. මොවුන් මොනයම් හෝ උප්පරවැටිටියක් දමා දහසක් බොරුකියා මෙම රටවලට පැන ගනී. ඒ මේ රට හොඳ නැති බවත්, තමන් මේ රකින්නට හදන පාලකයින් මේ රට අපායක් කර ඇති බවත්... මොවුන් හොඳින් දන්නා නිසාවෙනි.. එසේ වුවද මේ සාමය ඇති කල නොපෙනෙන බිල්ලෙක් මවා නැවතත් මේවාට සම්බන්ධ නොවන විදේශික ලාංකිකයින්ගෙන් මුදල් ගරාගැනීම අරමුණයි. මෙම සංවිධාන 2015ට පෙර සිටියේ කොහේද? මහින්දගේ විදේශ ප්‍රතිපත්තිය අනුමත කරනවද? සචින්ලාගේ නාඩගම් නටන කල කොහි සිටියේද? මෙතැන සිටින බොහෝදෙනෙක් එළියේ සිටිනුයේ මෙම යහපාලනයේ නිවටකමිනි.
කීර්තිරත්න හැරෙනකොට ඉතාලි අය නම් දන්නවා වල් පැලේටද පොල් පැලේටද කියලා.
ජනවාර්ගික ගැටලුවට එක් විසඳුමක් නම් ඔවුනොවුන් අතර මිශ්‍ර විවාහයයි ..
ජාතිවාදී නොවෙන විදියට මේ අය කටයුතු කරනවා නම් ලොකු දෙයක්.
ඉතාලි වල ඉන්න අපට නම් කොළ කඩාපාන්න බැහැ.. අපි හොඳට ගහ අඳුරනවා... මේකේ ඉන්න සභාපතිතුමා තමයි වෙන කෙනෙකුගේ දෙයක් බලෙන් උදුරගන්න ගියේ. එහෙම කරගන්න බැරිවුනාම ලෝකයටම ඇහෙන්න දැනෙන්න තමන්ටම කෙල ගහගන්නවා.. එයාගෙම මිනිස්සු ලව්වා එෆ්.බී. පෝස්ට් හදාගෙන වෙන කෙනෙකු කළ වැඩේට යාපහුවේ සිංහයා කියලා මහ ලොකුවට උදම් ඇන්නා.. කව්රු හරි කරන වැඩකට සහභාගි වෙලා එතෙන ඉන්න ලොක්කෙක් එක්ක පින්තූර අරගෙන ඒක එයා කළා කියලා එෆ්.බී. එකේ දාගන්නවා.. බොරුනම් මෙයාගේ එෆ්.බී. එකවුන්ට් එක බලන්න. මෙයා රට හදන්න ඉස්සරවෙලා තමන්ගේ ආදරණීය බිරිඳ, දරුවන් කොහෙද ඉන්නේ කියලා බලන්න.. අද ඒ අය අසරණ වෙලා.. මෙයාගේ එකම බලාපොරොත්තුව ගෝඨාගෙන් චිට් එක අරගෙන යාපහුවෙන් පාර්ලිමේන්තු යන්න..
සිංහයෙක් ගැන කෙසේවෙතත්, බැටළුවෙක් වගේ ඕන්... වැනීසියේ මිත්‍රයා හරි...මුහුණු පොත බැලුවහම හරිම හිරිකිතයි.
ඩුබායි දේශප්‍රේමීන් විසින් ආරම්භ කළ ශ්‍රී ලාංකික ගෝලීය සංසදය ආරම්භ කලේ 2014 අගභාගයේදී. 2015 සංසදයේ ආරාධනාවෙන් ඩුබායි සම්මන්ත්‍රණයකට පැමිණි රි.අ. සරත් වීරසේකරයින් විසින් ඉතාලියේ වසන්ත මහතාව සංසදයේ අයට හඳුන්වා දුන්නා. ඒ කාලය වනවිට සංසදයේ ප්‍රධාන අරමුණ වූයේ රණවිරුවන් පැමිණි යුධ අපරාධ චෝදනා වලට එරෙහිව අවශ්‍ය දේ කිරීමටයි. සංසදය රි.අ. සරත් මහතාවත් ඩුබායි ගෙන්වූයේ එයටයි. ඉතාලියේ ඉන්න අයට ජිනීවා කටයුතුවලට සහභාගි වීමට පහසු නිසාත්, ඩුබායි අයට වීසා ගැනීමට අපහසු නිසාත්, ඉතාලි අයට එම ප්‍රශ්න නොමැති නිසාත් සංසදයට ඔවුන් සම්බන්ධ කර ගන්නා ලදී. නමුත් වූයේ බලාපොරොත්තු නොමැති දේවල්ය. ඉත්තෑවාගෙ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ... මිනිසාගේ කූඩාරමට ඔටුවා රිංගුවාවගේ සංසදයට රිංගලා එ්කේ අයිතිය ඩුබායි අයගෙන් මංකොල්ල කන්න තැත් කිරීමයි.. සියල්ල ව්‍යර්ථ වූකල. මිදි පොකුරට උඩ පැනලා මිදි තිත්තයි කියු නරියාවගේ ලිස්සලා ගොසින් වෙනම සංවිධානයක් පිහිටුවා ගැනීමයි.. ඉදිරියේ දී ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තුව දේශප්‍රේමීත්වය විකුණාකෑම හැර වෙන දෙයක් නොමැත..