(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)
වසර හතකට වැඩි කාලයක් ගවමස් වෙළදසැලකට අවසර නොදුන් ඇඹිලිපිටිය නගර සභාව පසුගිය සභා රැස්වීමේදී මාළු වෙළඳසැලක් පවත්වන පුද්ගලයෙකුගේ කළ ඉල්ලීමක් සලකා ඔහුට තම මාලූ වෙළඳසැලේ පැකට්කළ ගවමස් විකිණීමට අනුමැතිය ලබාදුන්නේ ය.
සභාපති ලලිත් ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවිය.
ලංකා පොදුජන පෙරමුණේ සභික කේ. රුවන් පතිරණ මහතා පැවසුවේ සුපිරි වෙළඳසැල්වල පැකට්කර ගවමස් අලෙවි කරන නිසා මෙම ඉල්ලිමට ඉඩදීම සාධාරණ බවත් ඉන් සභාවට ආදායමක් ලැබෙන නිසා ඊට ඉඩදිය යුතු බවත්ය.
ඒ අනුව ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණට වර්තමානයේ බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවට තේරී පත්ව සිටින එම පෙරමුණේ සභිකයන් අට දෙනා හෝ එක්සත් ජාතික පක්‍ෂයෙන් තේරීපත්ව සිටින සභිකයන් තිදෙනා හෝ ජනතා විමුක්ති පෙරමුණෙන් සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන් දෙදෙනා යන කිසිදු සභිකයෙක් ඊට විරෝධය නොදැක්වීම නිසා ඉල්ලූම්කරුගේ මාළු වෙළෙදසැලේ පැකට් කළ ගවමස් විකිණීමට අවසර ලැබුණි.
විසුරුවා හැරීමට පෙර පසුගිය ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළේ ජාතික හෙළ උරුමයේ වේවැල්දුවේ ඥානප‍්‍රභ හිමිය. උන්වහන්සේගේ පාලන කාලයේ දී ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙඳසලකට අවසර නොලැබුණි.
එම කාලයේ මන්ත‍්‍රීවරු හත් දෙනෙක් විය. පාලක එක්සත් ජනතා නිදහස් සංධානයට සභිපති හිමි අතුළුව මන්ත‍්‍රීවරු සිව් දෙනෙක්ද, එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රීවරු දෙදෙනෙක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රීවරු දෙදෙනෙක් ද ලෙසිනි.
එදා ඇඹිලිපිටියේ ගවමස් අලෙවි නොකළයුතු සහ ගවමස් කඩයක් පවත්වාගෙන නොයා යුතුය යන යෝජනාවට එකඟත්වය පළකල සරත් විතාරම සභිකයා මෙවර සභිකයෙකුවී අදහස් දැක්වුයේ ගවමස් විකිණීමට අවසර දීම වරදක් නොවන බවයි. එදා විරුද්ධවූ දිනේෂ් මධුශංක පාලක සභිකයා මෙදා නිහඬව සිටියේ ය.
නගර සභාවේ පාලනය අවසන් වීමෙන් පසු කොමසාරිස් පාලනයට නතුවිය. නගර සභාවේ ලේකම් ලෙස කටයුතු කළ අනුලා වඩුගේ මෙනවිය කොමසාරිස්වරයා ලෙස සිටි කාලයේ ද ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදසැලක් හෝ පවතින වෙළසැල් තුළ පැකට්කර හෝ අලෙවිකිරීමට අනුමැතියක් ලබා දි නොතිබුණි.
මාලූ වෙළඳසලක් තුළ පැකට්කළ ගවමස් අලෙවියට ඉඩදීම සම්බන්‍ධයෙන් ජාතික හෙළඋරුමයේ හිටපු නායක ඕමල්පෙ සෝභිත හිමියන්ගෙන් කළ විමසුමකදී උන් වහන්සේ එම යෝජනාවට සිය අප‍්‍රසාදය පළකරන බව කීහ.
‘‘ජාතික හෙළරුමයේ හිමිනමක් සභාපතිත්වය දරණ කාලේ ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදසැල ටෙන්ඩර් නොකිරීමට තීරණය කළා. ඒක සභාවේ වැඩි බලයක් මත ගත්ත තීන්දුවක්. ඇඹිලිපිටිය නගර සභා බල ප‍්‍රදේශයේ සියයට අනූනවයක් ඉන්නේ බෞද්ධයෝ. ගොවිතැන් බත් කරන ගොවියෝ. බෞද්ධ ගොවියාවත් හින්දු ආගමික අනුගාමීන්වත් ගවමස් බුදින්නේ නෑ. ඇඹිලිපිටිය නගරයේ ජනතාවගේ ඉල්ලීම වුණේ ඇඹිලිපිටිය නගරයට ගවමස් වෙළදසැලක් උවමනා නැති බවයි.’’
‘‘අලූතින් පත්වුණ නගර සභාවේ අයට කරන්න වැඩ කොච්චර තියැද්දිද මේ ගවමස් විකුණන්න අවසර දෙන්නේ. ඔය අවසරය දුන්නා කියලා සභාවට ආදායමක් එනවාද? ආදායමක් ආවා කියලා නොකළයුතු වෙළදාම් කරන්න අනුමැතිය දිය යුතුද? මේක හදිසි යෝජනාවක් ලෙස ගෙන ඒමේ හැකියාවක් නෑ. කාගේ උවමනාවට මේවා කරනවද මන්දා. ගවමස් කඩයක් ඇඹිලිපිටියට ඕනෑද කියලා ජනතාවගෙන් ඇසිය යුතුව ඇතැයි ද උන්වහන්සේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර සභාවට නෙවේ.. තමන්ට ගණනක් හම්බවෙනවා ඇති මාසෙකට... පොදුජන පෙරමුණේ අවසානය ඉක්මණින්ම පැමිණ ඇත.
මෙහෙම ගවමස් වෙළඳාම තදින් පාලනය කළාම... සැදැහැවත් උපාසක මහත්වරු දානෙට ගවමස් ටිකක් හදලා සංඝයා වහන්සේලාට බෙදන්නේ කොහොමද?
මාළු වෙළඳසැලත් වසා දැමිය යුතුයි.
මේ පැත්තේ තමයි දැඩි ලෙස දඩමස් අලෙවි වෙන්නේ... ගවමසුත් එහෙමයි. භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳ නිශ්ශබ්ද වුණා නම් හොඳයි.
මාළුවල පව් අඩුයි... ගවමස් වල පව් වැඩියි... මේ මොන බුදු දහමද?
කිසිවරදක් නැත. ගවමස් අනුභවය නොවේ නම් ලංකාවේ සියළුම වනාන්තර හරකුන්ගෙන් පිරී යනු ඇත. විලෝපිතයෙකු නොමැතිවිට පාලනයක් සිදු නොවේ. ලඟදීම මොනර මස් කෑමට හෝ මරා දැමීමට සිදු වනු ඇත. නොමිලයේ ගවමස් බෙදනවා විය නොහැක. ලෙඩෙකුට දරුවෙකුට මේවා අවශ්‍ය බව වෛද්‍ය මතයයි. අනෙක ගවමස් කෑම පමණක්ද සිදු නොවිය යුත්තේ? භික්ෂූන් වහන්සේලා ව්‍යාපාර කිරීම, ගුරුකම් කිරීම මුදලට බණ කීමද නැවැත්විය යුතු නොවේද? අබතෙල් පූජාව, පිච්චමල් පූජාව, මාපිය පූජාව, කප්රුක් පූජාව වැනි සමාජයට කිසිදු යහපතක් නොවන මුදල් හම්බකර ගැනීම සඳහා සංඝයා මැදිහත්ව කරන විකාර නැවැත්වය යුතු නැද්ද?
ඇඹිලිපිටියේ හතර වටේම හෙන්චයියලාගේ හෝටල්වල හොඳට දඩමස් වෙළඳාම් කරනවා. මට මතකයි එක හෝටලයක ඉස්සර මිනීමසුත් විකුණලා අහුවුනා. දැන් නිකන් ගවමස් නතරකළා. පිටින් සුදනෝ වෙන්න හදනවා මිනිස්සු...
මස් මාංශ වෙළඳාම් කරන්නාට දොස් කීමෙන් ඇති ඵලයක් නැහැ. පාරිභෝගිකයා මස් මාංශ කෑමෙන් වැළකී සිටිනවා නම්, ඒවා වෙළඳාම් කරෙන එකත් නවතීවි...
මස් මාළු සමග දානයක් දීල බලන්නකෝ... මේ භික්ෂුන් වහන්සේලා එ්ක ප්‍රතික්ෂේප කරයිද කියලා..
ඇඹිලිපිටිය නගර සභාවට කුකුල් මස් කඩ, ඌරු මස් කඩ, මාළු කඩ පවත්වාගෙන යන්න පුළුවන් නම් ගවමස් කඩයක් පමණක් පවත්වාගෙන යන්න හොඳ නැත්තේ ඇයි කියලා සෝභිත හාමුදුරුවෝ ජනතාවට පැහැදිලි කල යුතුයි. මොකද බුදු දහමට අනුව සියලු සත්වයින්ට එක හා සමානව කරුණාව දැක්විය යුතුයි. අනිත් සතුන්ට නැති ගවයාට පමණක් දැක්විය යුතු විශේෂ කරුණාවක් ගැන බුදු දහමේ කොතනක හෝ සඳහන් වී ඇතිදැයි කිව යුතුය. ඒ වගේම ඇඹිලිපිටිය නගරයේ සීයට අනූවක් ඉන්නේ බෞද්ධයින් නම් ඔවුන් ගවමස් වෙළඳාමට විරුද්ධ නම් සෝභිත හාමුදුරුවෝ කලබල විය යුතු නැත. වෙළඳාම අඩුනිසා ගවමස් කඩ සියල්ල වැසී යනු ඇත.
වටිනා දහමක්, දර්ශනයක් අඥානයන්ගේ ග්‍රහණයට හසු වුනාම, ඔයිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. හොඳ වෙලාවට ඇඹිලිපිටිය කියන ඒ මුදා නොගත් නගරය මේ ලංකාව ඇතුළේ තිබුනේ. බැරි වෙලාවත්, ලංකාව, ඇඹිලිපිටිය ඇතුලේ තිබුණා නම්... එහෙම අපි මස් කෑල්ලක් කාලත් ඉවරයි. සමහරවිට ඒ කල්ලිය මස් නොකාම දිව්‍ය ලෝකෙට සැපත්වෙන්න ඇති...
ඇඹිලිපිටි ඡන්ද දායකයන් හරක් හොරුන්ට, කොටින්ට කැමති බව ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතුවලින් පේනවා.
කොහොමත් මෙලොව වසන කිසිඳු සත්වයෙක් තම වර්ගයාගේ මස් අනුභව නොකරන බව ලොවම පිළිගත් සත්‍යයක්... එසේ බැලූවිට ඔවුන් ගව මස් නොකෑම ගැන ඔවුන්ගේ පැත්තෙන් ඉතාම සාධාරණයි.
මේ අපට දුන් තවත් දායාදයක්...
ගව මස් සහ ගවයා විශේෂ වෙන හේතුවක් තියෙනවා එදා ගවයා දරු පවුලක් රැක දුන්නා. අන්තිමේදී උගේ ශරීරය වයෝවෘද්ධ වූ පසු අකමැත්තෙන් වුනත් මස් කඩේට විකුණුවා. ඌ ස්වභාවිකව මිය යන එක අපේ බයියන්ට දුකක් කියලා හිතෙන්න ඇති. අපි මහ ලොකුවට කියනවා අපේ රට බෞද්ධ රටක්... බෞද්ධ නම් එ්ක ක්‍රියාවෙන් ඔප්පු කළයුතුයි. අද තක්කඩි දේශපාලනය විසින් එළිපිටම ගිනිතබමින් බොරුවට පන්සල් ගානේ මල්වට්ටි අරගෙන යන උන්දැලා කිනිස්ස ඉනේ ගහගෙන කරන මේ සාහසික අපරාද, දූෂණ, වංචා දහසකුත් වැරදි කරකර මුළු මහත් රටම අාගාධයකට අැද දමා ඇත.
ගවමස් වෙළඳාමට අවසර දෙන්න බැරි නම්, කොහොමද මාළු වෙළඳාමට අවසර දෙන්නේ? ගවයින්ට නැති අනුකම්පාව ඇයි මාළුන්ට නැත්තේ?
ගවමස් කෑම පවක් කියලා හඳුනා දුන්නේ ඉන්දියාවෙන්. ගවයින්ට අනුකම්පා කරන අය, මස් මිලදී ගැනීමෙන් වැළකුණාම අහවරයිනේ. අනුන් කන දෑ ගැන සොයා බැලීමත් පාප කර්මයකි.
මේ ඉස්පිරිතාල ලෙඩුන්ගෙන් පිරී ඇත්තේ ඔබ වැනි බුද්ධිමතුන් නිසාය. ඔබ ඉංග්‍රීසි දන්නවානම් රතු මස් පරිබෝජනය ගැන වෛද්‍යවරු කියන්න මොනවාද කියා අන්තර්ජාලයේ කියවන්න. නිකන් බොරු කියා නොදන්නාකම පෙන්වන්න එපා.
මනසින් උසස් යැයි පිළිගත් 'මිනිසා' නම් සත්වයා අනෙකුත් සත්වයින්ගේ මස් අනුභවයට ගැනීම සුදුසුදැයි සාකච්ජා කරයි. බුදුන් වහන්සේ, යේසුස් ස්වාමිදරුවාණන්, මොහමඩ් නබිතුමා දේශනා කල අදහස් ගෞරවයෙන් යුතුව මොහොතකට අමතක කර ඔබේ හදවතට සවන් දෙන්න.විලෝපිකයින් හිඟ නිසා වැඩිවෙන ගව ගහනය පාලනය කිරීමට කෙනෙක් යෝජනා කරති. ස්වභාව ධර්මයේ පැවැත්ම පාලනය කිරීමට මිනිසාට කොන්ත්‍රන්තුවක් ස්භාවධර්මය විසින් පවරාදී නැත. අඩු තරමින් මස් ඉරා කෑමට දත් හෝ ලබා දී නැත.ත්‍රිපිටක ඉගැන්වීම් සහ බෞද්ධ දර්ශනය හදාරා ඇති භික්ෂුන්වහන්සේ මස් වැළඳීම අනුදැන නොවදාරති. "සියලු සත්වයෝ නිදුක් වෙත්වා"යැයි සත්වයා වෙත මහා මෛත්‍රිය බෙදු උත්තමයකුගේ ඉගැන්වීම් පිළිගන්න බෞද්ධයින්ට මේ විෂය ගැන තර්ක ගොඩනැගීමේ අවශ්‍යතාවයක් නැත.
කළණි විතානගේ මහත්මිය, ඔබ මෙතනට ක්‍රිස්තියානි ආගමවත් ඉස්ලාම් ආගමවත් ඈඳාගන්න එපා. එ් ආගම් දෙකම බයිබලයේ එන එ්බ්රාම්ගේ කොටසේදී එකතුවෙනවා. ඒ ආගම් දෙකම දෙවියන් පිදීමට සතුන් මරනවා. එමනිසා සත්ව ඝාතනයට විරුද්ධ එකම ආගම බුද්ධාගමයි. ආගමකින් දේශනා නොකළත් බුද්ධිය ඉදිරියෙන් සිටිනවා නම්... සතුන් මරාගෙන කෑම දියුණු මිනිසාට ගෝචර නොවන බව තේරුම් ගන්න පුළුවන්... අපි මස් කන්නේ සතුන් මරා විකුණන්න තිබෙන නිසා නේද? මස් විකුණන්න නැතිනම් බුද්ධාගම්කාරයෙක් හැටියට කඩපලට ගොස් මේ කුකුලා මරා මස්කර දෙන්න කියා ඉල්ලන්නේ නැත. මේ හරකා මරා මස් කර දෙන්න කියන්නේ නැත.
ආධ්‍යාත්මික විමුක්තිය සොයා යාමක් නිසා මස් කෑම පිළිබඳව සිතිය යුත්තේ 'මානවවදියෙකුලෙස මිස විලෝපියකු වශයෙන් නොවේ.