(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට හන්දියේ දි අද (19) පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු යටකරගෙන පලාගිය කාර් රථයේ රියදුරු සමග කාර් රථය අද (19) පස්වරුවේදි ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල වරාය පොලිස් ස්ථානාධිපති දුමින්ද මහතාට පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව කාර් රථය හා එය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයා පාරමාරුවිමේ දි කාර් රථයේ ඉදිරිපස විදුරුවේද වැදී ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. කාර් රථයේ ඉදිරිපස විදුරුව බිඳී ඇත. සැකකරු පුද්ගලික ආයතනයක සේවය කරන සහකාර කළමණාකරුවෙකි.
මොහු උණවටුනේ පිහිටි සිය නිවස වෙත කාරයෙන් ගමන්කර ඇති අතර මෙකී අනතුර වීමෙන් පසු මොහු බියට පත්ව කාර් රථය නොනවත්වා ධාවනය කොට තිබේ. මාර්ගයේ සිටි අයකු පලායමින් තිබූ කාරයේ අංකය ලියාගෙන එය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඇත.
අනතුරට ලක්වු පුද්ගලයා කාරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මාගා ආයතනයේ ගබඩා භාරකරුවෙකු ලෙස සේවය කළ පතිරණ හෙට්ටිගේ ජයසේන (68) නැමති අයෙකි. මොහු වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු වැලිමඩ සිට රැකියාව සදහා බස් රථයකින් පැමිණ දෙවට හන්දියේදී බසයෙන් බැස පාරමාරුවිමට යාමේදි මෙම අනතුරට ලක්ව ඇති බවද පොලිසිය කියයි.
සැකකරු හෙට 20 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ වාහන අනතුරු වලින් පැනල යන්න බලන කට්ටිය වැඩියි. ඒකට හේතුව තමයි වටපිටාවේ ඉන්න මිනිස්සු එකතුවෙලා හේතුව මොකක් උනත් රියදුරාට ගහල මරන්න බලන එකයි වහනය කුඩුකරලා ගිනි තියන එකයි.
මෙම ප්රදේශය ඇතැම් අවස්ථාවන්හි වාහන තදබදය අධිකව ඇත. මෙහි අනතුරු අවම කරවීම පොලීසියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමකි. පදිකයන් සහ රියදුරන් වරදට පෙළඹවන තතව මාර්ගයේ බොහොවිට දක්නට ඇත. විශේෂයෙන් මාර්ගයේ දුරකතන වලවල් සහ ජල සමිපාදන වලවල් බේරීමට දකුණට කපන අවස්ථාවන් ඇත එවැනි විට අනතුරු සිදුවේ. එවැනි වලවල් වැසීම මාර්ග සංවර්ධන අධීකාරියේ වගකිමකි. ගාල්ල ඉහළ ඩික්සන් පාර සංවර්ධනය බැවින් දුරකථන කණු පාර මැදට පැමිණ ඇත ආණ්ඩුකාරයාගේ සහ මහාධිකරණ විනිසුරු නිල නිවස මෙම පාරේ පිහිටා ඇත. මොවුන් මේවා දැක නැතිද? ටෙලිකොම් සමාගම පාර අවුරා ඇති දුරකථන කණු වාහන කරුවන් ලවා කඩා බිඳවා අලාභ අයකර ගැනීමට බලාසිටින දුප්පත් සමාගමක්ද ?