(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සේවයට පැමිණ දන්දෙණිය රක්ෂිතය තුළදී අතුරුදන් වු 33 හැවිරිදි චීන ජාතික තරුණයා එම රක්ෂිතයේ වළක වැටී සිටියදී දින හතකට පසු සොයා ගත් බව තිහගොඩ පොලීසිය පවසයි.
හෙක්ටයාර් 417 ක විශාලත්වයකින් යුත් රක්ෂිතය මායිමේ ඉඩමක් සුද්ධ කිරීමට පියෙකු සමඟ ගිය දරුවන් දෙදෙනෙකුට කැලෑව දෙසින් කිසිවකු කෙදිරි ගාන හඩ ඇසී ඔවුන් ඒ දෙසට ගොස් පරික්ෂා කර තිබේ.
එහිදී අසාධ්‍ය තත්වයෙන් වළක වැටී සිටි චීන ජාතිකයා දැක ඔහුට බොන්නට වතුර ගෙනවිත් දී ඒ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබේ.
අනතුරුව වහා ක්‍රියාත්මක වු පොලීසිය එම ස්ථානයට ගොස් චීන ජාතිකයා ගොඩට ගෙන කරමතින් කැලෑවෙන් පිටතට රැගෙනවිත් ගිලන් රථයක නංවා මාතර මහ රෝහලට ඇතුළු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දඩයමේ ගිහින් තමයි.
ඉබ්බෙක්, හාවෙක්, කැබැල්ලෑවෙක්, තලගොයෙක් වගේ සතෙක් හොයාගෙන කැලෑ වදින්න ඇති.
ඒ කෙසේ වෙතත් මනුස්ස ගුණධර්ම හඳුනන මාගේ ලක් වැසියන් ගැන ආඩම්බර වෙනවා. මේ අයට ජය පතනවා...!!!