( ක.ග කරුණාරත්න සහ ඩබ්ලිව් පියතිලක)
කොටි සැමරුම නිවැරදි බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා කරන ලදැයි කියන ප්‍රකාශයට විරෝධය පලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද(20) පෙරවරුවේ හිඟුරක්ගොඩ නගරයේ දී විරෝධතාවක නිරත වූහ.
එහිදී විරෝධතාකරුවෝ දෙවියන්ට පොල් ගසා පඹයෙකු ද පුළුස්සා දැමූහ.
උතුරු මැද පළාත් සභාවේ හිටපු ඇමති පුංචි බණ්ඩා රත්නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත හරි කියනවා නෙවෙයි. දියුණුවෙන ලෝකයේ පඹයින් පුච්චනවා. පුච්චන අය පඹයින්ටත් වඩා අන්තයි.
මම වෙමි "අරාජිතයා" කැබිනෙට්ටුවෙ ඉන්නා... මගේ නම "ප රාජිතය " ලක්මව දන්නා... ඉපදුනත් ලකේ නැත අගයක් නොමදන්නා... මම වෙමි රාජිතයා හැමදේටම ඉන්නා...
නිවැරදි මඟක නැති දේශපාලකයන් වගේම නිවැරදි මඟක නැති ජනතාවක්ද මෙහිදී දකින්නට ඇත. බඩගෝස්තරය නිවාගන්නා දේශපාලනයට ගැලරියේ සහය එක්වී ඇති මොහොතකි. අවුරුදු 70ක් මෝඩයින් මෝඩයින්ට එරෙහි වන නාටකයේ තවත් ජවනිකාවකි.
ඒ කාලේ රාජ්‍ය මාධ්‍යවල තොර තෝංචියක් නැතුව "කරුණා මහත්තයා සහ " පිල්ලෙයාන් මහත්තයා" ගැන කීව ඒවා මේ මිනිස්සුන්ට ඇහෙන්න නැතුව ඇති නේද?
හිඟුරක්ගොඩ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පමණක් නොව ජනාධිපති ඇතුළු සිංහලයෝ විරුද්ධත්වය ප්‍රකාශ කළ යූඑන්පී කොටළුවන් හැරෙන්නට...