(කටුනායක ටී.කේ.ජී.කපිල )
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මෙම චීන ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු 20 හැවිරිදි තරුණියකි. අනෙක් චීන ජාතිකයා 23 හැවිරිදි තරුණයෙකි.
මොවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක, ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ චීන ව්‍යපෘතියක සේවය කරන්නන් බව රේගුව පවත්වන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කර ගෙන තිබේ.
මොවුන් දෙදෙනා අද අලුයම 5.50 ට පමණ චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "
ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල මෙම චීන දුම්වැටි 23,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 115 ක් සඟවා ගෙන තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් 11,50,000 ක් බව මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය.
මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්.එම්.ඒ.එල්.රත්නායක, එල්.එම්.බී.එස්.
අබේගුණවර්ධන, පී.බී.අමරසිංහ, මලින්ද ජයසූරිය සහ එන්.එන්. තිලංග යන මහත්වරුන් විසින් සිදුකර තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විරාජ් විජේවර්ධන සහ නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර, එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම චීන ජාතිකයන් දෙදෙනාට අවවාද කර නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධී නොවෙන විදිහට දුම්වැටි ගේන ක්‍රමයක් තියෙනවද? අනික මෙයාලා අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? සාමාන්‍යයෙන් මේ වැරැද්දට අපේ රටේ මිනිස්සුන්ට නම් අවවාද කරලා යන්න දෙන්නේ නැහැ නේද?
චීනෙට තහනම් බඩු අරගෙන ගියොත් අවවාද කළා......නිදහස් කරන්නේ නැහැ.....