හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාගේ පෙත්සම 22 වැනි දා කැදවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු ඇති සංශෝධන පෙත්සම ලබන 22 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය. 13 March 2018
ළමා අපයෝජන ගැන ළමාරක්ෂණ අධිකාරියට පැමිණිලි 1532 ක් වසරේ ගත වු මුල් මාස දෙක තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපයෝජන සිදුවීම් 1532 ක් වාර්තා වී ඇතැයි එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවාය. 13 March 2018
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් පැමිණිල්ලක් මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ දී අක්‍රමිකතා සහ දුෂණ රැසක් සිදුව ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (13) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. 13 March 2018
කල්ලාරු ඇතාගේ දළ විකුණන්න ගිය තිදෙනාටම දඩ කල්ලාරු ඇතාගේ දළ යුගළ රුපියල් ලක්ෂ පනහකට අළෙවි කිරීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා චෝදනා වලට වරද පිළිගැනීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 75,000 බැගින් දඩ ගෙවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියම කළේය. 13 March 2018
නාගරික කොමසාරිස් ඉවත් කිරීමේ තීරණය අවලංගු කරන්න’යි ඉල්ලති කොළඹ හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර ඔහු යළිත් නාගරික කොමසාරිස් ධූරයට පත්කරන්නැයි එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී ලෝගේෂ්වරන් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 13 March 2018
ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වු ධීවරයෝ 5 ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 March 2018
රියදුරුට පහර දුන් පළාත් සභා මන්ත්‍රී සහ බිරිය යළි රිමාන්ඩ් තලංගම කොස්වත්ත මංසන්ධියේදී බස්රථ රියැදුරුට පහර දුන් සිද්ධියට අදාළ දකුණු පළාත් සභාවේ මන්ත්‍රී එම්. කේ . කසුන් සහ ඔහුගේ බිරිය ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) නියෝග කළේය. 13 March 2018
රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි නාවල නාරාහේන්පිට දී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළ රමිත් රඹුක්වැල්ල රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග කලංසූරිය මහතා අද (13) නියෝග කළේය. 13 March 2018
ලක්ෂ 15ක නීතීවිරෝධී සිගරට් සමඟ හයක් දැලේ නීති විරෝධීව සහ තීරුබදු ගෙවීමකින් තොරව මෙරටට ගෙනැවිත් බෙදා හැරීමට සුදානම් කොට තිබු රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු වේවැල්දෙනියේදී අත් අඩංගූවට ගැනීමට සුරාබදු අධිකාරියේ ගම්පහ කාර්යාලයීය නිලධාරීහු සමත්ව ඇත. 13 March 2018
සෞදි ජාතිකයාගේ වෙඩි පහරින් ලක් කත මරුට සෞදි ආරාබියේදී සෞදි ජාතිකයකු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 13 March 2018
කොටි නිල ඇඳුම් - පුපුරණ ද්‍රව්‍ය යාපනයෙන් තවමත් හමුවෙයි යාපනය චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේදී ජල නල පද්ධතියක් එලමින් සිටි පිරිසකට කොටි සංවිධානයට අයත් නිලඇඳුමක කොටසක් හා පුපුරණද්‍රව්‍ය කොටස් කිහිපයක් හමුවී ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි. 13 March 2018
බැරල් සංඛ මත්කුඩු සමඟ පෑලියගොඩදී කොටුවේ පාතාල සමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන බැරල් සංඛ නැමැත්තා අද (13) අලුයම මත්කුඩු තොගයක් සමඟ පෑලියගොඩ මිරිස්වත්ත පාරේ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 13 March 2018
ඌව වෙල්ලස්ස සරසවිය වසයි පැපොල රෝගය පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අද (13) වැනි දා සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමු බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි. 13 March 2018
දැරිය අපයෝජනය කළ හිතවතා යළි රිමාන්ඩ් බාලවයස්කාර දැරියක් බරපතල අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බාරයේ සිටි අයෙක් නැවත නඩුව කැඳවු අවස්ථාවේ ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මාරවිල මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (12) නියෝග කළේය. 13 March 2018
ගුවන් තොටෙන් දුම්වැටි තොගයක් අල්ලයි රුපියල් ලක්ෂ 5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ, ගුවන් මගියෙක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි. 13 March 2018
ධීවරයන් තිදෙනෙක් සමඟ බෝට්ටුවක් මුලතිව් මුහුදේ අතුරුදන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය මුලතිව් පොලිස් වසමේ මුලතිව් නයාරු ප්‍රදේශයේ ධීවරයන් තිදෙනෙක් රැගත් බෝට්ටුවක් අතුරුදන් වී ඇතැයි මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. 13 March 2018
ඉන්දියාවට කඩුලු 6 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති නිදහස් කුසලාන විස්සයි-20 තරගයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේය. 12 March 2018
ප්‍රදේශ කිහිපයක ජලසැපයුම හෙට අත්හිටුවයි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා පහත සදහන් ප්‍රදේශවලට හෙට (13) උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නඩත්තු අංශය සදහන් කරයි. 12 March 2018
ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් නව නායකයෙක් - ඇමැති දිලිප් එදිරියේදි එන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් යටතේ තරග කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (12) සවස තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය. 12 March 2018
හෙරොයින් ග්‍රෑම් 5ක් කොත්තුවෙන් එළියට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5කට අසන්න ප්‍රමාණයක් කොත්තු රොටියක සඟවා කලුතර බන්ධනාගායේ රැඳවියන් දෙදෙනකුට ලබා දීමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනකු අද (12) අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය. 12 March 2018
සොත්ති උපාලිගේ දුවෙක් කුඩු සමඟ අල්ලයි ඝාතනයට ලක්වූ පාතාල නායක සොත්ති උපාලි ගේ වැඩිමහල් දියණිය හෙරොයින් මත්කුඩු පැකට් පහක් සමඟ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසකදී අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 12 March 2018
ෆේස්බුක් තහනමට එරෙහිව පැමිණිලි ගලයි ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සංවිධාන සහ පුද්ගලයෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ සිටිති. 12 March 2018
ගාල්ලට ආසන 2000ක සම්මන්ත්රණ ශාලාවක් ගාල්ල නගරය සඳහා ආසන 2000 කින් යුත් සම්මන්ත්රණ ශාලාවක් ඉදිකිරීමට යෝජනා වී ඇතැයි වාර්තාවේ. 12 March 2018
තොරතුරු පනත සක්‍රීයව පවත්වාගෙන යන්න තොරතුරු ඉල්ලීම වැඩි කළ යුතුයි තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවත්වාගෙන යෑමට නම් තොරතුරු ඉල්ලීම වැඩි කළ යුතු යැයි සංවර්ධන සන්නිවේදන විශේෂඥ නාලක ගුණවර්ධන මහතා කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී අද (12) ප්‍රකාශ කළේය. 12 March 2018
බිත්තර ආනයනය තහනම් කරයි බිත්තර ආනයනය කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය. 12 March 2018
කත්මන්ඩු ගුවන්තොටුපොලට බැස්සවීමට ගිය යානයක් කඩාවැටීමෙන් 40 ක් මරුට නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට ගිය මගී ගුවන් යානයක හටගත් දෝෂයක් නිසා ධාවන පථයෙන් පිටතට යානය කඩාවැටීමෙන් පසුව එහි ගමන්ගත් මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු අතුරින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. 12 March 2018
ෆේස් බුක් තහනම ඉවත් කරන්න රජයෙන් කොන්දේසි ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන වෙබ් අඩවි භාවිතයෙන් ඉවත් කිරිම ඇතුලූ රජය ලබාදෙන කොන්දේසි ඉටුකිරිමට ෆේස් බුක් ආයතනය කටයුතු කළහොත් එම තහනම ඉවත් කිරිමට පියවර ගන්නා බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 12 March 2018
ගුවන් යානා කොටස් කිහිපයක් අළුබෝමුල්ලෙන් පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ තිබී ගුවන් යානා කොටස් කිහිපයක් පොලිසිය සොයා ගෙන ඇත. 12 March 2018
වෛද්‍ය සභා නීතීවේදියා නැතිව සයිටම් නඩුව කල්යයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් දුන් අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයකට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම් වැඩිදුර විභාගය ලබන 27 , 29 සහ අප්‍රේල් 2 යන දින දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළේය. 12 March 2018
කෝටි 35ක හෙරොයින් පුත්තලමේදී විනාශ කරයි පුත්තලම මහාධිකරණයේ විභාග වූ නඩු විභාගයකට අදාල හෙරෙයාන් මත් කුඩු කිලෝ 35ක් කේරල ගංජා ගංජා කිලෝ 02 ක් ඇතුළු නඩු භාණ්ඩ තොගයක් පුත්තලම මහධිකරණ භූමියේදී අද දහවල් විනාශ කරන ලදී. 12 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026