(මනෝප‍්‍රිය ගුණසේකර)
පාසල් සහ කී‍්‍රඩා සංගම් සදහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් ලබාදීමේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට සහ සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ඉදිරි දිනයේදී නඩු පැවරීමට කටයුතු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
තෝරාගත් පාසල්, කී‍්‍රඩා සංගම් සදහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් 14,000/-ක් බැගින් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මහෙස්ත‍්‍රාත්වරිය අදාල නියෝගය නිකුත් කළාය.
තෝරාගත් පාසල්, කී‍්‍රඩා සංගම් සදහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් 14,000/-ක් බැගින් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා සහ සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් අධිකරණය මෙම පැමිණිල්ල ලබන ජුනි මස 12 වැනිදා යළි කැඳවීමට නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්දට තියනවා නඩු තොගයක්. හැබයි රූපවාහිනියට ඇවිල්ලා කතා කරන්නේ මහා සුදනා වගේ. පන්සලේ ඉන්න පූස් පැටියා වගේ.
එතකොට රවී ට නඩු නැද්ද.