පොලිස් ස්ථානාධිපති නිවාඩු ලබා යාමට එකඟ වීමෙන් එජාප මන්ත්‍රීගේ විරෝධතාව අවසන් නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා සේවයෙන් බැහැරව සිටීමට එකඟ වූයෙන් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගය හරස් කරමින් කළ විරෝධතාව අද පස්වරු 2 .00 ට පමණ අවසන් කළේය. 10 March 2018
පහරදීමකට සැකපිට ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවේ රිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 10 March 2018
මහනුවර කලබලය සොයන්න ජනපති විමර්ශන කමිටුවක් පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ. 10 March 2018
ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ පළමු සමුඑවට ජනපති ඉන්දියාවට යයි ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මාර්තු මස 11 වනදා ආරම්භ කෙරෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය. 10 March 2018
පාදෙණියේදී මෝටර් රථයක් ගින්නෙන් අළුවෙයි පාදෙනිය නගරය ආසන්නයේදී අද (10) අළුයම වෙළඳසැලක ගැටුනු කාර් රථයක් ගිනිගැනීමෙන් එම රථය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොළ පොලිසිය කියයි. 10 March 2018
නාවලපිටිය පොලිස් ලොක්කා මාරු කරන්නැයි එජාප මන්ත්‍රී පාරේ නිදි නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරත සිටියි. 10 March 2018
වසරේ ජනප්‍රියම පුවත්පත ලංකාදීප වසරේ දැවැන්තම සන්නාම සම්මාන උළෙල වන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පත විසින් දිනාගන්නා ලදි. ලංකාදීප පුවත්පත මෙම සම්මානය පිට පිටම හිමිකරගත් 12 වැනි වතාව මෙයයි. 09 March 2018
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ට විධායක නිලධාරී සහාය විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අරඹා ඇති වැඩ වැඩවර්ජනයට විද්‍යාල විධායක ශ්‍රේණියේ නිලධාරීහු ද සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඔවුහු මෙම තීරණය ගෙන ඇත්තේ අද (09) කොළඹදී පැවැති විධායක නිලධාරීන්ගේ සංගමයේ පැවැති රැස්වීමකින් අනතුරුවය. 09 March 2018
පුංචි ඡන්දෙන් පත් වු මන්ත්‍රීවරුන්ගේ නම් මුද්‍රණයට පළාත් පාලන ආයතනවලට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයෙන් කොටසක් රජයේ මුද්‍රණාලය වෙත අද (09) රාත්‍රීයේ යැවූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 09 March 2018
වතුකරයේ නිවාස ව්‍යාපෘතිය ඇරඹෙයි ඉන්දියානු රජයේ තවත් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවේ වතුකරයේ ජනතාවට පිරිනැමෙන නව නිවාස 10,000 ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය මේ මාසයේ සිට ආරම්භ කෙරෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරන් මහතා පැවසීය. 09 March 2018
මුහුදුබඩ දුම්රිය පානදුරෙන් නවතී පවතින කාළගුණ තත්ත්වය හේතුවෙන් අද පස්වරු 6.45 ට පමණ පානදුර දුම්රිය වර්ණ සංඥා පද්ධතියට අකුණු සැර වැදීම නිසා දුම්රිය ධාවනය පානදුර දුම්රිය ස්ථානයෙන් සීමා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 09 March 2018
අල්ලස් - දූෂණ - වත්කම් නීතිය වසර 23 ක් පැරණියි අල්ලස් නීතිය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ වත්කම් නීතිය පසුගිය වසර 23 තිස්සේ කිසිදු සංශෝධනයකට ලක්වී නැතැයි එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 09 March 2018
සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය. 09 March 2018
බස් රියදුරුට පහරදුන් දකුණු සබේ හිටපු මන්ත්‍රී සමඟ බිරිඳ අත්අඩංගුවට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු බව පැවෙසන පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳ අද (9) තලංගම කොස්වත්ත මංසන්ධියේ දී පෞද්ගලික බස් රථ රියදුරකුට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 09 March 2018
මහනුවර ජන ජිවිතය සාමාන්‍යය අතට මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක ඇතිවූ කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් බිද වැටි තිබූ ජන ජිවිතය අද (09) වන විට සාමාන්‍යය අතට හැරෙමින් තිබිණි. 09 March 2018
හිටපු ඇමැති රවීට සිතාසි අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්කි ලබාදීමට හිටපු ඇමැති රවී කරුණානායක මහතාට අපේ‍්‍රල් 23 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (9) නියෝගයක් නිකුත් කළාය. 09 March 2018
ගම්පහ රෝහලේ ශල්‍ය කටයුතු නවතින ලකුණු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නිතර විදුලිය විසන්දිවීමේ හේතුව සොයා ස්ථිර පිළියමක් යොදන තෙක් ප්‍රධාන ශල්‍යාගාරයෙහි ශල්‍ය කටයුතු නොකිරීමටත් නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු අලුතින් පැමිණෙන රෝගීන් රජයේ අවට රෝහල් වෙත යොමු කිරීමටත් රෝහල් පාලනාදිකාරිය තීරණය කොට ඇත. 09 March 2018
අගමැති හෙට මහනුවර සංචාරයක මහනුවර ගැටුම් සිදුවූ ප්‍රදේශවල ජනතාව හමුවී ඔවුන්ට සිදුවූ හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (10) මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙයි. 09 March 2018
ලක්ෂ 247කට කුළියට ගත් ගොඩනැගිල්ල මාස 16ක් වසා තැබීම ගැන වෛද්‍ය නලින්ද ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභා පැවැත්වීම සඳහා ලක්ෂ ගණනාවක කුලි මුදලක් ගෙවීමෙන් ලබා ගත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල තවමත් ඒ සඳහා යොදා නොගත්තේ මන්දැයි කලුතර දිස්ත්‍රීක් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කර සිටියේය. 09 March 2018
මහනුවර කලහයට සැකපිට 146ක් අත්අඩංගුවට මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහයෙන් පසු මාර්තු හතර වැනිදා රාත්‍රී සිට අද (09) උදෑසන හය දක්වා කාලයේ දී මහනුවර පොලිසිවලින් 146 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 09 March 2018
මහනුවර කලහය ගැන පැමිණිලි 128ක් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටැවූ තොරතුරු මධ්‍යස්ථානයට මහනුවර සිදුවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 128ක් ලැබී ඇතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. 09 March 2018
‘කිහිපදෙනෙකු අතර ආරවුල ගිය දුර අනුමත කළ නොහැකියි’ මහනුවර ප්‍රදේශයේ කිහිප දෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ආගමික හා ජාතීන් අතර ඇතිවූ ගැටුමක් බවට පත්කිරීමට පිරිසක් ගත් උත්සාහය කිසිවෙකුට අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව 09 March 2018
සරසවි සේවකයෝ අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වීමට සැරසෙති සිය ඉල්ලීම්වලට විසඳුම් නොලද හොත් එළඹෙන 14 වැනි දා සිට අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. 09 March 2018
සමාජ ජාල ඔස්සේ අසත්‍යය ප්‍රචාර කළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ජාතීන් අතර අසමගිය අතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 09 March 2018
මහනුවරට යළිත් ඇදිරිනීතිය අද (9) පස්වරු 8.00 සිට හෙට (10) උදෑසන 5.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරිනීතිය දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. එය මහනුවර නගර සභා සීමාවට පමණක් අදාල නොවේ. 09 March 2018
විෂයභාර ඇමැතිවරු ප්‍රශ්න මඟහැරයාම කණගාටුවට කරුණක් - කතානායක මන්ත්‍රීවරු වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ප්‍රශ්නවලට විෂයභාර ඇමැතිවරු පිළිතුරු නොදීම ඉතාමත් කණගාටුවට කරුණක් යැයි කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (09 වැනිදා) පැවසීය. 09 March 2018
අම්පාර - මහනුවර ගැටුම් ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි අම්පාර- මහනුවර යන දිස්ත්‍රික්කයන් හි සිදු වු ගැටුම්කාරී තත්ත්වයන් පිළීබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවක් 09 March 2018
එජාපයේ ඇමැති වෙනස්කම් අවසන් යහපාලන ජාතික රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව එක්සත් ජාතික පක්ෂය කළයුතු අමාත්‍ය මණ්ඩල වෙනස්කම් සියල්ල මේ වන විට අවසන් කර පවතී. 09 March 2018
ඇලෝසියස්ට - පලිසේනට ඇප ඉල්ලූ ප්රතිශෝධන අයැදුම්පත ඉවතට පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කොට තිබු ප්රතිශෝධන අයදුම් පත්‍රය අද (9) නිෂ්ප්‍රභ කළේය. 09 March 2018
මහනුවරින් පෙට්‍රල් බෝම්බ 12ක් සොයාගනී මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ. 09 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026