(හිරාන් ප්රියංකර ජයසිංහ)
ආණමඩුව මුදලක්කුලිය ප්රදේශයේ නිවසක පැවැති සාදයකට මස් පිණිස ගැනීම සඳහා රැගෙන විත් සඟවා සිටි ගල් ඉබ්බන් සිව් දෙනෙකු සොයා ගැනීමට ආණමඩුව පොලිස් නිලධාරීන් අද (16) සමත් විය.
ඉබ්බන් සඟවාගෙන සිටි සැකකරුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ආණමඩුව පොලිසියේ නිළධාරින්ට ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ වන විට මුදලක්කුලිය ප්රදේශයේ නිවසක ළිදකට දමා මෙම ඉබ්බන් සඟවා තිබු බව කියයි.
මෙම ගල් ඉබ්බන් නිවසේ පැවැත්විමට නියමිතව තිබු සාදයේදී මසට ගැනිමේ අරමුණීන් මෙසේ ළිද තුළ සඟවා තිබු බව ප්රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදයට බයිට් එකට ගෙනාව බව හැමෝම දන්නවා උනාට ඕක උසාවියේදී ඔප්පු කරන්න තියන හැකියාව අවමයි .
වසර සිය ගණනක් ආයුෂ ඇති ලංකාවේ සීග්රයෙන් වදවෙන මේ අහිංසක සතුන්ව මරාගෙන කන මස් වැද්දන්ට රජකාලේ දඬුවම් දිය යුතුයි. මේ දහම් දිවයිනේ මේ වැනි පාපතරයන් පණපිටින් ඉබ්බාව ලිප්ගල් තුනක තබා යටින් ගින්දර දමන බව ඔබ දන්නවාද ? එසේ කලවිට කටුව වටේ තිබෙන තෙල් රත්වී මස් සියල්ලම ගැලවී එම සිදුවේ.වේදනාව ඉවසිය නොහැකි සතා මිය යන තුරුම අත් වලින් පපුවට ගසා ගන්නා බව ඔබ දන්නවාද ? මෙවන් මිනිසුන් සිටින රටකට විපත් සිදු නොවුනහොත් එය පුදුමයක් නොවේද ?