(නිමල කොඩිතුවක්කු)
නියඟය පවතින ප්‍රදේශවලට විසඳුමක් ලෙස වැසි වලාකුළු වලින් කෘත්‍රිමව වර්ෂාව ලබා ගැනීමේ තාක්ෂණය ඇතුළත් වාර්තාවක් චීන නියෝජිතයන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාර දෙන ලදී.
සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත මෙරට විවිධ ප්‍රදේශවල නිරික්ෂණය කිරිමෙන් පසුව එම වාර්තාව සකස් කර තිබේ.
බත්තරමුල්ල වෝටස් ඒජ් හොටලයේ ඊයේ (15) පැවති කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය - අගයදාම සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය අවස්ථාවේ දී එම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබීය.
වාර්තාව පිළිගැන්වීමෙන් පසුව එහි ඇති කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම චීන නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය - කල්යල් බලා බේරිලා තියෙන ඉතුරු බීජ ප්‍රභේදවලටත් අපමණ සුද්ධයක් සඳහා යුද්ධයක් දෙන්න වගේ...
සමහර අදහස් ලියන අය ඒ කලේ හිටියා නම් ධාතුසේන රජුට කලා වැව කරන්න දෙන්නෙත් නැහැ...
අගයකලයුතු ප්‍රසංසනීය ක්‍රියාවක්.නියඟ කාලවලදී පිපාසයට දිය බිඳක් ලබා ගැනීමට දසත දිවයන අහිංසක මිනිසුන්ට මෙය මහත් අස්වැසිල්ලක් ගෙනදේවි. ඒත් සොබා දහමට,ජල චක්‍රයට බලපෑම් ඇතිවීම මෙයින් සිදුවේදැයි දන්නේ නැහැ.එහෙම නැහැයි කියන්නත් බැහැ. මොකද " එව්රි ඇක්ෂන් හෑස් අ රිඇක්ෂන් " කියා තියෙනවානේ. හොඳ කරන්න ගිහින් පොඩ්ඩක් හරි වැඩේ ගැස්සුනොත් මේ රටේ සමහර දෙනා ඔලුවට අත හෝදන හැටිත් මතක තියාගෙනම වැඩේට බැස්සොත් තමා වඩා හොඳ.