(මනෝප්රිය ගුණසේකර)
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පොලිස්පති පුජිත් ජයසුන්දර,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වේ.
පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වන්නේ අත්තනෝමතිකව හා නීතිය ඉක්මවා යන ආකාරයට බව පවසන පෙත්සම්කරු මෙම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් පෙත්සම අවසන් වනතුරු තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගියොත් පෝය දෙක නිකන්ම ගෙවිල යයි.
බයවෙන්නේ මොකටද මේ යහපාලන බලයේ ඉන්නකම්?
මේක මාර වැඩක්නේ. මේ මිනිස්සු කෝටි ගණන් හම්බ කළා. නීතිය අනුව හෝ අයථා විදියට. විමර්ශන අනුව හම්බ කලේ වැරදි ක්‍රමයකට නම්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නට උසාවියට ගිහින් කල් ගන්නවා නම්, මෙම පෙත්සම සතියකින් අසා මේ කම්බා හොරුන්ට ඉක්මණින්ම දඬුවම් කරන ක්‍රමවේදයක් ඇති කල යුතුය. රටේ නීතිය මේ මිනිස්සු විහිළුවක් කරගෙන වගේ...
කාට කාට හොඳක් වුනත් රටක නීතියට පිටින් ගිහිල්ලා විදේශ විනිමය අවභාවිතය කිරීම දිගුකාලීනව සිදුවුනොත් නීතියානුකූල රජයට පරිබාහිර මාෆියා පාලනයක් ඇතිවීම වැළක්විය නොහැකි වන අතර එයින් ගැලවීමටද අපහසු වියහැක. සෝමාලියා මුහුඳු කොල්ලකරුවන් ද ඔවුන්ගේ රටට විදේශ විනිමය ලබාදුන්නත් ඔවුන් තමන්ගේ රට ජ්යත්යන්තරව ත්‍රස්තවාදී රටක්ලෙස හංවඩු ගසාගෙන ඇත.