ආගමික නායකයන් හමුවන්න ජනපති නුවර යයි මතුව ඇති තත්ත්වය සමනය කරමින් ජන කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහනුවරදී ආගමික නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය. 07 March 2018
සංවිධානාත්මකව වෛරය වපුරන බව මානව හිමිකම් කොමිසම කියයි සංවිධාන ගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ ජන කොටස් අතර භීතිය, අසමගිය හා වෛරය පතුරුවනු ලබමින් සිටින බව නිරීක්ෂණය වන්නේයැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 07 March 2018
කඩාකප්පල්කාරීන්ගේ තොරතුරු ගන්න මධ්‍යස්ථානයක් ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කරගනිමින් කඩාකප්පල්කාරී ක්‍රීයාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්රීයාත්මක සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 March 2018
බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන්න - අගමැති උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරිම සඳහා සිංහල,දෙමල,මුස්ලිම් සියලු ජනකොටස් වලින් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. 07 March 2018
දිගන සිදුවීමට බුද්ධි අංශද වගකිව යුතුයි - චම්පික රණවක බුද්ධි අංශය නිසි අයුරින් ක්‍රියාත්මක වුවානම් දිගන සිදුවීම පදනම් කරගෙන ඇති වු කලහකාරී තත්වයන් වළක්වාගන්න හොඳටම ඉඩකඩ තිබු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය. 07 March 2018
රංගේ බණ්ඩාර සති දෙකකට පොලීසිය ඉල්ලයි ‘ප්‍රචණ්ඩකාරීන් මෙල්ල කිරීමට පොලීසියට නොහැකි නම් සති දෙකකට පොලීසිය මට භාර දෙන්න. නීතිය ක්‍රියාත්මක කරරන හැටි සතියක් ඇතුළත මම පෙන්වන්නම්‘ යැයි වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි අද (07) පැවසීය. 07 March 2018
ඇමරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවෙන් සංචාරක උපදේශන මහනුවර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමෙදී දැඩි අවධානයක් යොමු කරන ලෙසට දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය , බි්රතාන්යය සහ ඕස්ටේ්රලියාව යන රටවල් සිය වැසියන් වෙත සංචාරක උපදේශන නිකුත් කර ඇත. 07 March 2018
ජන නායකයින් කැඳවන්නයි කතානායකගෙන් ඉල්ලති අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක වලින් ආරම්භ වී ඇති තත්ත්වය රටපුරා ජනතාවට ඉමහත් බියක් ගෙනදිය හැකි බැවින් එය තවදුරත් ප්‍රචලිත නොවීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් සිවිල් සංවිධානවල නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට මැදිහත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කතානායක කරුජයසුරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය. 07 March 2018
පුංචි ඡන්දය කල් දැමීමට එරෙහිව ගොනුකළ පෙත්සම ඉවතට පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සහ එම මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු 7 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) ප්‍රතික්ෂේප කළේය. 07 March 2018
ඒකාබද්ධයේ යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා තැනැත්තා අගමැති ලෙස පිළිගන්නා ආකාරයටම විපක්ෂ නායකවරයාත් පිළිගන්නාලෙස ඒකාබද්ධ විපක්ෂය ස්ථාවර නියෝග (සංශෝධන) පනත සඳහා ගෙනා යොජනාවක් කතානායක කරුජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රතික්ෂේප කළේය.ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතිවු මතවාද මෙසේ වෙයි. 07 March 2018
මහනුවරට තවත් පැය 24ක් ඇඳිරිනීතිය හදිසි නීති රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයාට ලැබී ඇති බලතල පාවිච්චි කරමින් අද සවස හතරේ සිට හෙට සවස හතර වන තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. 07 March 2018
පොලිසියේ නිවාඩු අවලංගු කරයි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති නිසා සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 07 March 2018
මහනුවර ගැටුම පිටුපස සිටින අය ගැන රාජිත හෙළිකරයි මහනුවර ඇතිවු ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බව හෙළිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 07 March 2018
‘ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න එපා‘ හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි බුද්ධිමත්ව කල්පනා කර බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 07 March 2018
වට්ස් ඇප් - වයිබර් අවහිර කරයි ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය. 07 March 2018
පොහොර සහනාධාරය පෙර පරිදිම ගොවීන්ට පොහොර සහනාධාරය පෙර පරිදිම යළි ගොවින් වෙත දීමට රජය තීරණය කර තිබේ. රජය මේ තීරණය ගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ජාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුවයි. 07 March 2018
සුමංගල - රාහුල එක්දින තරගය කල් යයි මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. 07 March 2018
එක්සත් ජාතීන්ගේ අවධානය මහනුවර වෙතට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මෑන් තෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (09) දිවයිනට පැමිණිමට නියමිතය. 07 March 2018
ළදරුවන්ගේ හටනත් කල් දමයි මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර මේ මස 9 සහ 10 යන දින වලදී පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ 58 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය (ළදරුවන්ගේ හටන) දින නියමයකින් තොරව කල් දමා තිබේ. 07 March 2018
වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කරයි පොල් ඉඩම් කැබිලි කිරීම හේතුවෙන් පොල් වගාවට සිදුවෙමින් පවතින හානිය සැළකිල්ලට ගෙන විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන තුරු වයඹ පළාත් තුළ පොල් ඉඩම් කැබලි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට 07 March 2018
කන්ද උඩරට ‘නිල් මහ හටන’ කල් යයි මේ මස 9 සහ 10 යන දින වලදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව 07 March 2018
නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු අද (07) සිට වසා දමා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 07 March 2018
බිම් බෝම්බ ඉවත්කිරීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් ලෝකයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට ගමන් කොට තිබීම පිළිබඳව තමන් සතුටු වන බව බිම්බෝම්බ පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත 07 March 2018
සියලු සමාජජාල පාලනයට පියවර මුහුණු පොත ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. 07 March 2018
නුවරට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කළ හැරි බව පොලිස් මූලස්ථානය කියයි. 07 March 2018
මහනුවරට යළිත් ඇදීරි නීතිය මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපාන පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 07 March 2018
කසල උරයකින් මළ සිරුරක් හමුවෙයි කොළඹ අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ වෙළඳසලක් ඉදිරිපිට කසල දමන ලද කලු පාට උරයක තිබී පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් හමු වු බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 07 March 2018
වවුනියාවේ ගමක් මැද ටයර් පුළුස්සයි වවුනියාවේ පූන්තෝට්ටම් අන්නා නගර් හා මදීනා ගම්මානය අතර පිහිටි ආගමික ස්ථානයක් ඉදිරිපිට අද (7) අළුයම 2 ට පමණ කිසියම් පිරිසක් විසින් ටයරයක් පුළුස්සා යාම හේතුවෙන් ගම්වාසීන් දැඩි බියට පත්ව ඇති බව පවසති. 07 March 2018
හදිසි නීති ගැසට් පත්‍රය පිටවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට රජයේ මුද්‍රණාලයෙන් නිකුත් කර තිබේ. 07 March 2018
ජාතිය - ආගම පදනම්කරගනිමින් ගැටුම් ඇතිකරගැනීම විනාශයට හේතුවයි - මල්වතු අනුනාහිමිවරු කියති ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම සියලු ජාතීන්ගේ විනාශයට හේතු විය හැකි බවත් මේ මොහොතේ සැවොම ඒ බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක හිමිවරු පැවැසූහ. 06 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026