මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියනක ණය මුදලක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා අද (14) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් ඒ බව දැනුම් දී ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
චීනයේ ‘එක්සිම්’ බැංකුව මගින් අදාළ ණය මුදල ලබාදෙන අතර ඒ සඳහා අදාළ නෛතික හා පරිපාලන කටයුතු කඩිනම් කරන්නැයි ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයි එහි සඳහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා අතර හමුවේදී හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදි ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ කටයුතු කඩිනම් කරන්නැයි ද චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන කොලනියක් කරනවා කිව්ව අය කොහිද අනේ
අයියෝ ඉක්මනට මධ්‍යම අධිවේගය හදන්න. අපට මහනුවර පැයෙන් යන්න තවම කතා විතරයිනේ වැඩ නෑනේ මහින්ද හිටියානම් මෙලහකට මධ්‍යම අධිවේගය හැදිල අපි නුවර යනවා
ණය ගත්තට කමක් නැහැ. හැබැයි ගත්ත ණය ආපහු ගෙවන්න වෙනකොට දනවෝ කියා කෑ ගහන්ට නම් එපා.
දැන් මේ ණයට අතයට දිි්මනාව ඒක කොහොමද ඒක නැතිව ඔය ගොල්ලත් වැඩකට බහින්නේ නෑනේ දන්න අය අැහැ ගහගෙන ඉන්න..............
ලංකාවට හාල් 37%, ලූණූ 81%, ක් සීනි80%ක්, අල 60ක් පිටරටින් ගේන්නේ, තව මෙහේ හදන්න පුලුවන් ගොඩක් ගේනවා. අපනයන අාදායම ඩොලර් කෝටි 1000යි අානයන වියදම ඩොලර් කෝටි 2000යි එහෙම පරතරයක් තියාන ණය අරගෙන කොහොමද අාපහු ගෙවන්නේ. දැන් අවුරුදු 3ක් රටේ නියගය. හැබැයි පැත්තක ජලය මුහුදට අපතේ යනවා. නරකද හැම ජල බින්දුවක්ම හැම බිම් අඟලක්ම නිෂ්පාදනයට යොදාගන්න විදියක් බලන එක. එ්ක තමා රටක උඩට යන්න තියන පදනම. ඊටපස්සේ පුලුවන් මේවා කරන්න. හැමෝම කරන්නේ තමන්ගේ බඩ පිරෙන ජනතාවගේ අැස් රවටන මනදොල පිනවන වැඩ.
ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අපට අවාසි නැද්ද? මේ ගැන හොඳට අධ්‍යනය කරලා බලන්න අවශ්‍යයි. නැතුව චීනය කිව්ව පලියට මේක කල යුතු නැහැ.
ඔය සැරෙන් සැරේ ණය අරගෙන පාරවල් හදන එක කරදරයි නේ. එක සැරේ මුළු රටම සමතලා කරලා තාර දාන්න. එතකොට ඕන කෙනෙකුට රූන් ගාල ඕන වෙලාවක ඕන පැත්තකට ජොලියේ කාර් පදින්න පුළුවනි!
මේ අධිවේගි මාර්ග රටට අවශ්‍යමද ? ඊට වඩා හොද නැද්ද අපේ කැඩුනු වැව් ටික හදාගෙන රට බතින් බූලතින් ස්වයංපෝෂනය කරන ඒක ඊලගට රටට අතවශය භාන්ඩ නිශ්පාදනයට අවශය කර්මාන්ත ටික පටන් ගනිමු. එතකොට ලංකාව ආර්ථික අතින් ස්වයං පෝෂිතවෙයී. එතකොට බයක් නැතිව ණයක් අරගෙන අධිවේගි මාර්ග වෙළද මධයස්ථාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් වරායන් හදා ගන්න පුළුවන් වේවි. නැත්නම් මහින්ද ණය ගත්තත් රනිල් ණය ගත්තත් පහුවෙනිදා ඉදලා බදුබර අපේ කරටම තමයී.
පංචවිධ ප්‍රතිපත්තිය යටතේ ගරු ඇමතිතුමාගේ නායකත්වයෙන් තිරසාර සංවර්ධනය කරා යමු.....
මහත්වරුනේ, බිලියන,ට්‍රිලියන ගණනින් ණය ලබාගෙන අධිවේගී මාර්ග හදන්න කලින් ලංකාවේ සියලුම දුම්රිය මාර්ග නවීකරණය කර ක්‍රමවත් දුම්රිය සේවයක් ඇතිකරන්න හිතෙන්නේ නැත්ද? ඒවා නොහදන්නේ ඔබතුමන්ලාගේ අධිසුඛෝපභෝගී වාහන යන්න බැරි නිසාද?
චීන ගුණුඩුවක් තමා!
මොකද දන්නේ නැහැ කඩිනම් කරන්න කියනේ (තව අවු. එකහමාර හින්දා වෙන්නැති )