අජන්ත කුමාර අගලකඩ
බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අද (15) දහවල් අනුමැතිය ලබා දුන්නේය.
දැනට පවතින රුපියල් 10 අවම බස් ගාස්තුව වැඩි නොකිරිමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තටම සාධාරණ තීරණයක් , ඔය බස් ගාස්තුවත් අර ඉන්දන මිල සුත්‍රය සමඟ සම්බන්ධ කරන්න , අඩු වෙනකොට අඩු කරන්න වැඩි වෙනකොට වැඩි කරන්න..............
ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවන විටද වැඩිවන විටද වැඩිවන ලංකාවේ බස් ගාස්තුව පාලනය කරන්න ශක්‍රරයගේ පුතා වෛමටවත් බැහැ.
මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරනවා ඇරෙන්න වෙන සාධාරණ විකල්පයක් නෑනේ. ඒකට කමක් නෑ. සෑම බස් රථයකටම නියමිත ගාස්තුව ඇතුලත් වන විදියට ටිකට් පත් නිකුත් කිරීමේ නීතිය තදින්ම බලාත්මක කරවන්න.
මගීන්ගේ පහසුකම් ගැනද නීති ක්‍රියාත්මක වීම වැදගත්. පොල් පටවන්නාසේ සෙනග පැටවීම, අධික ශබ්දය ඇතිකරන කැසට් භාවිතය ආදී දේ ගැනද අවධානය යොමුවිය යුතුය.
අම්මෝ.... ඇති ඔතනින් බේරුනා.... ඇමති මණ්ඩලයට ඕව තේරෙන්නේ නෑ..... එයාලට මහා ජනයාගේ දුක දැනෙන්නේ නේ ඔක්කොම වාහන එයාලට ලැබෙනවා නේ.....
2015 තෙල් අඩුවෙනකොට අඩු නොවුන බස් ගාස්තුව දැන් තෙල් වැඩි උනාම වැඩි කරන එක කිසිම සාධාරණයක් නැහැ. හැමදාම අසරණ වෙන්නේ දුප්පත් ජනතාව.
අඩුවෙනකොට මොනවා උනත් වැඩිවන විටනම් බස්ගාස්තු වැඩිවේවි. මේ හැම වැඩිවීමක්ම වෙන්නේ පාලකයින්ගේ නොහැකියාව නිසා
හොඳටම මදි
අපිට ඔය බස් ගාස්තුව ගැන නොවෙයි ප්‍රශනය තියෙන්නේ. බස් සේවාව ගැන. කවදද මේ රටේ මිනිස්සුන්ට සුවපහසුව ගමන්කරන්න බස් සේවාවක් ආරම්භ කරන්නේ.අපි ඩබල් ගෙවල AC බස්වල හිටගෙන යනවා.ලොරි චැසි වලට සීට් සවිකර බස් කියා ශ්‍රිලංකාවේ ධාවනය කරන රථවාහන පිටරටකට යවන්න. සැබෑ බස්රථ ලංකාවට ගෙන්වන්න.
බස් ගාස්තුව අඩුම ගානේ 25% කින් වත් පඉහළ දමන්න ඕනා!!!!! මිනිස්සු අනවශ්‍ය ගමන් බිමන් යන එක නවතීනේ
බස් රථ වල තදබදය අඩු කිරීමට නම් බස් ගාස්තු ඉහල දැමිය යුතුයි. පරිසරය ආරක්ෂා කිරීමට තෙල් මිල ඉහළ දැම්ම වගේ
ගන්නන් ගන්න එපා 225 ක් අමාරුවන් ජීවත් වෙන්නේ. ඒ හින්ද කමක් නෑ.
ඔව් ඔව් තව වැඩි කරන්න......එතකොට මිනිස්සු බස් වල යන එක අඩුවෙයි
ඔව් ඔව්තව වැඩි කළයුතුයි අනවශ්‍ය මිනිස්සු බස්වල යන එක අඩු වෙයි එතකොට
ලෝකයේ අනෙක් රටවල පරිසර හිතකාමී ඉන්ධන පිරිමසින හයිබ්‍රිඩ් මෝටර් රථවලට බදු සහන දෙනකොට අපේ අර මුකුත්ම නොදන්නා ඇමතිතුමා ලක්ෂ 10 ක අමතර බද්ධක් ගැහුවා , එතුමාගේ තර්කය වුනේ මාර්ග තදබදය අඩු වෙනවා කියලා, එතුමා සිටියානම් බස් ගාස්තුව අනිවාර්යයෙන්ම 50% බස් තුල තිබෙන තදබදය අඩු කරන්න.