(කේ බුද්ධික කුමාරසිරි )
තමා විසින් පදවන ලද සුඛෝපභෝගී මෝටර් රථය තවත් මෝටර් රථ දෙකක ද ගැටී තවතුගොඩදී දිය වන්නා ඔයට පෙරැළීමෙන් පසු රථය අතහැර දමා පලා ගිය සිද්ධියේ නඩුව අද (15) යළි කැඳවූ අවස්ථාවේදී එම සිද්ධියේ සැකකරුට පොලිසිය ඉදිරිපත් කර තිබූ චෝදනා තුනක් සදහා රුපියල් හාර දහස් පන්සියයක දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මෙසේ නඩුව අවසන් වුයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු වන ෆාහිම් මොහොමඩ් හුසෙන් නමැත්තෙකුටය .
ඉකුත් මාර්තු මස 17 වන දින උදෑසන සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් වර්යේ මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් තවත් මෝටර් රථ දෙකක ද ගැටී තලවතුගොඩ මංසන්ධියේදී දිය වන්නා ඔයට පෙරැළිමෙන් පසු මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කල සැකකාර පුද්ගලයා පලා ගොස් තිබිණි.
පසුව එම සැකකරු ඉකුත් මාර්තු මස 20 වන දින කඩුවෙල අධිකරණයට භාර වීමෙන් පසු ඉකුත් මාර්තු මස 27 වන දික්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට එදින පැවැති නඩු විභාගයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබිණි.
ඒ අනුව අද කැඳවු නඩුවේදී සියලු කරුණු සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
4500/= දඩේ ගෙවාගන්න බැරුව මිනිහා දැන් කාර් එක උකස් කරලා ඇති. අනේ පව්. මිනිහා නෙවේ. මන් කිව්වේ අපි හොදටම පව්.
වගකීමකින් තොරව කටයුතු කරන පුද්ගලයින්ට එහෙම වැඩ නොකරන්න හොඳ පාඩමක් ඉගැන්වීම සඳහා මේවගේ දැවැන්ත දඩයක් නියම කල එක ගැන හරිම සන්තෝෂයි. කියලා වැඩක් ඇත්තෙම නෑ.
අනේ රන්ජන්, අනේ නාගානන්ද, අනේ සුගන්ධිකා ඔබ කියන දේ දවස ගානේ සත්‍ය වෙන හැටි දකින කොට ලොකු දුකක් ඇති වෙනවා අපේ අධිකරණ පද්ධතිය ගැන.
අනේ කියන්නකෝ කවුද කැබිනට් ඇමති කියල? අපට වැඩක් නෑ පලාගිය එක්කෙනාගේ නම .
පොලිස්සියට ඔයිට වඩා වියදම් කොරන්න ඇති
එතකොට අර 25 දාහේ දඩ එහෙම වදින්නේ මොන වගේ වරදවල් වලට ද දන්නේ නැහැ
මේ තක්කඩි ඇමතිගේ නම නොකියන්නේ ඇයි.
අම්මෝ විශාල දඩ මුදලක්..!!! දේශපාලනයට සම්බන්ද අයට එච්චර ගහන්න එපා පව්...
අනතුර සිද්දවුන වෙලාවේ රථය දමා පලා ගියේ මොහු අධික ලෙස බීමත්ව සිටි නිසා කියා මීට පෙර වාර්තා පළවුණා. මේ සියල්ලටම දඩුවම රුපියල් 4500. ශ්‍රී ලංකාවේ නීතියට සහ සදාචාරයට ජයවේවා .
ආයේ නම් කවදාවත් කිසම කෙනෙක් මේවගේ ඇක්සිඩන්ට් කරනේ එකක් නැහැ මේ ගහල තියෙන දඩවල ප්‍රමාණයට කොහොම ගෙවන්නද ? සුගන්දික කියන්නේ බොරු උසාවි දුෂිත නැහැ කියල මේවගේ නඩු වලින්ම පේනවනේ ,,,,කෙහෙළියගේ මදවියත් බයේ වෙව්ලනවා ඇති මේ තීන්දුවෙන් !! මෙන්න නඩුකාරයෝ ආදර්ශමත්!!
ආණ්ඩුවෙ එක්කෙනෙක් නිසා නමක් වත් දාන්නෑ. වැරදිලා ඒකාබද්ධෙ කෙනෙක් එහෙම උනානම් නමයි පින්තූරෙයි දෙකම දාලා.
ඉතින් මේවා කියවනකොට හිතෙනවා අර රන්ජන් කියපු කතාව කියල තිබෙන්නේ කට කහනවට නොවේ කියල ,