අනධ්‍යයන සේවකයන්ට සහාය දක්වන බව විධායක නිලධාරීහු කියති විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අරඹා ඇති වැඩ වර්ජනයට සහාය දක්වමින් තමන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් දයාල් අභයසිංහ මහතා කියයි. 05 March 2018
හෂිනි රත්නායකට රට යන්න අවසර තගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබු රුපියල් ලක්ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක සැකකාරිය වන හෂිනි අමේන්ද්‍ර රත්නායක මහත්මියට විදේශගත වීමට අවසර ලබාදුන් තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අධිකරණය බාරයේ තිබු ඇගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට අද (5) නියම කළාය. 05 March 2018
අට දහසක අල්ලසක් ගන්න ගිය එස්අයි කොටුවෙයි නඩුවකට අදාල වාහනයක් යළිත් හිමිකරුට මුදා හැරීම සඳහා රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට ගිය බව කියන මහබාගේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අද අත්අඩංගුවට ගනු ලැබීය. 05 March 2018
බන්ධනාගාර වෙඩි තැබීම ගැන අභියාචන නඩුව ඉවතට 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසි අධ්යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. 05 March 2018
නුවර පාසල් හෙට නිවාඩු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට (06) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. 05 March 2018
දිගන සිද්ධිය ගැන පරීක්ෂණයකට ජනපති උපදෙස් මහනුවර, දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ. 05 March 2018
නිමල්කා ඕ.එම්.පී කොමසාරිස් කළාට ඩයස්පෝරා විරෝධය ශ්‍රී ලංකාවේ වගවීම් හා සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව සියලූ ක්‍රියාමාර්ග ගත යුතු යැයි එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදය කියා සිටී. 05 March 2018
දරුවා මැරූ සැකකරු බ්‍රහස්පතින්දා පෙරට්ටුවට හලාවත ඉරණවිල දස හැවිරිදි පාසල් සිසුවා අපයෝජනය කර මරා දැමීයැයි අත්අඩංගුවට ගත් සැකකරු ලබන අට වැනි දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් ඩබ්ලිව් රඛිත පී අබේසිංහ මහතා නියෝග කළේය. 05 March 2018
යාලට කුණු දැමීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස් පළාත් පාලන ආයතනවලට අයත් කැළිකසල වනෝද්‍යානවලට මුදා හැරීම නවතාලීමට ස්ථීර වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නැයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇතැයි එම අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 05 March 2018
පොලිස් ඇමැති ලෙස ෆොන්සේකාගේ නම ජනපතිට යවයි අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 05 March 2018
රියදුරු බලපත්‍ර 50 ක් සොරා ගත් කත සහ සැමියා අත්අඩංගුවට බේරුවල පොලිසියේ රථ වාහන අංශය බාරව තිබු තාවකාලික රියදුරු බලපත්‍ර 50ක් සොරාගෙන එහි බලපත්‍ර විවිධ පුද්ගලයන්ට මුදලට විකිණු කලකට පෙර එම පොලිසියේ 05 March 2018
මහනුවරට පොලිස් ඇඳිරිනීතිය මහනුවර තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවූ කලහකාරී සිද්ධියකින් පසු මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව 05 March 2018
ඥාණසාර හිමිගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (5) නියෝග කළේය. 05 March 2018
සිමෙන්ති කොට්ටය රුපියල් 30 කින් ඉහළට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30 කින් වැඩි කර තිබේ. ඒ අනුව කිලෝ 50 ප්‍රමාණයේ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960 කි. 05 March 2018
සාලියවැව ජල පෝම්පාගාරයක් ගිනි ගනී සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබේ. 05 March 2018
රත්ගම විදුලිසැර වැදී සේවකයා මියයාම සම්බන්ධයෙන් 4 ක් රිමාන්ඩ් රත්ගම සිරිකඳුරවත්ත ප්‍රදේශයේ විදුලි රැහැන් අදිමින් සිටියදී විදුලිසැර වැදී සේවකයකු මිය යාම සම්බන්ධයෙන් සිටි සිව් දෙනෙක් මාර්තු 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් 05 March 2018
තඹුත්තේගම සිද්ධියේ ගොවීයන් ඇප මත මුදා හරී තඹුත්තේගම සිද්ධීයේ කළහකාරී ලෙස හැසුරුණු 49 දෙනෙක් අද (5) තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කළාය. 05 March 2018
‘ජාත්‍යන්තර විනිසුරුවරුන් යොදා මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු දිය යුතුයි’ ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගී කර ගනිමින් ශ්‍රී ලංකාව මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු ලබාදිය යුතු බව කැනඩාව යළි අවධාරණය කර තිබෙන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග පවසයි. 05 March 2018
ජාතික පාසල් වලට කළමනාකරුවෙක් ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිපිරිසක් සිටින ජාතික පාසල් සඳහා පාසල් කළමනාකාරවරයෙකු පත්කිරීමට යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත්වී තිබේ. 05 March 2018
ළමා නිවාසයේ දැරියන් අපයෝජනය කළ සේවකයා අත්අඩංගුවට හබරාදුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන ළමා නිවාසයක නේවාසික බාල වයස්කාර දැරියන් පස් දෙනෙක් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ සේවකයෙක් අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලිසිය පවසයි. 05 March 2018
නැගෙනහිර ගූථා වැසියෝ පලා යති සිරියානු රජයේ භට පිරිස් ආසන්න වීමත් සමඟ නැගෙනහිර ගූථා ප්‍රදේශයේ ජීවත් වූ සිවිල් වැසියන් දහස් ගණනක් ප්‍රදේශය අතහැර පලායමින් සිටින බව මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි. 04 March 2018
හොරෙන් තෙල් ඇද්ද 9ක් සැකපිට - බවුසරය මන්ත්‍රීවරයකුගේ වවුනියාව නගරයේ පිහිටි රජයේ ඉන්ධන ගබඩා සංකීර්ණයෙන් ඩීසල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන ලීටර 2800ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන ලිපිකරු ඇතුළු නවදෙනකු අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 04 March 2018
එජාප ප්‍රතිසංවිධානය ගැන වාර්තාව හෙට අගමැතිට එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හෙට(5) බාර දීමට නියමිතය. 04 March 2018
අන්තරේ ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි සයිටම් අර්බුදයේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (4) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කළ බව එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කියයි. 04 March 2018
පාසලක සිට මීටර 100ක් දුර දුම්වැටි විකිණීම තහනම් පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 04 March 2018
මහපොළ කප්පාදු කර නැහැ - ප්‍රතිපාදන කොමිසම මහපොළ හෝ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් සපුරා ඇති සියලූම සිසුන්ට හිමි එම ගෙවීම් කිසි ලෙසකින් කප්පාදු කර නැතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. 04 March 2018
රාජකීය - සා. තෝමස් නිල් මහ සටන දිනයකින් කල්යයි කොළඹ රාජකීය සහ ගස්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර ලබන බ්‍රහස්පතින්දා (8) ආරම්භ වීමට නියමිතව තිබූ 139 වැනි ‘නිල් මහ සටන‘ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දිනයකින් කල්දමා තිබේ. 04 March 2018
කුසලධම්ම හිමිට කොළඹ අගරදගුරුගෙන් අවසන් ගෞරව කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාල දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස විශාල පිරිසක් කොළඹ හත ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරයට පැමිණෙති. 04 March 2018
කෝටි 12ක් පාඩු කළ අයට නීතිය ක්‍රියාත්මක කරන්නලු 2017 වසරට අදාළ 7 ශේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් (කෘත්‍රිම) කඩදාසියේ මුද්‍රණය කරමින් රුපියල් ලක්ෂ 1290 කට අධික අලාභයක් කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. 04 March 2018
ඇරැව්වල නන්දිමිත්ර සමුගනියි රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්ර මහතා අද අභාවප්‍රාප්ත විය. 04 March 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026